IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුංචි ඡන්දයේ වියදම කෝටි 400ක්

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මේ වසරේ ජූනි මාසයේ පමණ පැවැත්වෙනු ඇතැයි කලින් අපේක්ෂා කර තිබූ හෙයින් ඒ සඳහා රුපියල් කෝටි 350ක පමණ වියදමක් සැලසුම් කර තිබූ නමුත් මැතිවරණය පෙබරවාරි දක්වා කල් ගිය බැවින් රජයේ සේවකයින්ගේ අතිකාල දීමනා ආදිය ලබන ජනවාරියේ සිට වැඩිවීම ආදී කරුණු හේතුවෙන් එසේ වියදම ඉහළ යනු ඇතැයි ද ඒ මහතා කීය.



අදහස් (11)

පුංචි ඡන්දයේ වියදම කෝටි 400ක්

රවින් Monday, 04 December 2017 11:35 AM

අපොයි !! අපොයි!!, මේ සල්ලි වලට බලු කපුටු දානේ දුන්නා නම්? සුනඛයින් දෙවෙනි දවසේ නකුට වනමින්, කපුටන් කාක් කියමින් ඉඳීවි. අපේ අපලේ ටිකක් හරි අඩුවෙයි. මේ ගොල්ලෝ පත්වුණු දවසේ ඉඳලා අපිට තමයි නකුට වනන්න වෙන්නේ. කාක් කියන්න වෙන්නේ. අපිට අන්තිම අපල කාලයක් උදාවෙන්නේ....

:       150       29

dabareMonday, 04 December 2017 11:26 PM

අනේ කලින් ඔයා හිටියේ සුරපුරයකද? කලිනුත් මීට එහා. කලින් හිටපු දේහපාලඥයෝ සහ කටු ලෙවකාපු නිලධාරි පැලැන්තිය නම් හිටියේ සුර අසුර පුරවර වගේ තමයි. මහජනතාව නම් නවුරු ආවත් තමන් හම්බකරගත් දෙයකින් බදු ගෙවලා ඉතිරියෙන් වේල පිරිමහා ගන්නවා විතරයි. ඔය දෙගොල්ලොම එකයි. හොරකම් කරන්නෙත් ඒවා වහන්නෙත් එකට සිටගෙනයි.

:       0       0

Shehan Monday, 04 December 2017 12:30 PM

අනේ කෝටි 4000 ක් ගියත් ප්‍රශ්නයක් නැහැ. අපේ එකම අරමුණ යහපාලනය පරාජය කිරීමයි.

:       212       328

MuhaMonday, 04 December 2017 12:55 PM

මේ ඡන්දෙන් රජය පරාද ක‍රන්න බැහැනේ. එ්කට 2020 වෙනකම් ඉන්න වෙනවා.

:       1       4

Upali Monday, 04 December 2017 12:39 PM

රට සංවර්ධනය කරන්න තියෙන සල්ලි බිලියන 4 ක් වියදම් කරලා හොරා කන්න සෙට් එකක් හදනවා. අයියෝ සල්ලි !!!

:       8       105

chanaka Monday, 04 December 2017 12:48 PM

ඡන්දය දිනයේදී මේ රටේ ජනතාව පෙන්වයි.... කවුද නියම හොරු ටික කියලා.

:       0       1

manoj Monday, 04 December 2017 12:44 PM

දුප්පත් මිනිසුන්ගෙන් හූරගන්න බදු සල්ලි තමයි නැතුව දියවන්නාවේ ඉන්න අය ගෙදරින් ගේන ඒවා නෙමෙයි නේ.

:       0       8

chuda maanikke Monday, 04 December 2017 12:50 PM

රටට ආදරය කරන හැම කෙනෙක්ම හොරුන්ට දඬුවම් කල යුතුයි.

:       0       1

laksman Monday, 04 December 2017 12:52 PM

ඡන්දෙන් පත්වන අයගේ වසර හතරේ නඩත්තුව කීයද? සහ ඡන්ද දායකයින්ට ලැබෙන ප්‍රතිලාභ කීයද කියන්නකෝ ...?

:       0       0

sunil Monday, 04 December 2017 01:58 PM

ප්‍රශ්නයක් නැහැ. රාජගිරියේ බිල්ඩිමට එක දවසින් ගෙවන්න අනුමත කරපු ගාණට වඩා මේක අඩුයිනේ !!

:       0       1

himal Tuesday, 05 December 2017 05:24 AM

මේ වියදම් යන්නේ රජයේ සේවකයින්ගේ, ඒ කියන්නේ ඡන්ද රාජකාරිවල නියුතු සේවකයින්ගේ දීමනා, ප්‍රවාහන වියදම්, මුද්‍රණ ගාස්තු ආදී දේවලට. වියදම කියලා හීල්ලුවට මේවා තවත් පිරිසකගේ ආදායම්. මේවට හූල්ලලා, අතිකාල වියදම හොඳට සාක්කුවේ දා ගන්නවා.

:       2       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site