
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ බවත් එය නීති රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ ක්‍රියාවක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මුදල් ගෙවීම් කිරීමේදී නියමිත තැනැත්තාට මම මුදල් ගෙවූ බවට තහවුරු කරගත යුතු වූවද එසේ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මෙම රුපියල් කෝටි අටකට වැඩි මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2023 වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2023 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ගෙවීම් කරන්නේ චෙක්පත් වලින්, එතකොට ඒවා බැංකුව මඟින් තමයි සල්ලි වෙන්නේ. ඉතින් බැංකුවෙන් කාටද සල්ලි ගියේ කියලා තහවුරු කරගන්න පුළුවන්.