
(යොහාන් භාසුර)
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකාරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරිමස 59.0 ක දර්ශන අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ජනවාරි මස දර්ශනාංකය 58.5 ක් ලෙස වාර්තා වන බව එම බැංකුව පවසයි.
නිෂ්පාදන අංශයේ වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධානාත්මක ලෙස දායක වී ඇති බවත් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක් ජනවාරි මාසයේදී ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවත් මහ බැංකුව කියයි.
එය නව ඇනවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිල ගැනුම් උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බවත් දෙසැම්බර් මාසයේ උත්සව සමය නිමවීමෙන් අනතුරුව ආහාර සහ පාන නිෂ්පාදන අංහයේ තව දුරටත් යහපත් ක්‍රියාකාරිත්වයක් පැවැති බවත් එම බැංකුව සඳහන් කරයි.
නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමඟ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ද ජනාවාරි මස තව දුරටත් ඉහළ ගොස් ඇති බව ද කියන ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාරිත වාතාවරණය තවදුරටත් වර්ධනය වනු ඇති බවට පවතින අපේක්‍ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතින බව ද සදඟන් කරයි.
සේවා අංශයේ ණ්‍ය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්