බි‍්‍රතාන්‍යයේ ”අයිලේ ඔෆ් මෑන්” දුපතේදී මෙ 7 වැනිදා ආරම්භ වන දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් (වයස 18න් පහළ) කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලබන සඳුදා සිට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සංචාරක නිල ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 28 දෙනෙක් හා නිලධාරීහු හත්දෙනෙක් ඇතුළත් වෙති. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යති.
කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද කී‍්‍රඩා උළෙල නැරඹීම සඳහා එහි යාමට නියමිතය. වසර 2018 දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරක රාජ්‍යවීමේ අපේක්‍ෂාවෙන් මේ වනවිට ලංසු තබා තිබෙන ශ්‍රී ලංකාව මෙම යොවුන් ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලේ සංවිධාන කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා 10 දෙනකුගෙන් සමන්විත නිලධාරීන්ගේ කණ්ඩායමක් සහභාගි කරවන බව ද වාර්තා වේ.
මලල කී‍්‍රඩිකා අක්ෂානා මුතුබාසිනී මාලෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි. කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස සංචාරයට රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා එක්වෙයි. ඔහු ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිවරයෙකි.
මලල කී‍්‍රඩා, බැඞ්මින්ටන්, ජිම්නාස්ටික්, රග්බි හා පිහිනුම් යන කී‍්‍රඩා ඉසව් ”පහකින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය නියෝජනය කරයි.
මෙම තරග සංචාරයේදී නිල ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් සඳහා නවාතැන් හා ආහාරපාන සත්කාරක රාජ්‍ය විසින් දරන අතර ගුවන් ප‍්‍රවේශපත‍්‍ර වියදම් දරන්නේ කී‍්‍රඩා අමාත්‍යාංශය විසිනි.
ගියවර ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පැවැති පළමු යොවුන් පොදුරද මඬුලූ කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් (3) දිනාදීමට මලල කී‍්‍රඩක ෂෙහාන් අඹේපිටිය සමත්විය.
ඔහු ඕවර 100, මීටර 200 යන පිරිමි ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනාගත් අතර මීටර් 100-4 (පිරිමි) රන් පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළේය.
එංගලන්තයේ ”ලිවර්පුල්” නගරයේ සිට පැයක බෝට්ටු ගමනකින් පසු බි‍්‍රතාන්‍යයට අයත් මෙම ”අයිලේ ඔෆ් මෑන්” නමැති සංචාරක පාරාදීසය අයත්වන මෙම කුඩා පතට ළඟාවිය හැකිය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නිල ඇඳුම් අනුග‍්‍රහය ලබාදී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව විසිනි.
දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මලල කී‍්‍රඩා-ලහිරු ප‍්‍රසන්නජිත්, සුපුන් විරාජ්, ෂිවන්ති කුමාරි, නිමේෂා සිරිවර්ධන, ආක්ෂණා මාරලන්ද හා මලංක පි‍්‍රයන්ත්.
2025 නොවැම්බර් මස 17
100
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
940
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට ශ්‍රී ලංකාව සූදානම්