IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාතාලයා සේප්පුවක කෑලිත් වළ දාලා

රත්නපුරයේ මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර ඝාතනය ඇතුළු ඝාතන පහළොවකට සම්බන්ධ බව කියන  සුගත් චමින්ද  හෙවත්  පාලම්කඩ හීනා හෙවත් හීන් මල්ලී කාලයක සිට කිරිල්ලවල සුහද මාවතේ ඔහුගේ නැගණියගේ නිවසේ ජීවත් වු  බවට පොලීසිය සැක කරයි.

මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කළ පසුගිය 13 වැනි දා ඔහු එහි පැමිණ ඇති බවටද පොලීසියට  තොරතුරු ලැබී ඇත.

මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන පතුරොම් තුවක්කුවද  , පතුරොම් විස්සක් ද ,කොල්ල කෑ යතුරු පැදියක් ද ,පසුගිය ජනවාරි 8 වැනිදා  තිස්සමහාරාම චීන සමාගමකින් කොල්ල කෑ සේප්පුවක කොටස් ද කඩවත කිරිල්ලවල  සුහද මාවතේ නිවසකින්  රත්නපුර පොලීසිය අද (12) ගොඩ ගත්තේය.

පාලම්කඩ හීනා විසින් කොල්ලයක් සඳහා කුලියට ගන්නා ලදැයි  කියන මෝටර් රියක් ද   කොළඹට නුදුරු ස්ථානයකින්  අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.

මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු හීනා විසින්ම මෙම භාණ්ඩ වළ දමන්නට ඇතැයි ද ඔහුගේ නඩු හබ වලට අදාල ලියැවිලි රැසක් ද ගොඩ ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.

කිරිල්ලවල ටික දවසක් ගත කළ හීනා බේරුවලට හා අම්පාරට ද ගොස් හික්කඩුවටද පැමිණි බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.පොලීසිය යන විට ඔහුගේ නැගණිය හෝ වෙනත් කිසිවකු නිවසේ සිටියේ නැත.හීනා පසුගිය 11 වැනිදා පොලිසි වෙඩ් පහරින් මිය යන විටත් ඔහුගේ නැගණිය හා ඇගේ සැමියා නිවස අතහැර ගොස් ඇති බව කඩවත පොලීසියට තොරතුරු ලැබී ඇත.

ඡායාරූප ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

පාතාලයා සේප්පුවක කෑලිත් වළ දාලා

ලකී Wednesday, 12 March 2014 11:47 PM

මේ තරම් ලොකු පාතාලයෙක් පාවිච්ච් කරන්නේ පතොරම් තුවක්කුද? (නදී)

:       0       0

සත්‍යයා Thursday, 13 March 2014 06:56 AM

රට ගමන් කරන්නේ ඉදිරියට නම්, ඒ රටේ අපරාධකාරී උප සංස්කෘතියක ට ඉඩක් නැත. ගරාවැටුන පාලන ක්‍රමයක් විසින් වපුරන්නේ යමක්ද, ඒ ක්‍රමයේ අවජාතක දරුවන් නෙලන්නේ ඝාතන නමැති අස්වැන්නයි. (අ)

:       0       0

පිටිගල Thursday, 13 March 2014 08:12 AM

මෙයට අනුග්‍රහය දැක්වූ උත්තමයන් ගැන සොයා බලන්න. අනිවාර්යයෙන්ම මෙය කාගේ හරි බොඩි ගාඩ් කෙනෙක්. (අ)

:       0       0

තරාක Thursday, 13 March 2014 08:17 AM

පාතාලයට සම්බන්ද පුද්ගලයන් නීතිය හමුවට ගේන්න ඕනේ (අ)

:       0       0

ධම්ම Thursday, 13 March 2014 09:15 AM

කවුද මේ අත්වැසුම්වත් නොමැතිව මේවා අතපත ගාන කට්ටිය? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site