IMG-LOGO

නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්

(සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර්  ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග  යෝජනාවක් ඉදිරිපත් කිරීමට  හැකියාවක් තිබේදැයි  ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව  රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

යම්කිසි විෂයක වගකීම දරන්නේ ඇමතිවරයා මිස නියෝජ්‍ය ඇමතිවරයා නොවන හෙයින් මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට  හැකියාවක් තිබේදැයි සොයා බලාගෙන යන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිටින්නේ ඇමතිවරයාට සහාය දැක්වීමට  බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වී නැති බව පවසන එම ප්‍රකාශකයා අසල්වාසී ඉන්දියාව ඇතුළු රටවලද නියෝජ්‍ය  අමාත්‍යවරයකුට එරෙහිව  එවැනි යෝජනාවක් ඉදිරිපත්ව නැති බව ප්‍රකාශ කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් ජනරාල් අරුණ ජයසේකර  මහතාට එරෙහිව  සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  12 වැනිදා  භාරදෙනු ලැබීය.

එම යෝජනාව හෙට  පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ  අරුණ ජයසේකර මහතා නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු නියෝජ්‍ය අමාත්‍ය  තනතුරින් ඉවත් විය යුතු බවට  විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරති.

 



අදහස් (3)

නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්

අරවින්ද මොණරවිල Thursday, 14 August 2025 09:34 AM

සදා සොත්ති අම්බ ගොබ්බ විපක්ෂය දැන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ නැට්ටේ එල්ලෙන්න හදනවා. අරුණ ජයසේකර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු නම් ඊටත් වඩා වගකිව යුතු වන්නේ ඒ වේලාවේ රට ආණ්ඩුව කරවු පාලක පක්ෂයේ කණ්ඩායමයි. එහි නියෝජ්‍ය නායකයා ඇතුළු හැත්ත බුරුත්තම අද විපක්ෂ නියෝජනය කරනවා. එහෙව් කණ්ඩායමක් අද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට විශ්වාස භංගයක් ගෙනෙන්න හදන්නේ තමන්ගේ අමනකම ප්‍රදර්ශනය කරන්නද ? මෝඩකම ප්‍රදර්ශනය කරන්නද කියලා ප්‍රශ්ණයක් නැගෙනවා !

:       22       51

යසපාල Thursday, 14 August 2025 10:55 AM

හරිනිලට බයේ විශ්වාසභංගයෙන් පැනල යන්න එපා සහෝදරයා. ඔය ප්‍රතිගාමී පාපිසි අපේ ආණ්ඩුවෙන් යන එකමයි හොඳ.

:       28       20

විපරමා Thursday, 14 August 2025 02:58 PM

හොරකම් වන්චා දූෂන කරලා පුරුදු විපක්ෂයේ දේසපාලුවන්ට කරකියා ගන්ඩ දෙයක් නැතුවයි ඉන්නේ?

:       12       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site