IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න

(අංජුල මහික වීරරත්න)

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මීට මාසයකට පමණ පෙර අපි පළමු අයවැය සම්මත කළා,

එමගින් අධ්‍යාපනයට, සෞඛ්‍යට, ජනතා සුභසාධනයට, යටිතල පහසුකම්වලට, පොදු ප්‍රවාහනයට මේ හැමදේටම සියලුම පළාත් පාලන ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. නමුත් ඒ මුදල් බුද්ධිමත්ව වියදම් කළ යුතුයි.

ඒ සඳහා දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතනවලටත් අවශ්‍යයි. ඒ නිසා මෙවර මැතිවරණයෙන් දුෂණ වංචා වලින් තොර ජනතාව වෙනුවෙන් කැපවෙන පිරිසක් අපි තෝරාගත යුතුයි. 2024 මේ රටේ ජනතාව රට වෙනුවෙන් තීරණය ගත්තා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. යළිත් වතාවක් ගම වෙනුවෙන් කල්පනාකාරීව තීරණයක් ගන්න අවස්ථාවක් ජනතාවට මැයි 6 වන දින එළඹෙන බව හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.



අදහස් (4)

පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න

Seyed Friday, 11 April 2025 10:44 PM

හොර උපාධි දාරීන්ගෙන් පිරිච්ච පිරිසිදු පුංචි ආණ්ඩු...

:       0       0

upul Saturday, 12 April 2025 06:16 PM

ඔක්කොම එපාද ? පරදින බව ෂුවර් ?

:       0       4

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 13 April 2025 08:14 AM

පුංචි ආණ්ඩු හදන්න කලින්, නමට හරි ඉන්න පිරිමියෙක් හොයාගෙන, පුංචි පවුලක් හදල හිටපන්, තව ගැනියක් සහේට තියාගෙන ඉන්නේ නැතිව !

:       0       2

Udul Thursday, 17 April 2025 09:57 AM

සූ ගාලා සෙනග...!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 819 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site