(පාලිත ආරියවංශ )
පානදුර වළාන දූෂණ මර්ධන අංශයට අනියුක්තව සේවය කළ 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල ජගුල්ල පිහිටි සිය නිවස තුළදීම පිහියකින් ගෙළ කපා සිරුරට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
මෙසේ ඝතනය කර ඇත්තේ ඇත්තේ චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රෙස්කර නමැත්තියකි . සැකකරු ඇගේ නිවස ආසන්යේ තිබෙන ඌව කැටවල තේ වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙක් බවද පොලිසීය සදහන් කරයි .
ඝාතනයට ලක් වු තරුණිය නිවාඩු ලබා ගෙදර පැමිණ සිටියදී අසල්වැසි හිතවත් නිවසක දානයකට සහභාගී වී ඇති අතර ඇති අතර ඇය සිය පෙම්වතාට යැයි පවසා කෑම පාර්සලයක්ද රැගෙන පැමිණ ඇතැයි විමර්ශන වලින් හෙළි වී තිබේ.
ඇගේ නිවසේ කිසිවෙක් නොමැති බව දැන ඇයට නිවසට යන ලෙසට උපදෙස් දී ඇති බවත් ඉන්පසු එම නිවසට ගිය සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .
නිවස තුළින් ගින්නක් පැතිරයනු දුටු අසල්වැසියන් වසා තිබු දොරකඩා ඇතුල්වී බැලීමේදි මේ අපරාධය දැක පොලිසියට දැනුම් දී තිබේ.
මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වෙද්දි ඝාතනයට යොදාගත් බවට සැක කරන ලේ තැවරණු පිහිය ඇද යට තිබි සොයාගෙන ඇති අතර තවත් පිහියක් නිවසින් පිටත තිබී හමු වී තිබේ.
සැකයක් මත මෙම ඝාතනය සිදු කළ බවට ඇගේ පෙම්වතා යැයි පවසන සැකකාර තරුණයා පොලීසියට පවසා ඇතැයිද පොලීසිය සඳහන්ය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හාලි ඇල පොලීසිය පරීක්ෂණ පවත්වයි.





2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙම්වතිය ඝාතනය කර ගිනි තියයි