
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නෙළුම් කුළුනෙන් පහළට වැටී ජාත්‍යන්තර පාසලක බව කියන සිසුවියක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.
බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇත. මියගිය සිසුවිය කාගේ කවුද සහ කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
දැනට එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම්කර මෙම සිසුවිය නෙළුම් කුළුණෙන් පහළට වැටුණාද ? පැන්නා ද? යන්න පොලිස් විමර්ශන සිදු කරන බව එම පෞද්ගලික සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේකට ගිහිල්ලා නැහැ. ඒත් මෙතරම් උස කුළුණක ආරක්ෂාව නම් කිසිසේත් ප්‍රමාණවත් නැතිබව කියන්න පුළුවන්...
ඉදිරියට මේකෙන් පනින්න හෝ වැටෙන්න බැරි විදිහට ටෙම්පර්ඩ් ග්ලාස් වලින් වීදුරු ආවරණයක් දමන්න වේවි , ලෝකේ දියුණු රටවල තිබෙන උස නැරඹුම් මධ්‍යස්ථාන වලත් මෙවැනි ආවරණ යොදා තිබෙනවා, සියදිවි නසාගැනීම් වැළකීමට...
සිය දිවි හානි කරගැනීමක් වෙන්න ඕනේ
ඇත්තම කියනවා නම් මෙම කුළුණට නගින අයට ආරක්ෂාව ඉතාමත් අඩුයි... ලෝකේ රටවල්වල ඔය විදිහට නැහැ. ඕපන් එකේ අපේ රටේ සල්ලි ගිලදමලා වැඩේ හරියට කරලා නැහැ. ලොකයේ රටවල්වල තිබෙන කුළුණුවල කවුළු ඕපන් එකේ නැහැ. විදුරුවලින් කවර් කරලා තියෙන්නේ...