IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පිලැන්ඩර් - ස්ටෙයින් ශි‍්‍රලංකාව අමාරුවේ දමති

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සෙන්චුරියන් හි ඊයේ (15) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම තේ පානයටත් පෙර ලකුණු 180 කට දවාගැනීමට වේග පන්දු යවන්නන් වන වර්නන් පිලැන්ඩර් (53/5) සහ ඬේල් ස්ටෙයින් (18/4) සමත් වූහ. පළමු දින කී‍්‍රඩාව නතර කරන විට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය. දිවා ආහාරයෙන් හෝරාවකට පමණ පසුව, කඩුලූ 4 කට ලකුණු 156 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවසන් කඩුලූ හයම ලකුණු 24 කදී බිඳ දැමීමට ස්ටෙයින් සහ පිලැන්ඩර් සමත් වූහ. ලකුණු 96 කට කඩුලු 4 ක් අහිමි වී සිටි ශී‍්‍ර ලංකා පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට තිලාන් සමරවීර (36) සහ ඇන්ජලෝ මැතිව්ස් (38) සමත් වූහ. එහෙත් තිලාන් සමරවීරගේ පිත්තේ පිටත දාරය යාන්තමින් සොයාගත් පිලැන්ඩර්ගේ පන්දුවක් කඩුලූ රකින මාක් බවුචර් අත පත්වීමත් සමගම පන්දු යවන්නා කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ඉවත දමන ලදි. කිසිදු පැකිලීමකින් තොරවම විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමය ඉල්ලා සිටි පිලැන්ඩර් පිට පිටම පන්දු දෙකකදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීය. සහායක පිතිකරුවන් නොමැතිවීමෙන් අසහනයට පත් ඇන්ජලෝ මැතිව්ස් හිතුවක්කාර පහරකින් දැවී යාමත් ශී‍්‍ර ලංකා ඉනිමේ අවසානයත් අතර පැවැතියේ ලකුණු 5 ක පරතරයක් පමණි. කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායක ගේ‍්‍රම් ස්මිත් මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කිරීමෙන් පසුව පළමු පන්දු හයට ප‍්‍රවේසමෙන් මුහුණ දුන් ඩිල්ෂාන් ඬේල් ස්ටෙයින්ගේ දෝලනය වූ පන්දුවට ගැසූ  ඕන් ඩ‍්‍රයිව් පහරින් ඉහළ ගිය පන්දුව වයිඞ් මිඞ්  ඕන් හි සිටි වර්නන් පිලැන්ඩර්ගේ අත පත්විය. ඩිල්ෂාන් ලකුණු 6 කට දැවී යාමත් සමගින් කුමාර් සංගක්කාර පිටියට පිවිසියද සංගක්කාර මුහුණ දුන්නේ පන්දු 3 කට පමණි. සංගක්කාරගේ පිත්තේ වැදුණු පන්දුව දෙවැනි ස්ලිප්හි සිටි ජැක් කලිස් සිය වම් පසට පනිමින් පහසුවෙන් රැකගත්තේය. පිට පිටම කඩුලූ දෙකක් දැවී යාමෙන් අසරණ වූ ශී‍්‍ර ලංකා පිලේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මහේල ජයවර්ධන සහ තරංග පරණවිතාන සමත් වූවද පරණවිතානගේ පිත්තත් පා ආවරණයත් අතර පරතරය සොයාගත් වර්නන් පිලැන්ඩර්, ලකුණු 32 ක් ලබා සිටි ආරම්භක පිතිකරුවා පිටියෙන් ඉවත් කළේය. ලෝකයේ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත සටහනේ පළමු ස්ථානයේ හිමිකරුවා වුවද ඬේල් ස්ටෙයින් සිය උපරිම වේගය ලබාගත්තේ ඉඳහිටය. එහෙත් වර්නන් පිලැන්ඩර් ඉතාමත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමීය. සිය 49 වැනි තරගයේදී සිය 250 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත් ඬේල් ස්ටෙයින් ටෙස්ට් කඩුලූ 250 කඩයමට කඩිනමින්ම අවතීර්ණ වූ පන්දු යවන්නන් අතුුරින් දෙවැනි වන්නේ ඩෙනිස් ලිලීට පමණි. ලිලී සිය 250 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේ 48 වැනි තරගයේදීය.



අදහස් (0)

පිලැන්ඩර් - ස්ටෙයින් ශි‍්‍රලංකාව අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 8 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 870 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2194 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 846 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 394 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 446 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1348 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 346 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site