පිටි පටවන ලොරියකින් රැගෙන ගිය අවුරුදු තුනක ඇත් පැටවා පින්වල ඇත්අතුරු සෙවණට භාර දී සැකකරුවන් අගෝස්තු 27 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (14) නියෝග කළේය.
පොලිසිය නොමග යවමින් අවුරුදු තුනක ඇත් පැටවකු පිටි පටවන ලොරියකින් රැගෙන යද්දි පසුගිය 12 වැනිදා මාතලේ බලකඩුවේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අලි පැටියා අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිටි ලොරියෙන් අලි පැටියා ගෙන ගිය දෙදෙනා රිමාන්ඩ්
උපුල් Thursday, 14 August 2014 10:29 AM
අලිපැටියා ටික දවසකින් හරක් පැටියෙක් වෙයි (නදී)
වසන්ත Thursday, 14 August 2014 10:38 AM
මේ අලි පැටියාගේ නියම අයිතිකරුව අත් අඩංගුවට ගන්නේ නැත්තේ අැයි? අවශ්‍ය තැන්වල හිල්? (නදී)
පිටබැද්දර ජයා Thursday, 14 August 2014 10:42 AM
කොස්ගහට මෝල්ගහෙන් ඇන්න වගේ මම මේ ටික කිවේ එදාම නේද ? මහා එව්වො පැත්තක මේ කොස් ඇට මියෝ දෙන්න පවු ගෙවනවා (නදී)
ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 10:42 AM
අලිපැටියා ගෙන ගියාට රිමාන්ඩ් කර ඇති දෙදෙනා රියදුරු සහ සහායක වෙන්න ඇති. මහ මුදලිවරු රිමාන්ඩ් කරයි කියලා තමයි බය (නදී)
කමල් Thursday, 14 August 2014 10:51 AM
දැක්කා නේද අපේ දක්ෂ පොලීසිය. පොලීසිය නොමඟ යවමින් අලි පැටියා ගෙනයන්න හැදූ සැකකරුවන් ඇල්ලුවා. (නි)
දයා අළහකෝන් Thursday, 14 August 2014 10:59 AM
මෙහි මහ මොළකරුවන්ගේ නම් ගම් අපිට දැනගන්න ලැබෙන්නේ කවදාද? (නි)
දයා අලහාකෝන් Friday, 15 August 2014 10:17 AM
අල්ලපු පොලිස් මහත්තුරුන්ට ලගදීම මාරු ලැබෙයි (නදී)
උපාලි Friday, 15 August 2014 12:10 AM
කමල්, අපේ පොලිසියට මගෙත් උපහාරය! දරුණු සැකකරුවෝ හිතන්න ඇති පොලිසියත් එක්ක සෙල්ලම් කරන්න. ඒවා කොහෙද? (නි)
චමින්ද Thursday, 14 August 2014 11:21 AM
එතකොට අලි පැටියාගේ අයිතිකාරයට මොකුත් ප්‍රශ්නයක් නැද්ද ......? (දී)
ඇසළ Thursday, 14 August 2014 11:35 AM
එදා වේල කන්න රැකියාව කරන අහිංසක ලොරි රියදුරයි සහයකයි රිමාන්ඩ්. (දී)
තිලා Friday, 15 August 2014 03:49 AM
ඔය රිමාන්ඩ් කරපු දෙන්නව බරපතල වැඩ සහිත ජීවිතාන්ත නිවාඩුවකට යැව්ව නම් මේ වගේ දේවල් වෙන එක අඩුකරගන්න තිබ්බා. මොකද සල්ලිවලට උනත් ජීවිතේටම හිරේ යන්න මිනිස්සු ඉන්නවා නම් ඉන්නේ අතලොස්සක් නිසා. එ්ටිකත් අඩු උනහම මේ වගේ දේවල් කරන්න මිනිස්සු ඉදිරිපත් වෙන එකක් නෑ. (නදී)
සජීව Thursday, 14 August 2014 12:19 PM
එතකොට මෙතන මහ මොළකාරයා අල්ලාගන්නේ නැද්ද? (නි)
රූපවතී Friday, 15 August 2014 04:27 AM
පව් අහිංසක අලි පැටියට අම්මත් නැති උනා. ඒ අසරනයව ඔය තත්වෙට ඇදල දැම්ම හැම කෙනාටම ශාපවේවා. (නදී)
චමින්ද Friday, 15 August 2014 04:38 AM
තිලා,ඔයා කියන දේවල් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. කවුරු,කී කාලයකට ඇතුලට ගියත්,ඒ අඩුව පුරවන්න කඩේ යන්න, ඕන තරම් කට්ටිය හොයා ගන්න අවශ්‍ය අයට පුළුවන්. (නදී)
පද්මිනී Friday, 15 August 2014 05:38 AM
අලි පැටියා කළුතරටලු යන්න හිටියේ. (නදී)