IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදේශයන් හි සිට මෙරට  පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන  පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම  සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ  කටයුතු  ආරම්භ කර ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ව්‍යාපාර  මුලික කරගෙන   පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බවද  ඔහු පෙන්වා දුන්නේය.

පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය  උපදේශක කාරක  සභා රැස්වීමේදීය.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව  දෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්  කාරක සභාවේදී දීර්ඝව  සාකච්ඡා කෙරිණ.   එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්  මන්ත්‍රීවරුන්ට අැති  තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය  කරමින් අවසන් වාර්තා සකස් කරමින්  පසුවන බවත්  කාරක සභා සභාපති මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී  පැවසීය

තක්සේරු වාර්තා ලැබීමෙන් පසු  මන්ත්‍රීවරැන්ට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන්  කටයුතු කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (9)

පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි

karolis Tuesday, 25 February 2025 12:20 AM

අර පෝය දෙකෙන් ඉවර කරනවා කිව්ව කොළඹට වෙලා හිටපු රණවිරුවාගේ පන්තියට ගිහින් බැලුවේ නැතෙයි

:       3       13

Rajun de Silva Tuesday, 25 February 2025 05:20 AM

මම ජීවත් වන දේශයත් මේ වගේ මත්ද්‍රව්‍ය, පාතාල මර්දන වැඩ ක්‍රියාකාරකම් සාර්ථකව කරනවා. එකම වෙනස තමයි පොලීසිය කියව කියව ඉන්නෙ නෑ. සමහර වෙලාවට ගේම ඉවර වුණාට පස්සෙ තමයි මිනිස්සු දන්නේ.

:       0       27

pj Tuesday, 25 February 2025 07:08 AM

අළුතින් පාතාලයට යොමුවිම 100% ක් නවත්වන්න. මේ විදිහට ගියහොත් පාර්ළිමේන්තුවේදි ඇමතිලා කරන පිලිකුල් සහගත ප්‍රකාශ සහ කෙප්පවලට තිත තැබිම සදහාත් නව පාතාලයක් නුදුරේදිම බිහිවනු ඇත.

:       4       14

අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 09:26 AM

පාතාලයෝ මර්ධනය කරන විට පාතාලයන් වගේම උන්ව නඩත්තු කෙරුව දේශපාලකයෝයි උන්ගෙන් යැපුණ සුනක රාලලයි බොහොම කළබලයට හා වියරුවට පත්වෙලා කියලා පෙනනවා. කොහොමටත් චිත්‍රපටයේ අවසාන ජවනිකාව බොහොම උණුසුම් වෙනවා කියලා අපි දන්නවා.

:       1       11

Asanga Tuesday, 25 February 2025 09:29 AM

අනේ මන්දා මෙයත් අර 159 වගේම තමා අරක කරනවා මේක කරනවා කිය කිය බයිලා ගානවා කිසිම වඩක් වෙන්නේ නත. අනිත් උන් ටික පච කිය කිය යනවා.

:       9       5

Malika Tuesday, 25 February 2025 09:44 AM

කරන්නට පෙර කීයවීම පළමුව නවත්වන්න. කරලා පෙන්වන්න. ඔය කියන හැටියට ඔය අපරාධකරයෝ ගෙනත් නඩු අහලා කුඩු කරලා ඇප පිට නිදහස් කරාවී නැත්නම් නිදොස් කොට නිදහස් කරාවී. ඊට හොඳා ගේන කොටම නඩුයි බඩුයි ඉවර වෙන ක්‍රමයක් හදන්න. එතකොට පතාලය ඉවර වෙයි.

:       1       15

P gamageThursday, 27 February 2025 09:48 AM

කියවන්න එපා. කරන්න. පුරවැසියා ඉන්නේ ප්‍රථිපල බලාපොරොත්තුවෙන්. කියව කියව ඉන්නකොට, ප්‍රතිවාදීන් කරලා ඉවරයි හලෝල..

:       0       0

Lalla Tuesday, 25 February 2025 11:04 AM

අයියෝ ඔය වැඩ බලන කෑල්ල හලාගන්න බැරුව මොන පාතාල මර්දනයද?ලංකාවේ පොලිස්පති කමට ගැලපෙන සුදුසුකම් තියෙන කෙනෙක් නැතිද?

:       1       3

kamal Koyrala Tuesday, 25 February 2025 12:08 PM

ආරක්ෂාව ඉල්ලන මන්ත්‍රීවරුන් ඇති තර්ජන මොනවද ?ප්‍රමුකතාවය තිබිය යුත්තේ පොදු මහ ජනයාටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site