ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි.‘ටොයෝටා ෆන් වී 2’ ඉතාමත් සුවිශේෂී මෝටර් රථයකි. ස්පර්ශක, සංවේදක සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හිමිකරුගේ උපදෙස් මත, මඟ සොයා ගෙන තනිවම ගමන් කිරීමට මෙම මෝටර් රථයට හැකියාව ලැබේ.අධි සුඛෝපබෝගී, පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි ඇතුළත ස්පර්ශක තිරවලින් සමන්විතය. එම ස්පර්ශක තිර නිර්මාණය වන්නේ පරිගණක තිර කිහිපයකිනි. ඒ අනුව මෝටර් රථයේ ගමන් කරද්දී චිත‍්‍රපට නැරැුඹීමට, සිංදු ඇසීමට මෙන්ම අන්තර්ජාලයට පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ.‘ටොයෝටා ෆන් වී 2’ රථයේ ඇති විශේෂත්වය නම් එහි පිටත පෙනුම තමන්ට කැමැති වර්ණයකට හෝ රටාවකට අනුව වෙනස් කිරීමට ද හැකිවීමය. පිටත ආවරණය ද පරිගණක තිරයකට සමාන වන අතර මෝටර් රථයේ ඉදිරිපස හෝ පිටුපස වීදුරු නැත. ‘ටොයෝටා ෆන් වී 2’ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, වෙළෙඳ පොළට හඳුන්වාදීමේදී එය ඉතා මිල අධික මෝටර් රථයක් වනු ඇති බවත් ටොයෝටා සමාගම පවසයි.

2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙනුම වෙනස් කරන ටොයෝටා කාර් එක