නිරූපණ ශිල්පිනියක් හා රූපවාහිනී වෙළඳ දැන්වීම් හරහා ඔබට සමීප ටනාෂා මේ දිනවල ජනප්‍රිය වෙලා ඉන්නේ රිදී තිරය හරහා. ඒ මේ දිනවල තිරගත වන නලීන් රාජපක්ෂගේ "රන් දේදුන්නක්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් සමඟ. හදසර මේ කතා බහ සිනමාවට පෑයූ රැවැත්තිය ටනාෂා හතරසිංහ සමඟ.
රන් දේදුන්නක් චිත‍්‍රපටය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ටිකක් බයෙන් හිටියේ මේ මගේ පළමු සිනමා රංගනය නිසා. නමුත් මම හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය බලපු කලා ක්ෂේත්‍රයේ අයගෙන් වගේම ප්‍රේක්ෂකයින්ගෙන්.
මේ අවස්ථාව ඔබට ලැබුණේ කොහොමද?
රොෂාන් අයියා තමයි රන් දේදුන්නක් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ නලීන් රාජපක්ෂ අයියාට මාව හඳුන්වලා දුන්නේ. ඒ හරහා තමා මට මේ අවස්ථාව ලැබුණේ.
අද මොකද හිතෙන්නේ ඒ ගැන?
මම ඇත්තටම වාසනාවන්තයි කියලා හිතෙනවා. මොකද පළමු චිත්‍රපටයෙන්ම මට ප්‍රධාන චරිතයක් ලැබුණේ. ඒ වගේම මම අසාවෙන් හිටපු චරිතයක් මට කරන්න ලැබුණෙත්. ඉතින් ඇත්තටම සතුටුයි ඒ ගැන හිතද්දීත්.
අපි පාසැල් කාලය ගැනත් මතක් කරමු
ඔව්, මම සාමාන්‍ය පෙළ දක්වා ගියේ කොල්ලුපිටියේ සෙන් ඇන්තනීස් විද්‍යාලයට ඊට පස්සේ උසස් පෙළ දක්වා නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට ගියා.
පවුලේ විස්තර?
මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනයි අම්මයි තාත්තයි මමයි තමා පවුලේ ඉන්නේ. මගේ අම්මා තමා මගේ හෙවනැල්ල වගේ මගෙත් එක්කම ඉන්නේ.
පාසැල් කාලෙත් කලාවට සම්බන්ධයිද?
එහෙම ලොකුවට මම පාසැලේ කලා කටයුතුවලට නම් සම්බන්ධවෙලා නැහැ. නමුත් පාසැල් කාලෙදිත් මම වෙළඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා හිටියා.
ටනාෂා නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට අාෙව් කොහොමද?
මම දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි තැන ලබාගත්තා. ඊට පස්සේ තමයි මම මිස් ග්ලෝබ් තරගයට ඉදිරිපත් වුණෙත්. ඒ අතරවාරයේදී රූපවාහිනී දැන්වීම් මෙන්ම මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. එහෙම තමා ආරම්භය.
ගෙදරින් කැමැති වුණාද නිරූපණ ක්ෂේත්‍රයට එනවට?
ඔව් ගෙදරින් කැමැත්තක් තිබ්බා. මගෙත් පුංචි කාලේ ඉඳන් කැමැත්ත තිබ්බේ නිරූපණ ක්ෂේත්‍රයට නිසා. ගෙදරින් මට උපරිම සහයෝගය ලබාදුන්නා.
මුල්ම රංගනය පුංචි තිරයට නේද?
ඔව්, මම දෙරණ නාලිකාවෙන්ම කරපු "තිමිරගිර" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා.
වැඩිපුර කැමති සිනමාවටද? පුංචි තිරයටද?
සිනමාවට තමා වැඩිපුර කැමති.
රංගනය නිසා නිරූපණය අත්හරියිද?
නැහැ. මම සිනමා රංගනයට වගේම නිරූපණයටත් කැමැතියි. ඒ නිසා මේ රංගනය වගේම නිරූපණ කටයුතුත් දිගටම කරනවා.
ඔබේ ඉදිරි නිර්මාණ මොනවාද?
මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තය’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ රඟපෑවා. මේ චිත්‍රපටවල නම් වැඩ කටයුතු අවසන් ඉදිරියේදී තිරගතවෙයි.
ඒ හැරැණාම අලුත් නිර්මාණ ලැබුණාද?
ඔව් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතර එක නිර්මාණයක නම් රූගත කිරීම් ළඟදීම ආරම්භ වෙන්න තියෙනවා.
කොහොමද ටනාෂා චරිත තෝරා ගන්නේ?
මුලින්ම මම පිටපත තමා බලන්නේ. ඒ අනුව නිකම්ම තිරයේ දකින පෙම්වතියකට එහා ගිය, යමක් කරන්නට පුළුවන් චරිතයක් නම් මම භාර ගන්නවා.
කට කතා ගැන අදහස?
අපි ඉන්න ක්ෂේත්‍රය ගැන අපි මොකක්ද කරන්නේ සහ කළයුතු මොකක් ද කියලා හරි හැටි අවබෝධයකින් කරනවා නම්, කට කතා ගැන ඒ තරම් හිතන්න ඕනේ නැහැ. මොකද අපි දැන ගන්න ඕනේ ඕනෙම ක්ෂේත්‍රයක ඉන්න.
කොහොමද රොෂාන්ගෙන් ලැබුණු සහයෝගය?
ගොඩක් හොඳ සහයෝගයක් ලැබුණා. රොෂාන් කියන්නේ සිනමාවේ අත්දැකීම් බහුල කෙනෙක්. ඉතින් මට එයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබ්බා. මට පෙම් ජවනිකා කරන්න තිබ්බේ රොෂාන් එක්ක. ඉතින් නිර්මාණය ලස්සන වෙන්න කරන්න ඕනේ ගොඩක් දේවල් කතා කරන්න ඕනේ විදිය එහෙම කියලා දුන්නා.
තිරයේදී පෙම්වතා ගැන කිව්වා වගේම සැබෑ ජීවිතේ පෙම්වතා ගැනත් කියමු
හ්ම්ම් මම ඉදිරියේ දවසක කියන්නම්
එයා කලා ක්ෂේත්‍රයේම කෙනෙක්ද?
හ්ම්... ඒ ගැනත් පස්සේ කියන්නම්කෝ
අනාගත බලාපොරොත්තු?
සිනමාවෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. මට ඕනේ ටනාෂා හතරසිංහ කියන නමට මේ ක්ෂේත්‍රයන් තුළ ස්ථාවරත්වයක් හදාගන්න.
අවසාන වශයෙන් කියන්න යමක් ඇති?
ඔව්, විශේෂයෙන්ම මම හදසර අවස්ථාවක් කරගන්නවා ස්තූතීවන්ත වෙන්න නලීන් රාජපක්ෂ අයියා ඇතුළු මා එක්ක රංගන දායකත්වය ලබා දුන් සියලු දෙනාට සහ මට මේ තරම් දුර එන්න සහය ලබා දුන්නු මගේ පවුලේ සියලු දෙනාටම.
නීෂා
සේයාරූ - සුමුදු හේවාපතිරණ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පෙම් ජවනිකා Hit වුණේ රොෂාන් දුන්න support එකෙන්