IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුංචි කුඩු මුදලාලියෙක් හොරණින් අත්අඩංගුවට

හොරණ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ හෙරොයින් මත් කුඩු විකුණමින් සිටි සිල්ලර කඩ හිමියෙක් පානදුර වලාන දූෂණ මර්දන මෙහෙයුම් ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

කුඩු පැකට්ටුව රුපියල් 500 ගණනේ අලෙවි කර ඇති ඔහුගේ ඉලක්කය පාසල් සිසුන් බව ද, මිලි ග්‍රෑම් දහසකට වැඩි හෙරොයින් සොයා ගත් බව ද පොලිසිය පවසයි.

ඔහුගෙන් කුඩු ගන්නට ආ 20 හැවිරිදි තරුණයකු කඩ තුනක හිමිකරුවකු බවත්, ඔහු දිනකට රුපියල් දහසක කුඩු මිලට ගන්නා බවත් පොලිසිය කියයි.

කුඩුවලට මීපාසානම්, සමර වැනි ද්‍රව්‍යයද එකතු කරන්නන් බොහෝ සිටිතියි කියති.

 



අදහස් (0)

පුංචි කුඩු මුදලාලියෙක් හොරණින් අත්අඩංගුවට

සේරම් පැරිස් Tuesday, 07 October 2014 10:54 AM

මෙහෙම පොඩියට කුඩු විකුණලා තමා මහා පරිමානයේ කුඩු මුදලාලිලා වන්නේ, ගෙන්වන අය වන්නේ. එහෙත් සැකය සැමදාම අල්ලන කුඩු වලට මොකද වෙන්නේ‍? (නි)

:       0       0

දිනෙල්ක‍ා Tuesday, 07 October 2014 11:42 AM

ප්‍රසිද්ධ පාසල් අතර කුඩු පමණක් නොවෙයි, විවිධාකාර ජාවාරම් කෙරෙනවා (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 07 October 2014 11:56 AM

ප්‍රසිද්ධ පාසල් බොහොමයක් කේන්ද්‍ර කරගනිමින් දැන් කුඩු ජාවාරම් සිදුවෙනවා. මීට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි (නි)

:       0       0

මෙවන් Tuesday, 07 October 2014 04:50 AM

මෙවැනි කඩ හිමියන්ට උපරිම දඬුවම් දුන්නොත් මේක බලාගෙන අනෙක් අයත් හැදෙයි. රටේ අනාගත දරුවන්ට මත්කුඩු හුරු කරවන මෙවැනි පාපතරයින්ට ඉක්මන් දඬුවම් ලබාදෙන්න. (නදී)

:       0       0

රෝහණ Tuesday, 07 October 2014 04:59 AM

මමත් හොරණ තමයි. ලංකාවේම ප්‍රසිද්ද පාසලක් වන කොළඹින් පිට හොදම පාසලක් සේ සැලකෙන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අවට කඩවල කුඩු ව්‍යාපාරය හොදින් කෙරෙන අතර කුඩා ළමුන්ව අනවශ්‍ය ලෙස වැඩිහිටියන්ගේ ඕනා එපාකම් සඳහා යොදාගන්නවා. ඒ සඳහා රුපියල් 50 වැනි මුදලක් ලබා දෙන බව පාසල් ළමුන් අතර ප්‍රසිද්ද කරුණකි. මේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් මේ සම්බන්දව වලාන වංචා හා දුෂණ විමර්ශන ඒකකය මගින් අවදානය යොමුකරන්නේ නම් ඉතා අගේ කරමි. (නදී)

:       0       0

නාලි Tuesday, 07 October 2014 05:01 AM

ඔය කොයි මුදලාලියත් පටන්ගත්තේ පොඩියට තමයි. (නදී)

:       0       0

වික්‍රම Tuesday, 07 October 2014 05:08 AM

ඔය විධියට අල්ලන අයට විරුද්ධව නඩු පවරන විට ඔප්පු කරන්න අඩුපාඩු තියන්න එපා. නැත්නම් වෙන්නෙ නඩුවේ තීන්දුව දෙනකොට අවුරුදු දෙකක් තුනක් ගිහින්. ඒ වෙනකොට විත්තිකාරයාගෙ ගෙදර කෝටිපතියො බිහි වෙලා. ඊලඟට ඇපෑලට අල්ලනවා ලක්‍ෂ 25ක් 50ක් වියදම් කරලා ඉහල ගනයේ නීතීඥ මහතුන්. ඒ වෙනකොට අල්ලපු පොලිස් නිලධාරීන් විශ්‍රාම හෝ ස්ථාන මාරූවී ගිහින්. ඇපෑලෙන් නිදහස් වෙලා ගෙදර එන අය මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා අපරාදේ මම අවුරුදු ගනනක් ඇතුලෙ හිටියා. අමතක කරන්න එපා ප්‍රසිද්ධ දෙවුන්දර කුඩු මුදලාලි කෙනෙක් ඇතුලෙ ඉන්නවා. දැනට කෝටියකට වඩා වියදම් කරලලු තියෙනනේ. මිනිහා සහ ගෝලයා ඇතුලට වෙලා සුපිරි සැප සිපිරි ගෙදර විදිනවාලු. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 07 October 2014 05:29 AM

ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. තෝරු මෝරු ඉන්දැද්දී හාල්මැස්සෝ අල්ලලා විතරක් මේක නවත්වන්න බැහැ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා යැයි කියපු කුඩු කාරයෝ ටික මුලින්ම අල්ලා ගත්තා නම් හරි. (නදී)

:       0       0

රවී - ඕමාන් Tuesday, 07 October 2014 05:41 AM

මුන් කරන්නේ අපේ රටේ අනාගතය විනාෂ කරන එක... මුන්ට නීතියෙන් හරි දඬුවමක් නැතත් ස්වබාව ධර්මයෙන් හරි විපාක දෙනවා. (නදී)

:       0       0

ධම්ම Tuesday, 07 October 2014 06:13 AM

මී පාසානම් හා සමර දැමීම කුඩු වෙළඳාමේ සතුටුදායක ආරංචියක්. පුලුවන්නම් සයනයිඩ් දමන්න. (නදී)

:       0       0

අපොන්සු Tuesday, 07 October 2014 06:32 AM

මරණ දඩුවමෙන් පිට දඩුවමකින් වැඩක් නැත. (නදී)

:       0       0

නිලක්ෂි Tuesday, 07 October 2014 07:12 AM

පොඩි පොඩි ඒවා තමයි පහු වෙනකොට ලොකු ලොකු ඒවා වෙන්නේ (නදී)

:       0       0

ටී ජී ලියනගේ Tuesday, 07 October 2014 07:26 AM

දඬුවමක් විදිහට කුඩු මුදලාලිලාට කුඩු ගහන්න පුරුදු කලොත් නරකද? සේසතම නැතිකරගෙන අන්තිමට විඳවලා මැරෙන්න (නදී)

:       0       0

ටී ජී ලියනගේ Tuesday, 07 October 2014 07:38 AM

අල්ලන අල්ලන කුඩු ජාවාරම් කාරයන්ව හංගල තියෙන කුඩු හරි, ආයුධ හරි පෙන්නන්න එක්ක ගියා නම් හරිනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site