IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පද්මෙ ඝණ්ඨාරේ කිලෝමීටර 18ක් දුරට ඇසේ

ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය  ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන් විහාරය අසල ස්ථාපිත කැරිණි. ශ්‍රී පාද පද්මය පිහිටියේ එතැන සිට කිලෝමීටර හතරක් ඈතිනි. තඹවලින් මේ ඝණ්ඨාරය නිර්මාණය කිරීමට රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වැය විය. බෙන්ගමුවේ ධම්මදින්න ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද සීනුව පිහිටැවීමෙන් අනතුරුව ඇමෙරිකා දානපතිනිය එය මුල්වරට නාද කළාය. සීනුවේ නාදය කිලෝමීටර 18ක් දුරට ඇසේ.  බර කිලෝ 2500කි. උස අඩි හයකි. විශ්කම්භය අඩි පහකි.



අදහස් (0)

පද්මෙ ඝණ්ඨාරේ කිලෝමීටර 18ක් දුරට ඇසේ

රොබර්ට් Thursday, 08 March 2012 08:36 AM

මේ රවී මහත්තයෝ, ලංකාවේ ඉතිහාසය මට කවුරුත් උගන්නන්න ඕනේ නෑ. ලංකාවේ වැව් බැන්දේ, දාගැබ් හැදුවේ රජවරු. සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අනිත් එක ඒවා කලේ රටේ ප්‍රශ්න විසඳලා මිසක්, දැන් ඉන්න පාලකයෝ වගේ පිටරටින් ණයට කකා පුරාජේරුවට නෙවෙයි. අනිත් එක මේ ඝන්ටාරය හදන්නේ, එතෙන්ට ගෙනියන්නේ මේක භාර දුන්න කොම්පැනිය මිසක් මෙතුමිය කරේ තියාගෙන නෙවෙයි. බන්ඩාර ඇහැලේපොල මහත්තයෝ, පිනට ගරහලා පව් කාරයෙක් වෙනවනම්, මේ රටේ ජනතාවගේ සල්ලි හොරකම් කරන, කප්පම් ගන්න, මිනිස්සු මරණ, දේශපාලකයෝ ඔය යහතින් ඉන්නේ. ඒ අයට නායක හමුදුරුවරුම චරිත සහතික දෙන්නේ. මට විතරක් පව්!! සිංහලයා, මම නම් මෝඩකම ප්‍රදර්ශනය කලේ නෑ, ඒත් දානයේ උතුම්කම තියෙන්නේ චේතනාවේ මිසක් වටිනාකමේ නෙමෙයි. එහෙනම් ඉතින් සල්ලි කාරයන්ට විතරයි වැඩිය පින් කරන්න පුළුවන්, මොකද දානයට ලොකු ගානක් දුන්නම ගොඩක් පිං. අනේ අනිච්චන්, මුන්නැහැගේ දැනුම!! තිලින, මම කිව්වේ පන්සල් පල්ලි හදන්න ඕන නෑ කියන එක නෙමෙයි, කරන්න වැඩ තියෙද්දී බොරු වැඩ කරන එකට. අනිත් එක බුදුන්වහන්සේගේ ප්‍රාර්ථනය සියලු සත්වයෝ නිදුක් වෙත්වා, එහෙනම් සත්වයන් දුකෙන් මුදවන එක තමයි කල යුත්තේ.

:       0       0

රොබර්ට් Tuesday, 06 March 2012 11:50 AM

මොනවද මේ කරන විකාර වැඩ. හරියට දේශපාලකයෝ වගේනේ. බුදුන් පෙන්නපු මාර්ගේ ගමන් කරනවා මිසක් මේ වගේ වැඩ කරලා මොනවද හම්බ වෙන්නේ. මං දැක්ක ඊයේ පත්තරේ තියෙනවා පොඩි දරුවෙකුට අක්මා බද්ධයක් කරන්න පිටරට ගෙනියන්න ලක්ෂ 70 ක් ඉල්ලා. ජීවිත කීයක් බේර ගන්න පුල්වන්ද මේ නාස්ති කරපු සල්ලි වලින්.

:       6       0

තිලක් - නුවර Tuesday, 06 March 2012 12:12 PM

මේක හොද වැඩක්. කවුද කියන්නේ විකාර වැඩක් කියලා..

:       0       3

මංඡුල ලෙබනන් සිට Tuesday, 06 March 2012 12:22 PM

චෛත්ය, විහර , ලෙන්, පිලිම, මෙවැනිදේ අපේ උරුමයන් වී නොතිබුනානමි අපට මොනවද තියෙන්නෙ ගස් ගල් විතරද. රටක මතු පරපුරකට මෙවැනි දේත් තිබිය යුතුයි. රැපියල් 1000, 2000, මිණි මරන, අහිංසක ඡනතාවගේ කප්පන් ගන්න දේශපලුවො ඉන්න රටක. මෙ විදෙශික කාන්තාවගෙ ක්‍රියාව උතුමි කොට සැලකිය යුතුයි,

:       0       8

හසිත Tuesday, 06 March 2012 12:28 PM

මේ ගණ්ඨා නද බුදු සමිදුන්ට කෙරෙන උතුම් පුජාවක් වේවා...

:       0       6

සෝෂල් Tuesday, 06 March 2012 12:29 PM

තවකෙනෙක් දකින අකාරය වෙනස් විය හැක

:       0       0

රවී Tuesday, 06 March 2012 12:31 PM

මං හිතන්නෙ රොබර්ට් මහත්තය බුදුන් පෙන්නපු මාර්ගෙ යන කෙනෙක් වෙන්න ඇති. අපේ රටේ තියන සිරිපා පතුල අපිට අගේ නැති වුනාට පිටරට අයට ගොඩක් වටිනව.ඒක වෙන්න ඇති එතුමිය ඒවගේ උතුම් දෙයක් කරන්න ඇත්තෙ. ඒක කරන්න ඇත්තෙ මොන තරම් භක්තියකින්ද ? ඒ ඝන්ටාරය එතෙන්ට ගෙනියන්න කොපමන මහන්සියක් ගන්න ඇද්ද? ඒකෙ හඩ කිලෝ මීටර් 18ක් දුරට ඇහෙනකොට කොයි තරම් ලස්සන ඇද්ද? ඕක තව අවුරැදු දහස් ගනනක් ඔය නාදය පතුරැවමින් ඔතන තියෙයි නේද ? එතකොට ඉස්සර රජවරු ‍සාගර තරම් වැව් බැන්දෙ....අහස උසට දාගැබ් බැන්දෙ මොකටද කියල පුලුවන්නම් අර රොබට් මහත්තයට කියල දෙන්නකො කවුරුහරි.....

:       0       9

සැම්සන් සිල්වා Tuesday, 06 March 2012 12:40 PM

රොබර්ට් හරියට හරි,මේක විකාර වැඩ කරන රටක්, දැක්ක නේද දැයට කිරුළ, කාටද කියන්නේ

:       2       0

CP Tuesday, 06 March 2012 12:48 PM

ධනාත්මකව හිතන්න. මේක යහපත් වැඩක්..

:       0       2

ශාන් Tuesday, 06 March 2012 12:51 PM

බොරු වැඩ..

:       2       0

බන්ඩාර ඇහැලේපොල Tuesday, 06 March 2012 12:59 PM

ප්‍රේතවත්තු වල තියෙනවා ඔය පිනට ගරහපු ඇත්තන්ට මොකද වෙන්නෙ කියල. අද කෝටි ගනන් දීලා වාහන ගන්න මිනිස්සු ඉන්න කාලේ මේ පින්වත් මහත්මිය කරගත්තු පින එසේ මෙසේ පිනක්ද මේ බුදුරජාණන් වහන්සේ උදෙසාමනේ සමහර කාලකන්නි මිනිස්සු ඉතින් පිනට ගරහලා මහා පව් සිද්ද කර ගන්නවා රොබට්ලාවගේ.

:       0       7

තිලංක Tuesday, 06 March 2012 01:04 PM

රොබට් කියන විදිහට මෙරට පන්සල් පල්ලි වලට කරන වියදම් අපරාදෙ. එහෙම නෙවෙයි. මේවත් කරන්න ඕන..

:       0       4

තිලින Tuesday, 06 March 2012 01:09 PM

රොබට් මම සියයට සියයක්ම එකගයි ඔබ එක්ක. දැන් කාලේ හන්දියක් ගානෙ බිදු පිලිම හදලා බුදු රජානන් වහන්සේට තියෙන ගෞරවෙත් නැති වෙලා. කී දෙනෙක්ගෙ ප්‍රශ්න විසදන්න තිබෙන සල්ලිද මේ.

:       10       5

සිංහලයා Tuesday, 06 March 2012 01:51 PM

මෝඩ කම තිබුණාට ප්‍රදර්ශනය නොකර ඉන්නවානම් ලොකු දෙයක්. ආගම, අධ්‍යත්මය ගැන දන්න තරම තමයි ඔය. දීම,දානය කියන්නෙ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි!!! මෙය මහඟු ආමිස පූජාවකි!!! සාධු සාධු සාධු!!!

:       0       7

ඉරෝෂන් Tuesday, 06 March 2012 02:10 PM

අනිත් මිනිස්සු ‍කරන හොද වැඩවලටත් ගරහන සමහර පව්කාරයොත් මේ ලෝකේ ඉන්නවා. කරන්නෙත් නෑ. කරන කෙනාට කරන්න දෙන්නෙත් නෑ.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site