IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නොරෙච්චෝල නිවසකින් ලක්ෂ 150 දේපොළ සොරා ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල නාවක්කාඩුව කොළණිය ප්‍රදේශයෙ කෝටිපති එළවළු ව්‍යාපාරීකයකුගේ නිවසට වැදුන ආයුධ සන්නද්ධ සොරුන් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 150 කට ආසන්න රන් හා මුදල් සොරා ගෙන ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

පිස්තෝල හා තියුණු ආයුධ පෙන්වා 2 දින අලුයම නාවක්කාඩු කොළණිය ගම්මානයෙ අදාල ව්‍යාපාරීකයාගේ නිවසට කඩා වැදුන මෙම සන්නද්ධ කල්ලිය නිවසේ ව්‍යාපාරීකයා ඇතුළු පිරිස පළමුව සිය ග්‍රහණයට ගෙන ඇති බව කියයි.

ඉන් අනතුරුව කෝටිපතියා හා බිරිද දරුවන් මරා දමන බවට බිය ගන්වා එළවළු වගා කරනු ලබන කෝටිපති ව්‍යාපාරීකයාගේ නිවසේ තිබු සේප්පුව බලහත්කාරයෙන් ඉබි යතුරු වලින් විවෘත කරවාගෙන ඇති බව මුලික පරික්ෂණ වලින් තහවුරු වී තිබේ.

ඉන් පසුව එහි තැම්පත් කර තිබු පවුම් 70 කට ආසන්න රන් ආභරණ තොගයක් හා ලක්ෂ 30 කට ආසන්න මුදල් සියල්ලම පැහැර ගෙන ගොස් ඇති බව කියයි.

 



අදහස් (0)

නොරෙච්චෝල නිවසකින් ලක්ෂ 150 දේපොළ සොරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 240 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 390 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site