IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට

වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය. කටාර් හි ලුසයිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන්  මහා තරගයේ දී පැනල්ටි පහර 4-2 කින් ප්‍රංශය පරදවා ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.

තරගයේ නියමිත කාලය නිමා වනවිට දෙපිලම ගෝල දෙක බැගින් රැස් කරගෙන සිටි අතර අතිරේක විනාඩි තිහේදී ද දෙපිලම තවත් ගෝලය බැගින් රැස් කිරීමට සමත් වීම නිසා තරගයේ තීරණය පැනල්ටි පහර මත තීරණය කිරීමට සිදුවිය. මෙහිදී පැනල්ටි පහර 4-2 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනාව සමත් විය.

තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආර්ජන්ටිනාව තරගයේ පළමු ගෝලය  23 වැනි විනාඩියේ දී වාර්තා කළේය.  දඬුවම් පහරක් මගින් එම ගෝලය රැස් කිරීමට මෙසී සමත් විය. එයින් පසු 36 වැනි විනාඩියේ දී ඩි මාරියා තවත් ගෝලයක් රැස් කරමින් 2-0 ක් ලෙස කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට සමත් විය.

දෙවැනි අර්ධයේ දී ප්‍රංශය  වැඩි ජවයකින් ක්‍රීඩාවට අවතීරණ වුවද ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා යන ලකුණු දැක ගත හැකි විය. එහෙත් ප්‍රංශය 80 වැනි විනාඩියේ දී එම්බාපේ එල්ල කළ දඬුවම් පහරකින් පළමු ගෝලය ලබා ගත් අතර 81 වැනි විනාඩියේ දී එම්බාපේ විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගය සම කරන්නට සමත් විය.

අතිරේක කාලයේ දී තරගයේ 109 වැනි මිනිත්තුවේ දී ලියොනල් මෙසී තවත් ගෝලයක් වාර්තා කළ අතර එය ආර්ජන්ටිනා ජයග්‍රහණය තහවුරු කරන ගෝලය වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළද කිලියන් එම්බාපේ අතිරේක කාලය නිමා වීමට විනාඩි දෙකක් තිබියදී එනම් 118 වැනි විනාඩියේ දී තවත් දඬුවම් පහරක් සර්ථක කරගෙන තරගය පැනල්ටි පහරවලින් තීරණය ලබා ගන්නා එකක් බවට පත් කළේය.

තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා - එන්සෝ ෆර්නැන්ඩස් ( ආර්ජන්ටිනාව)

තරගාවලියේ හොඳම ගෝල් රකින්නා - එමිලියානෝ මාටිනස් ( ආර්ජන්ටිනාව)

 තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ( ගෝල්ඩන් බූට් සම්මානය) ගෝල 8 යි -  කිලියන් එම්බාපේ ( ප්‍රංශය)

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා (ගෝල්ඩන් බෝල් සම්මානය)  - ලියොනල් මෙසී ( ආර්ජන්ටිනාව)

 

(ඡායාරූප - ෆිෆා ට්විටර් ගිණුමෙනි) 



අදහස් (3)

පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට

iks chandrasiri Monday, 19 December 2022 02:09 AM

මෙසී නිසාම ආර්ජන්ටිනාවේ ජය බලාපොරොත්තු වුණා. ප්‍රංශය හොඳට සෙල්ලම් කළා. ජයවේවා ආජන්ටිනා.

:       1       17

ගෝල් රකින්නා Monday, 19 December 2022 01:07 PM

ඕස්ට්‍රේලියාවේදී තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා "නයිට්-ක්ලබ්" කප් එක අපිත් ගත්තේ ලෝකෙටම පේන්නම...

:       0       2

Santhu Monday, 19 December 2022 04:28 PM

වසර 36ක් පාපන්දු ලෝකයේ කිරුළ නොලැබුනද, ලෝක පතල ආර්ඡෙන්ටිනාවේ මැරඩෝනා නාමය, වසර 36 කට පසුව කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඡයග්‍රහනය වෙනු වෙන් සුබ පැතුම්!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site