දරු දැරියන් 850 දෙනෙකු පමණ උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන කුරුණෑගල මහව ගජනැග්ගම මහා විදුහලට වතුර පෙරන යන්ත‍්‍රයක් සවිකරදී බීමට පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි කුඩා ව්‍යාපෘතියක් පැරීසියේ වෙසෙන පින්වතුන් පිරිසක් පසුගියදා පරිත්‍යාග කළහ.
ඉහළ මට්ටමක සවි කළ ටැංකියකට භූගත ජලය රැගෙන විත් එයින් ගලා බසින ජලය පෙරණයක් හරහා වෙනත් ටැංකියක ගබඩා කොට එයට සවි කළ නළ මාර්ගයක් මගින් කරාම හතරකට සම්බන්ධ කොට පහසුවෙන් බීමට ලබා ගැනීමට හැකි ලෙස මෙම යන්ත්‍රය සවි කැරිණි. පැයකට ලීටර් 1500ක නිෂ්පාදන ධාරිතාවයක් ඇති මෙම ජල පෙරණය ලබාදීම පැරීසියේ මිතුරෝ පිරිසක් ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටයුතු කළහ. යන්ත‍්‍රයේ නඩත්තු බරපැන ද කටයුතු ඔවුන් විසින්ම දරුණු ඇත.
වර්ෂ 1959 දී තාවකාලික ගොඩනැගිල්ලක දරුවන් 6 දෙනෙකුගෙන් සමාගම් පාසැලක් ලෙස ආරම්භ කළ ඉහත පාසලේ මුල් ගුරුවරයා වුයේ එන්. බී ධර්මසිරි බලල්ල මහතාය. එය වර්ෂ 1961දී රජයේ ප‍්‍රාථමික පාසලක් බවට පත්විය. වර්ෂ 1974දී ගජනැග්ගම කනිෂ්ඨ විදුහලක් බවට පත් වෙමින් පළමු ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ විය.
අද 1 සිට 13 දක්වා පන්ති පවත්වමින් සිසුන් 850ක් පමණ ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම්, ඉගැන්වීම් කටයුතුවල යෙදෙමින් විභාග ප‍්‍රතිපල ඉහළ නංවමින් විෂය සමගාමි හා විෂය බාහිර කටයුතු විශිෂ්ට මට්ටමින් පවත්වා ගෙන යන හොඳ ගති පැවතුම් හා සදාචාර සම්පන්න ආදර්ශවත් දුදරුවන් පිරිසක් රටට දැයට දායාද කිරීමට උරදෙන පාසලකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පැරිස් මිතුරෝ බොන්න වතුර දෙති
මාලක Wednesday, 28 September 2016 08:08 AM
ඉතා හොඳ වැඩක් (නි)
අජිත් Monday, 26 September 2016 11:56 AM
පැරිසියේ ඉන්නේ කවදත් පිං කිරීමට කැමති පිරිස් .තව තවත් පින් කිරීමට දිරිය ලැබේවා . (ම)
නිමල් Monday, 26 September 2016 12:26 PM
ප්‍රංශයේ හිටපු ජනාධිපති ප්‍රන්ශුව මිතොරෝන්ගේ බිරිදත් අප්‍රිකාවේ වතුර නැති ගම් වලට වතුර ලබා දෙන ව්‍යාපෘතියක් කළා .අදටත් එය ක්‍රියාත්මක වෙනවා .පැරීසියේ මිතුරෝ ටිකත් ඒ ආදර්ශය ගන්න.පැරිසියෙන් හොඳ වැඩක් .(හේ)
රුචිර පැරිස් Monday, 03 October 2016 03:01 PM
පෙරේරා පැරිස් ඔය කියන්නේ පැරිස් වලට සෙනග අදින සුබ සාධනේ ද (බ)
චමින්ද Tuesday, 27 September 2016 09:36 AM
වතුරු දෙන්න පටන් ගත්තේ පැරිස් වල අපි දැන් හැමෝම වතුර දෙනවා එක හොදයි .අනික් අයට කොඩිවින නොකර ..(බ)
ගාමිණි Monday, 03 October 2016 03:04 PM
පැරිස් මිතුරෝ පිරිසක් වතුර බෙදයි ...තව මිතුරෝ පිරිසක් වතුර ඇදගෙන නායි ....(බ)
රොහාන් දයාදර පැරිස් Monday, 26 September 2016 02:23 PM
ඉතා හොද පිං සිදුවෙන කටයුත්තක් දායක වූ සැමටම පිං (බ)
බණ්ඩාර Thursday, 29 September 2016 09:06 AM
පැරිස් වල වතුර යටින් සෙනග ඇද්දේ අද ඊයේ නෙමෙයි ..වර්ණකුලසුරිය (බ)
සිල්වා පැරිස් Thursday, 29 September 2016 09:12 AM
වර්ණකුලසුරිය .. පැරිස් වල සෙනග ඇදලා සල්ලි බෙදාගන්න ගිහින් සංදර්ශනයකදී හෝල් එක ඇතුලේ රණ්ඩුවුනා මතකද . ? මමත් හිටියා එතන ..(බ)
වර්ණකුලසුරිය Tuesday, 27 September 2016 09:58 AM
ධර්මසිරි ඔබ හරි පැරිස් සංවිධාන උඩින් පින්කම් යටින්... සෙනග අදිනාවේ (අ).
අශෝක් Monday, 26 September 2016 03:25 PM
අගය කළයුතු වැඩක්. ඔබතුමාට ගොඩක් පිං. (නි)
කුසුම්සිරි Friday, 30 September 2016 02:10 PM
මොනතරම් හොඳ දෙයක්ද? (නි)
ප්‍රසන්න Friday, 30 September 2016 02:14 PM
ජයවේවා ඔබ සැමට! (නි)
කිත්සිරි Friday, 30 September 2016 02:18 PM
පින් සිදුවෙන වැඩ මේවා (නි)
පෙරේරා පැරිස් Thursday, 29 September 2016 11:20 AM
බණ්ඩාර ..සිල්වා පැරිස් ..දර්මසිරි ...චමින්ද ..වර්ණකුලසුරිය ..... සමාජසේවා සංවිදාන හදන්නේ නිකන් නෙමෙයි. කාගේ කාගේත් සුබසාදනයට... (ර)
සුරංග Thursday, 29 September 2016 11:22 AM
බොහොම පින් ඇති වැඩක්. (ර)
සුනිල් Thursday, 29 September 2016 11:25 AM
පැරිස් මිතුරන්ට ගොඩාක් පින්... (ර)
ප්‍රනාන්දු පැරිස් Thursday, 29 September 2016 01:19 PM
කන්න දීපු අත හපාකන හතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න (නි)
යසපාල Friday, 30 September 2016 07:52 PM
බොහොම හොඳයි (නි)
ගුණවංස Thursday, 29 September 2016 01:48 PM
පෙරේරා පැරිස් ..ඔයා කියන්නේ ඔය කාගේ සුබසාධනේ ද ?? (බ)
ධර්මසිරි Monday, 26 September 2016 10:11 PM
පැරීසියේ කට්ටිය පිංකම් වලට බැහැලා වගේ. බොහොම හොඳයි (නි)
රන්ජිත් Thursday, 29 September 2016 01:52 PM
බොන්න දිය බිදක් සපයපු මිතුරනි පැරිස් ඔබට පින් (බ)
පිරිස් Tuesday, 27 September 2016 05:04 PM
වර්ණකුලසුරිය, ඔයා නියමයි