
(අංජුල මහික වීරරත්න)
අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.
විපක්ෂ නායකවරයා මෙසේද කියයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු අප සතුව ඇති මහා සංස්කෘතික මංගල්‍යයකි.
සංස්කෘතික මංගල්‍යයක පදනම සැකසෙන්නේ ඒ තුළ දක්නට ලැබෙන ආධ්‍යාත්මික සදාචාරාත්මක සංස්කෘතික හා විනෝදාත්මක සාධක මත ය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද මේ සියලු සාධක තුළින් අපට මහා සම්ප්රදායක උරුමය ලබා දී තිබේ.
මෙම උරුමය සුරක්ෂිත කිරීම හා අනාගතය වෙනුවෙන් පවත්වා ගෙන යාම අපගේ වගකීම යි.
එවැනි උරුමයක ක්‍රියාවලියට සමාජය තුළ අවිනිශ්චිත හැඟීම් ඇතිවන ආකාරයට ක්‍රියා කිරීම හෝ එවැනි සංසිද්ධීන් නිවැරදි ව කළමනාකරණය කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එය අප සතු සංස්කෘතික උරුමයන් සුරැකීමට ආණ්ඩුව සතු වගකීම නොසලකා හැරීමකි. අවුරුදු නැකත් පත්‍රය පිළිබඳ ව මතු වූ ගැටලුව සඳහා ආණ්ඩුව මැදිහත් වූ ආකාරය තුළ අපේ සංස්කෘතියට සාරධර්ම පිළිබඳ දක්වන සැලකිල්ල ගැටලු සහගත බව පෙනේ.
අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම යි. ගෙවී යන වසර තුළ රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දුන් බව නොරහසකි. දැඩි ආර්ථික පීඩනය තුළ සමාජයේ සෑම මට්ටමක පිරිස් කටයුතු කරනුයේ මානසික සුවතාවයකින් නොවේ. එවැනි තත්ත්වයක් තුළ අවශ්‍ය වන්නේ කෙටි කාලීන විසඳුම් නොව දිගුකාලීන විසඳුම් තුළින් ජනතාව සවි බල ගැන්වීම යි. උදාවන නව වසර තුළ ඒ සඳහා වූ තිරසර වැඩපිළිවෙලකට අපි උපරිමයෙන් කැපවෙන බව සඳහන් කරමු.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපට නිහඩ ව කියාපාන සංහිඳියාව පිළිබඳ මහා පාඩම ගුරු කොට ගනිමින් ඒ සඳහා අපි කැපවෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැන් ඇත්ත කියන්න. දුලංජලිගේ හොර සල්ලි ප්‍රශ්නයට මහින්දට කතා කළාද? නැද්ද? ගම්මන්පිලගේ පොත බලන්න ගියාද? නැත්නම් ඒක AI ද?”
අළුත් අවුරුදු පනිවිඩයක් දියයුත්තේ පොදුවේ ජනතාවට සුභාශින්සනයක් දීමටය. එහෙත් ඔබ සුපුරුදු ලෙසම එම පනිවිඩයෙන්ද උත්සාහකරනුයේ රජයට අපහාස අවලාද නැගීමටය. ඔබ මොනවා කීවත් මෙවර පසුගිය වසරටත් වඩා ජනතාව සතුටින් අවුරුද්ද සමරනබව පෙනේ. ලෝක අර්බුධයක් හමුවේ වුවද අනික් බොහෝ රටවලටවඩා අපේ පාලකයින් ඉතාමත් සාර්ථකව ඊට විසඳුම් ලබාදුන්බව නොරහසකි. ජනතාව ඔබලාගේ පාලන සමයේ තරම් ආර්ථික පීඩනයකට ලක්වීනැත. එසේ පීඩනයකට ලක්වූයේනම් ඊට වගකිවයුත්තේද "අපි බංකොලොත්වූ රටක්" ලෙස ලෝකයටම හඬගාකිවූ හිටපු පාලකයින් නොවේද? එමනිසා රටේ පාලනය අපේක්ශාකරන්නේනම් පුරුදු කුහකත්වයා සහ බුද්ධියකින් තොරව
ඔබේ පක්ෂයේ හොරු තියාගෙන බලය ගන්න හදනවා. රජයේ ඉඩම් අල්ලගත්ත අය, පාද සටහන් කණ්ඩායමක් සහ දූෂිත පුද්ගලයන් ගණනාවක් ඔබේ කුඩය යටතට පත්වෙලා ඉන්නවා, ඔබ ඔවුන්ව ඉවත් කරලා අලුත් ලේ පොවලා දැම්මොත් ඔබ සාර්ථක වෙයි.
අපේනං නිවැරදි කරගන්න දෙයක් නෑ . පුලුවන්නං නුඹලාගේ පෙර සහ පසු ඔක්කෝම වැරදි නිවැරදි කරගනිල්ලා. හැබැයි බලයනම් දෙන්නේ නෑ, ඒක ෂුවර්...