(සුමිත් පොතුපිටිය)
රථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් අද (26) පස්වරුවේ භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉත්තැපාන පොලිස් ස්ථානයේ රථවාහන අංශ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට පත්ව ඇති නිළධාරීන් දෙදෙනා, හෙල්මට් එකක් නොමැතිව යතුරු පැදියකින් යමින් සිටී පුද්ගලයකු ගේ රියදුරු බලපත්‍රයක් භාරයට ගෙන ඇති බව සදහන් වේ.
එම වරද සමතයකට පත්කර රියදුරු බලපත්‍රය නැවත ලබාදීම සදහා එක් කොස්තාපල් වරයෙකු රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් අද දින පස්වරුවේ පොලිස් ස්ථානය තුලදී ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.
සිද්ධියට සම්බන්ද අනෙක් කොස්තාපල් වරයා භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය සිය නිළ ඇදුමේ සාක්කුවක දමාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
සැකකාර කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිළධාරීන් ඉත්තෑපාන පොලිසිය තුලදී ප්‍රකාශ ලබාගනිමින් සිටින බව පොලිසිය සදහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නැති හෙල්මට් දම්මන්න අල්ලස් ගත් කොස්තාපල්ලා කොටු