IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පැරණි නැවක සුන්බුන් හලාවතින්

පෘතුගීසි යුගයට හෝ ලන්දේසි මුල් යුගයට අයත් පැරණි නැවක සුන්බුන් හලාවත සින්නපාඩුව ආසන්න අලි කකුල් ගල නමින් හඳුන්වන ස්ථානයකින් සොයාගත් බව ගාල්ල සමුද්‍ර පුරා විද්‍යා ඒකකයේ පර්යේෂකයෝ පවසති. වෙරළේ සිට කිලෝ මීටර දෙකක් පමණ ඈතින්  මීටර නමයක් පමණ ගැඹුරෙහි මෙම  ස්ථානය පිහිටියේය. . එමෙන්ම 2006 දී සින්න පාඩුවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන 2009 දි ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ තැන්පත් කැරැණු  තඹ කාලතුවක්කුව නිසා මේ සුන්බුන් සොයා ගත හැකිවිය, එහි ප‍්‍රමාණය, හැඩය සහ සංයුතිය අනුව එය කවර වකවානුවකට අයත්වේදැයි නිගමනය කළ හැකි වෙතියි පුරා විද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා කියයි.පැරණි පෘතුගීසි සහ  ඕලන්ද ලේඛණ පරීක්ෂා කැර ගිළීගිය නෞකාව පිළිබඳ තොරුතුරු සොයා බැලීමට උත්සාහ ගන්නා බවත් ඔහු පවසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් සිල්වා මහතාගේ මග පෙන්වීමෙන් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් සමුද්‍ර පුරා විද්‍යාඥ ඒ.එම්.ඒ.දයානන්ද මහතා සහ රුක්ෂාන් පි‍්‍රයංගන, සමීර කරුණාරත්න ඉන්දික උපුල්, මහින්ද කරුණාරත්න, රුවන් අසංක, කසුන් වීරසේකර, චමල් ගමගේ යන මහත්වරු සහ නදීකා කුමාරි මෙනවිය ද මෙම ගවේෂණයට සහභාගී වූහ. මුහුදු පත්ලෙන් හමුවූ නැංගුරම අලි කකුල් ගල ලෙස හඳුන්වන්නේ මේ හැඩය හේතුවෙනි අලි කකුල් ගල ලෙස හඳුන්වන්නේ මේ හැඩය හේතුවෙනි ගවේෂණ කණ්ඩායමෙන් කොටසක් මුහුදු පත්ලේ කිමිදී ගොඩට ආ ගවේෂකයෝ ගල් පුවරුව මුහුදු පත්ලේ දර්ශනයක්



අදහස් (0)

පැරණි නැවක සුන්බුන් හලාවතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site