‘‘ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හැම දේශපාලන පක්ෂයක්ම කැඩුවා ,එක්සත් ජාතික පක්ෂයත් කඩන්න උත්සහ ගත්තා. මේ විදියට යන මහින්ද රාජපක්ෂ මහත්තයගේ දේශපාලනය ඡනතාව ප්‍රතික්ෂේප කර අන්තිමට නවතින්නේ කුණුබක්කියේ‘‘ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා කඩුගන්නාව ඩෝසන් කුළුන අසලදී කිවේය.
ඔහු මුස්ලිම් කොන්ග්‍රසය,හෙළ උරුමය කඩන්න බොහෝ උත්සාහ ගත්ත සමහර උත්සාහ සාර්ථක වුනා හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමට අද ඒ කරුමයට මුහුණ දිලා. අන්තිමට ජනතාව ප්‍රතික්ෂේප කලා.
මේ ළගදි විමල් විරවංස මහත්තයගේ ගෙදර ලමයෙක් කරදරයක් වී ජිවිතයක් අහිමි වුණා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවක් තිබිලා එක්සත් ජාතික පක්ෂේ ප්‍රාදේශිය සභා පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ හෝ ගෙදරක මෙහෙම ප්‍රශ්නයක් වුනානම් අද ඒ මන්ත්‍රිවරයට මොන වගේ තාඩන පීඩනයකට මුහුණ දෙන්න වෙයිද? මේ රට ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය තුමත් නීතියට ඇඟිලි ගහන්නේ නෑ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පක්ෂ කැඩු මහින්ද කුණු බක්කියට යනවා
අල්විස් Sunday, 27 November 2016 10:23 PM
පැන්ෂන් ගිය අය කොහොමත් කුණු බක්කියට තමයි (නි)
පිරිස් Sunday, 27 November 2016 10:25 PM
කුණුබක්කිය ගඳනොගස්සා විනාශ කරන්නකෝ (නි)
සවනත් Sunday, 27 November 2016 10:36 PM
ඔබතුමාගේ පක්ෂය කඩාගෙන ගියේ කවුද. ඒ නිසා තමුන්ගේ ඇහේ තිබෙන ලොකු කුණුගොඩ පෙනෙන්නේ නැතුව වෙන්න ඇති අනුන්ගේ කුණු හොයන්නේ (නි)
පරාක්‍රම Sunday, 27 November 2016 11:38 PM
ඔබතුමන්ලා තමයි අද කුණු බක්කියේ. ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි (නි)
සිසිර Sunday, 27 November 2016 11:45 PM
කවුද මේ? අපි ජීවිතයට අහපු නැති කෙනෙක්. මොනවාහරි කියලා කැපීපෙනෙන්න හදන කෙනෙක් වගේ කියලයි හිතෙන්නේ. (නි)
සුනිල් විජේසේන Monday, 28 November 2016 09:03 AM
කුණු බක්කියේ සිට කතා කරයි (බ)
සත්‍යා Monday, 28 November 2016 12:26 AM
මන්ත්‍රීතුමා කියන දෙය පැහැදිලි නැහැ. මහින්දගේ කාලේදී විමල් වීරවංශගේ ගෙදරදී ඔය මරණය වුණා නම් වෙන්නේ සත්‍යය එහෙම පිටින්ම වසන් කරලා මුළු ගෙදරට විතරක් නොවෙයි මුළු පවුලටම ආණ්ඩුවේ සල්ලි වලින්ම "සුදු හුණු" ගානවා. නමුත් මන්ත්‍රීතුමා කියන විදියේ කරදරයකට ඔය එක් කෙනෙක්වත් පත්වෙන්නේ නැහැ. (නි)
සමන්ත Monday, 28 November 2016 12:54 AM
අතකොටා වගේ වැඩකාරයෝ ටික හිරේ දැම්මාට මහින්ද වෙනුවෙන් ඕනෑතරම් හොර ඡන්ද දාන්න වුණත් කොල්ලෝ තාම මේ රටේ ඉන්නවා. (නි)
සුසිල් Monday, 28 November 2016 01:37 AM
මට නම් හිතෙන්නෙ විමල් අනිත් අයට කළ අපහාස ආපසු කැරකෙනවා කියලයි. (නි)
නීල් Monday, 28 November 2016 02:38 AM
මම දන්න විදියට නම් ඒ කාලේ මහින්දගෙන් වැඩියෙන්ම වැඩ කරගත්තේ විපක්ෂයේ හිටපු කට්ටිය (නි)
සිසිර Monday, 28 November 2016 02:51 AM
මෙයත් ඉක්මනටම කුණු බක්කියකට යන කෙනෙක් වගේ පේනවා. (නි)
පාලිත Monday, 28 November 2016 02:52 AM
පරිස්සමෙන් ඉන්න. ඔයාට කුණු කූඩේ හරි ඉන්න රටක් තියෙන්නේ එතුමා නිසා. (නි)
දහම් Sunday, 27 November 2016 12:52 PM
මේ කොහේ ඉඳලද කාලෙකට පස්සේ. ආයිත් ඡන්දයක් තිබ්බොත් ඔහෙලට නම් අැපත් නැහැ. එ්ක මතක තියාගත්තොත් හොඳයි. (නි)
දිනේෂා Sunday, 27 November 2016 01:05 PM
මෙයාලා මේ කටින්ද මන්දා කතාකරන්නේ? (නි)
ඉන්දික Sunday, 27 November 2016 01:45 PM
කවුද කුණු බක්කියට යවන්නේ කියලා ජනතාව තමයි තීරණය කරයි. (හේ)
සමන් Sunday, 27 November 2016 01:52 PM
ඒජපෙ නම් මහින්ද කැඩුවේ නෑ. (හේ)
ජනක Sunday, 27 November 2016 02:29 PM
කුණු බක්කියේ ඉන්නේ කවුද කියලා රටේ මිනිස්සු දන්නවා (නි)
ලුසේනා Sunday, 27 November 2016 04:26 PM
අහසින් වැටුණු මිනිසුන් අතර පොළවේ පයගසා සිටින මිනිසුන්ද සිටින බව වටහාගන්න (නි)
පහන් Sunday, 27 November 2016 04:51 PM
ජනතාව එතුමා ප්‍රතික්ෂේප කර නැහැ. එතුමා රටට සාමය ලබාදුන් වීරයෙක් (නි)
ජනහිත Sunday, 27 November 2016 05:18 PM
මෙයා ඉපදිලා නැහැ, නැත්නම් යලි ඉපදිලා. මොකද ශ්‍රීලනිපය මෑතකදී හා අතීතයේදී කැඩුවේ කවුද කියලා හොඳට හොයලා බැලුවා නම් හොඳයි නේද. ආත්මය රැක ගන්න බොරු කියන එකෙන් වැළකුනොත් තවත් හොඳයි. (නි)
සෙන්දනායක Sunday, 27 November 2016 05:29 PM
මහින්ද මහත්තයාගේ මල්පොහොට්ටුව එහෙම ලේසියෙන් පරවෙන්නේ නැහැ (නි)
සෙනෙවි Sunday, 27 November 2016 05:33 PM
දේශපාලන කුණු බක්කිය ගැන කියන්නේ අත්දැකීමෙන් වෙන්න ඇති (නි)
චානි Sunday, 27 November 2016 06:24 PM
ඔවුන් දැනටමත් ඉන්නේ කුණු බක්කියේ තමයි. (නි)
ප්‍රියන්ත Sunday, 27 November 2016 06:44 PM
කුණු බක්කියට යැවුවේ ජනවාරි 8. දැන් ඉන්නේ සමූපකාර කුණු බක්කියේ. (නි)
ඇසල Monday, 28 November 2016 07:30 AM
මොන වීර කමක් කලත් අනා ගත්තාට පස්සේ ??? (ම)
නිමල් Sunday, 27 November 2016 07:59 PM
අනේද කියන්නේ.....? පොඩ්ඩක් ඉන්නකෝ. මිනිස්සු එ්ක බලාගනීවී (නි)
ලක්ෂි Sunday, 27 November 2016 09:47 PM
කවුද මේ මයන්ත දිසානායක කියන්නේ? මොනවද ඔහු රට වෙනුවෙන් කරලා තියෙන්නෙ. (නි)