මැණික් මිලදී ගැනීමට එන මුවාවෙන් මහරගම මැණික් ව්‍යාපාරිකයකු හෝටලයට ගෙන්වාගෙන පොලිස් හැඳුනුම්පත් පෙන්වා රුපියල් කෝටි තුනක මැණික් ගල් හයක් පැහැර ගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
මැණික් ගල් රැගෙන හෝටලයට ගිය ව්‍යාපාරිකයා මැණික් ගල් පරීක්ෂා කිරීමට යැයි කියමින් හෝටලයේ කාමරයකට කැඳවාගෙන ගොස් ඇති බවත්, එහි නාන කාමරයේ සැඟවී සිටි කොල්ලකරුවන් පැමිණි පොලිසියේ යැයි කියමින් බුත්තල විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ හැඳුනුම්පතක් පෙන්වා මැණික් කොල්ල කා ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් අපරාධ වර්තා කොට්ඨාසයේ සේවය කරමින් සිටිය දී 2012 පොලිසියෙන් පහ කැරුණු කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැන්නූ කොස්තාපල් තුන් කෝටියක මැණික් පන්නයි
කුමාරි Wednesday, 13 August 2014 01:42 PM
පොලිස් වැඩක්.(අ)
සුගුනවති Wednesday, 13 August 2014 01:53 PM
මෙන්න මේවගේ අයට තමයි අපි කොස්සෝ කියන්නේ (අ)
සරත් Thursday, 14 August 2014 04:56 AM
දැන් ලංකාව සූරාකෑම් වල පාරාදීසයක් වෙලා (නි)
කුමාර් Wednesday, 13 August 2014 01:53 PM
මෙයාල නිකන් කපුරුහාමිල වගේ හිටියට අවස්ථාව ලැබුනගමන් එයාලත් කරන්නේ ඒ ටිකම තමයි. දැන් කිසි කෙනෙක් විශ්වාස කරන්න බෑ.(අ)
සුගුනවති Wednesday, 13 August 2014 02:05 PM
කුමාරි අක්කේ, කව්ද අනේ කපුරුහාමි කියන්නේ? මමනම් අදමයි ඇහුවේ ඒ නම (අ)
සත්‍යයා Wednesday, 13 August 2014 02:10 PM
අපි පොඩි කාලේ පොඩි කමට "හොරා පොලිස්" කියල සෙල්ලම්මක් කළා. දැන් පොලිසියේ අය මේ සෙල්ලම ඇත්තටම කරනවා. හැබයි නිකම් නොවෙයි සල්ලි, රත්තරන් හා මැණික් වලට. අනේ රටට ගිය කල. (අ)
දිලිප් Thursday, 14 August 2014 05:34 AM
පොලිසියෙන් ගොඩක් වෙලාවට වැඩ තහනම් වෙන්නේ හරියට රැකියාව කරන අයගෙනේ. ඊටපස්සේ ජීවත්වෙන්න විදියක් නැතුව මෙවැනි දේ කරනවා (නි)
සත්‍යයා Wednesday, 13 August 2014 03:49 PM
අපි පොඩි කාලේ පොඩිකමට "හොරා පොලිස්" කියලා සෙල්ලමක් කළා. දැන් පොලිසියේ අය මේ සෙල්ලම ඇත්තටම කරනවා. හැබැයි නිකම් නොවෙයි. සල්ලි, රත්තරන් හා මැණික් වලට. අනේ රටට ගිය කල. (නි)
නෙහාරා Wednesday, 13 August 2014 12:14 PM
කොහොමද පුංචි පොලිස් මොළේ? (නි)
ඉසුරන්දි Wednesday, 13 August 2014 01:03 PM
පුළුවන් තරම් ගේම් දෙන්නේ පොලිසියෙන් හමුදාවෙන් පැන්න අයියල තමයි.(අ)