
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම යන්ත්‍ර අද පෙරවරුව වන විට ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත්ව තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව ඉංජිනේරුවන්ගේ දැඩි අධීක්‍ෂණය යටතේ එම යන්ත්‍ර පණගන්වන බව ද සඳහන් කළේය.
එම යන්ත්‍රවල ක්‍රියාතවය අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව පිළිබඳව තීරණය කරන බවත් විදුලි කප්පාදුව තව දුරටත් කරන්නේද යන්න හෙට පෙරවරුවේ තීරණය කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාවට දේශපාලනය කරන්නන්ට ඉතාම අසුබ ප්‍රවෘත්තියක්...!