
( පද්මසිරි ගාර්දියවසම්)
සූරියවැව මහවැලි කඩආර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි නව දෙනෙකු ඊයේ (15) සවස අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය .
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර නාවික හමුදා ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සිවිල් ඉංජිනේරුවරයෙක්ද සිටින අතර, අනෙකුත් සැකකරුවන් මිද්දෙණිය සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති .
ඔවුන් අවුරුදු 35, 40 වයසේ පසුවන අය බවද පොලිසිය කීවේය . සැකකරුවන් සමඟ වෑන්රියක්, ත්‍රිරෝද රථයක් සහ නිධන් හෑරීමේ උපකරණද පොලිස්බාරයට ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.