
(කේ.ඩී. දේවප්‍රිය)
බණ්ඩාරවෙල ප්‍රදේශයේ අගහිඟකමින් පෙළෙන පාසලක දරුවන්ට පාසල් උපකරණ නොමිලේ බෙදා දීමට පැමිණි එංගලන්ත ජාතිකයකු පාසලේ දරුවන්, මවුපියන් සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකතන දැක තමා මවිතයට පත් වූ බව පැවැසීය.
තමන් පාවිච්චි කරන ජංගම දුරකතනවලට වඩා කීප ගුණයකින් අධික මිලකින් යුත් දුරකතන මෙම පිරිස අත තිබෙනු දැකීමෙන් මෙම පිරිසට එතරම් අගහිඟකමක් ඇතැයි සිතිය නොහැකි බව ඔහු උත්සව සභාව අමතමින් කියා සිටියේය.
එම පාසල තෝරා දුන් හෝටල් කළමනාකරුට ද සිය අප්‍රසාදය පළ කළේය.
ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් තත්වය එරට ජනමාධ්‍ය මගින් දැක ඇති විදේශිකයන් පිරිසක් ජනතාව පෝලිම්වල සිටින අයුරු සහ දරුවන් ආහාර නොමැතිව විඳින පීඩාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ බවද පවසා සිටියේය. ඒ අනුව ඔවුන් මෙරටට පැමිණීමට තීරණය කර ඇත්තේ එම දරුවන් වෙනුවෙන් කිසියම් උපකාරයක් කිරීමේ අරමුණින්ය.
ඔවුන් මෙරටට පැමිණීමට පෙර දන්නා හඳුනන බණ්ඩාරවෙල සංචාරක නිකේතනයේ කළමනාකරු දුරකතනයෙන් අමතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති දරුවන් සිටින පාසලක් තෝරාගෙන පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමට කැමැත්ත පළකර තිබේ.
ඒ අනුව අඩු ආදායම් ලාභි මවුපියන්ගේ දරුවන් පිරිසක් තෝරා දෙන ලෙස හෝටලයේ කළමනාකරුගෙන් ඉල්ලා ඇත.
හෝටලේ කළමනාකරු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් තෝරාගෙන එම පාසලේ විදුහල්පතිවරයා හමුවී කතා කර අඩු ආදායම් සහිත පාසල් දරුවන් සූදානම් කරන ලෙස විදුහල්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව විදුහල්පතිවරයා තම පාසලේ දරුවන්ට තෑගි බෝග රැගෙන එන විදේශිකයන් සතුටු කිරීමට චාම් කෙටි උත්සවයක් සූදානම් කළේය.
ඒ සඳහා පාසලේ දරුවන්ගේ නැටුම් කීපයක් ද සංවිධානය කෙරිණි.
එංගලන්ත ජාතිකයෝ බණ්ඩාරවෙලට පැමිණි පසුදිනම පොත් පෑන් පාට පෙට්ටි වතුර බෝතල් පාසල් බෑග් ඇතුළු ලක්ෂ තුනකට වැඩි වටිනාකමින් යුත් පාසල් උපකරණ රැගෙන එම පාසලට පැමිණියහ.
බුලත් හුරුලු දී මල් මාලා දමා මෙම සංචාරක පිරිස මහත් සතුටින් පාසලේ කුඩා දරු පිරිසක් විසින් පිළිගනු ලැබූහ.
සංචාරක පිරිස ද හදපිරි සතුටින් දරුවන්ගේ හිස අත ගා ස්තුතිය පළ කළහ.
උත්සවය අරඹමින් විදුහල්පතිවරයා පිළිගැනීමේ කතා කළේය.
සංචාරකයන් සතුටු කිරීම පිණිස දරුවන්ගේ රංගන ඉදිරිපත් කළ අතර මවුපියන් තම ජංගම දුරකථනවලින් ළමයින්ගේ රංගන වීඩියෝ කරන අයුරු මෙම සංචාරකයෝ සතුටින් බලා සිටියහ.
දරුවන්ට පොත් පත් සඳහා වියදම් දැරූ එංගලන්ත ජාතික ව්‍යාපාරිකයා දරුවන්ගේ මවුපියන් පාවිච්චි කරන ජංගම දුරකතන දැක මවිතයට පත්වී ඇත. ඇතැමුන් ළඟ රු. 75,000 ඇපල් ෆෝන් ද තිබෙනු දැකීමෙනි.
උත්සව අවස්ථාවේ එංගලන්ත ජාතිකයාට කෙටි කතාවක් සඳහා අවස්ථාව දීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.
ඉංග්‍රීසි බසින් කළ කතාව පරිවර්තනය කිරීමට හෝටල් කළමනාකරුට සිදුවිය.
විදේශ ජාතිකයා මෙසේ පැවැසීය.
මෙම වැඩසටහන ගැන මා සතුටු වෙනවා. ඒ වගේම මම දුක් වෙනවා. මම හෝටල් කළමනාකරුට දැනුම් දුන්නේ ඉතා අඩු ආදායම්ලාභි නැති බැරි පවුල්වල මාපියන් සහ දරුවන් වෙත මෙම ද්‍රව්‍ය ලබා දීමට සූදානම් කරන්න අවශ්‍ය බවයි.
එහෙත් මම දැක්කා මෙම මාපියන් සහ දරුවන් පරිහරණය කරන ජංගම දුරකථන ඉතා මිල අධික ඒවා බව. මම පාවිච්චි කරන ජංගම දුරකතනයන් ඉතා අඩු මුදලට ගත් එකක්. (සිය දුරකතනය සභාවට පෙන්වයි)
මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි මාපියන් දරුවන් මිල මුදල් ඇති අය බව මෙමගින් මට හැඟෙනවා.
ලංකාවේ තරුණයන් ඉතා වටිනා ජංගම දුරකථන මෙන්ම රථවාහන ද පාවිච්චි කරන අයුරු මට දැක ගන්නට ලැබුණා.
ඒ වගේම මුහුණු පොත, යූ ටියුබ් වැනි දේවලට යොමුවී වටිනා කාලය අපතේ යවන අයුරු දැක ගන්නට ලැබුණා. ලංකාවේ සියලුම වයස් කාණ්ඩවලට අයත් ජනතාව ඒවාට හුරුවී සිටිනවා.
ඇතැම් වයස් ගත කාන්තාවන් පවා මුහුණු පොතේ ක්‍රීඩාවල නිරත වෙමින් තම වටිනා කාලය වැය කිරීම ගැන ඉතාම කනගාටුයි.
ජංගම දුරකථනයෙන් තම ජීවිතයේ වටිනා කාලය හිස් කිරීම පමණක් සිදු වෙනවා. මෙයින් අපට ගැනීමට ඇත්තේ හොඳ දේවල් පමණයි.
නොදන්නා දේවල් දැන ගැනීම අධ්‍යාපනය වැනි දේවලට යොමු වීම හැර අනවශ්‍ය දේවල් නරඹා තම වටිනා කාලය වැය කිරීම ලංකාවේ දකින්නට ලැබණු ඉතා සුලභ දර්ශනයක්.
මෙම ගෙනාපු තෑගි සියල්ලක්ම මේ දරුවන්ට මාපියන්ට බෙදා දෙනවා. එය මම කරන්නේ හරි සතුටින්.
මේ දරුවන්ගේ මාපියන් ඇති හැකි අය බව මේ ජංගම දුරකථන දැකීමෙන් මට අවබෝධ වුණා. මේ මවුපියන්ට තම දරුවන්ට ඉතා හොඳ ආහාර වේලක් ඇඳුම් පැළඳුම් ලබාදීමට හැකියාව ඇති බව මට හැඟෙනවා.
එංගලන්ත ජාතිකයා විනාඩි හතක කතාවක් පවත්වා දරුවන්ට බෙදා දීමට තිබූ තෑගි ඒ ආකාරයෙන්ම බෙදා දුන්නේය.
විදේශිකයාගේ කතාව ඇසු විදුහල්පතිවරයා සහ කළමනාකාරවරයා මුහුණට මුහුණ බලාගත්හ.
COMMENTS
ඕක තමා අපටත් තියෙන ප්‍රශ්නෙත්. රට බංකොලොත් වුනත් මහ පාරේ V6, V8 වල අඩුවක් නම් නැහැ.
මේ දෙයින් අපිත් හොන්ද පාඩමක් ඉගෙන ගත්තා.
මෑත ඉතිහාසය තුළ අප රටේ ජනතාවට ගැලපෙන නිසි පාඩමක් කිියා දුන් එම විදේශිකයාට අප ප්‍රණාමය පුද කළ යුතුය. සත්‍ය වශයෙන්ම අප රටේ ප්‍රශ්නය මෙයයි. තමනට දරා ගත නොහැකි ජීවන රටාවකට වැඩි දෙනා හුරැවීමයි. අප රට තුළ පවතිනවා යැයි කියන ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් හිතවත් වෛද්‍යවරයකු අප සමඟ පැවසූයේ ද මීට සමාන කතාවක්. වෙසෙසින්ම නගර ආශ්‍රිතව වසන සමහර දරැවන් මන්දපෝෂණ තත්ත්වයේ වුවත් ඔවුන්ගේ කෑම සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කරනවා. නමුත් එසේ වියදම් කරන්නේ ක්ෂණික කෑම, නූඩ්ල්ස්, පැස්ටා වැනි දේ සඳහා. ඔවුන් පාසල් විවේක කාලය තුළ ආහාරයට ගන්නේ එවැනි කෑම. එවැනි තත්ත්වයක් තුළ ඌණ පෝෂිත බවක් ඇති නොවුණොත් එය පුදුම විය යුතු කරැණක් බවයි එම දොස්තර මහතාගේ අදහස වුනේ.
ඔතන මෙයා නොදන්නා දෙයක් තීනව. කන්න බොන්න නැතිවත් ෆෝන් ගන්න දෙමව්පියන්ට සිද්ද උනේ ඇයි කියල. කොවිඩ් එක්ක ගොඩක් පාසල් වහල දැම්මහම ඔන්ලයින් පාඩම් වලටයි ඔය අමාරුවෙන් හරි ෆෝන් ගත්තේ. කොහොම උනත් කතාව ඇත්ත. දෙපැත්තක් තීනවා.
ඊයේ පෙරේදා ඡන්දය බලාපොරොත්තුව හාල් කිලෝ දහයක් බැගින් දීමට පාණ්ඩුව කටයුතු කලා දේශපාලන හිතවතුන්ට සමුර්ධි දෙනවා ගන්නා බොහොමයක් ගැන 26 ඉරිදා අරුණ පත්තරේ බලන්න ඒක ඉතාමත් සත්‍ය ලිපියක් මට ඊයේ යහලුවෙක් කිව්වා පෙරේදා හිදුරංගල පංසලේ හාල් ගන්න බස් කීපයක් හා තේවතු තියෙන අයත් ඇවිල්ලා හිටියා කියලා අඩුම ගණනේ මෙහෙම දේවල් බෙදනකොට ශබ්ද විකාශන යන්ත්‍රෝපකරණ මගින් ගමටම ඇහෙන්න නම්කියා කතාකර බෙදන්න කියලා ඇත්තටම සුද්දා කියපු ආකාරයට මේ රට හදන්න බැහැ වහාම සහන දීමනා නතර කරන්න ඕන
ඔන්න ඕක තමයි ලංකාවේ ගොන් හැත්ත දුප්පත් වෙන්නත් හේතුව. කිසිම දෙයක් නිශ්පාදනය කරන්නේ නෑ. ඒත් සේරම රටින් එනකන් උඩ බලන් ඉන්නව. අවුරුද්දෙන් අවුරුද්දට ෆෝන් මාරු කරනව, වාහන මාරු කරනව. ආදායම නැත්තන් ණය වෙලා හරි ඒක කරනව. පුහු ආටෝප පිරිලා. අන්තිමට රටේ ගෙවුම් ශේෂය හැමදාම සෘණ. හැමදාම පිට රටින් ණය ගන්නව. හැමදාම ආන්ඩු වලට බැන බැන අරගල, උද්ඝෝශණ කර කර ඉඳල මැරිල යනව.
මගේ රටේ සමහර දේශ හිතයිශීන්ගේ විදේශීය ගිණුම් වල තියෙන සල්ලි ප්‍රමාණය දන්නවානම් සියලුම විදේශිකයන් පුදුම වෙන්නත් පුලුවන් ...
අපේ රටේ දේශපාලනය කරන එවුන්, උන්ගේ පවුල් වල එවුන්, නෑදෑයන් යන එන වාහන , ඉන්න ගෙවල්, උන්ගේ පෝන් දැක්කොත් සුද්දෝ උබ තවත් මවිත වෙයි. ඔය පොඩි මිනිස්සුන්ගේ දේවල් දාලා ලොකු එවුන්ගේ බලු වැඩ වහන්න එපා.
මෙම සිදුවීමේ සැබෑ හේතුව විදේශිකයා තේරුම් ගෙන නැහැ. මේ බොහෝ මිනිස්සු පොහොසත් නැහැ. සෙසු සියලු වගකීම් පසෙක දමා තියන මුළු වත්කමින්ම මිල අධික දුරකථන මිලදී ගෙන ඇති. සිංහල ජාතිය තරම් සමාජ තත්වය කියන කඩතුරාවට වහල්වුණු වෙනත් ජාතියක් හෝ සමාජයක් ලොව කොතනකවත් නැතුව ඇති. යථාර්තවාදීව ජීවත් වීමට ගොස් සමාජය විසින් කුණු කාණුවට හෙලන ලද මගේ ජීවිතය මට ඇති හොඳම උදාහරණය. ප්‍රථමික පන්තිවල ඉගෙනුම ලබන මගේ දරුවාගේ පන්තියේ පියකු විසින් ලක්ෂයකට වැඩි මගේ මුදල් වංචා කළා. ඔවුන් විසින් පන්තියට ස්වේච්චාවෙන් මිල අධික පරිත්‍යාගයක් (20,000 පමණ වටින) කළා මේ සඳුදා.
කාලකන්ණි මෝඩයා කොතරම් අසරණ ලමයි ඉන්නවාද උදාහරණ දෝව අඳ ගොලු බිහිරි පාසල මේ දරුවෝ ගොඩක් අසරණයි ඒ වගේ තැනක් වත් නොදන්න මී හරකෙක් සම්බන්ධ උන එකනම් බණ්ඩාරවෙලම කරුමේ තමයි
ජාත්‍යන්තරය කොහොමත් අපේ රට හිඟන රටක් බවට පෙන්වන්න ලොකු උත්සහායක් ගන්නවා. ඒක මේ කතාවෙන් ඔප්පු වෙනවා. අනෙක අපේ රටේ මිනිසුන් වටිනා දුරකථන ණයට හරි අරගෙන පාවිච්චි කරන මෝඩ තත්ත්වයක ඉන්නවා සහ බොහෝ පිරිස් තම කාලය දුරකථන මත අනවශ්‍ය දේ නැරඹීමට ගත කරනවා.
රටට වෙලා තියෙන්නෙත් මේදේමයි. බොරු නාස්තිවැඩ කරනවා ණය වෙලා.
පෝසතා දුප්පත් ලෙස ජීවත්වේ. දුප්පතා පෝසතා ලෙස ජීවත්වේ. මොලේ ඇත්තා හඳුනා ගන්න.
කන්න බොන්න නැති වැසිකිලි පහසුකම් වත් නැති දුප්පත් පාසල් ඕනි තරම් තියෙද්දී බණ්ඩාරවෙල පැත්තේ යමක් කමක් තියෙන දෙමවුපියන්ගේ පාසලක් මේ සඳහා යොදා ගැනීමෙන්ම අපේ මිනිස්සුන්ගේ තියෙන තමන්ටයි තමන්ගේම එකාට යි හැමදේම බදාගන්න තියෙන නිමක් නැති තෘෂ්ණාව පෙන්නුම් කරනවා.
සහතික ඇත්ත. බණ්ඩාරවෙල පැත්තේ දුෂ්කර පාසල් කීයක් තියනවද
අපේ අයට තිබුනෙ සුද්දාට කියන්න, කොවිඩ් කාලේ online පාඩ්ම් වලට දෙමාපියන් සේසතම වියදම් කරලා smart phone අරන් දුන්න කියලා.
දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලංකාවට පහලට ඇද දමා ඇත. දේශපාලන අරගලය මේකට වගකියන්න ධනැ
සුද්දා නොදන්න එකම සත්‍යය නම් අපේ රටේ ජනතාවට කන්න බොන්න අයිතිවාසිකමක් නැතත් කතා කිරීමේ අයිතිවාසිකම අතින් ලෝකයේ අංක එකේ සිටින බවයි. කන්න බොන්න, අධ්‍යාපනය ලබන්න පහසුකම් නැති අය ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැතත්, අදහස් ප්‍රකාශ කරන්න, කතා කරන්න, මිනී මරන්න, හොරකම්කරන්න, ඡන්ද අයිතියට මිනිසුන්ව පොළඹවන්න ඕන තරම් සංගම්, සංවිධාන වැහි වැහැලා. අපේ රට දියුණු වෙලා තියෙන්නේ එහෙමයි.
හෝටල් කලමනාකරු අරගලයේ වීඩියෝ පට සහ අරගලකරුවන්හ හමුවීමට සැලැස්සුවානම් සුද්ද උන්ගෙ රෙදි ගලවයි.
කෝටි ගානක් දීල වගේනේ ඵයාගේ රෙස්පෙක්ට් ඵක උත්සවයක් තියල ආයේ බාර දෙන්න තියෙන්නේ
රට හැදෙන කොට අපි මැරිල.
ෂුවර් එකටම හෝටල් කලමනාකරුගෙ කව්රු හරි ඉන්න පාසලක් වෙන්න ඇති. නැත්නම් බොහොම දුප්පත දෙමාපියන්ගෙ ලමයි එන පාසල් ඕනතරම් බණ්ඩාරවෙල තියෙනවා. වලස්බැද්ද පාසල ඒ වගේ පාසලක්. ඒ පාසලේ ලමයි වගේම විදුහල්පතිත් බොහොම දුපපත් කෙනෙක්. සමහර ලමයි කිලෝමීටර් 7-8 විතර ඉඳලා පයින්ම ඇවිත් යනවා. ඔහොම අවස්ථාවක් ආවම ඇත්තටම හිගකම් තියෙන එවැනි පාසල් බලලා දෙන්න ඕන. පව් ඒ ලමයි.
පසුගිය අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ පැවති COVID-19 උවදුර නිසා, බොහෝ පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට හැකිවූයේ ජංගම දුරකතන හරහා ය. එයද SMART ජංගම දුරකථනයක් වීම අදාල අධ්‍යාපන තොරතුරු ලබා ලබාගැනීමට අනිවාර්ය. තන් ඇති දුප්පත් දෙමාපියන් වුවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම දුරකථන ණය වී හෝ දරුවන්ට ලබා දුනි. එය කෙසේ හෝ දරුවන්ට අධ්‍යාපනය දීමට ය. වර්තමානයේ ද අධ්‍යාපන කටයුතු සඳහා මේ නිසා SMART ජංගම දුරකථන දුරකතන පාසල් දරුවන්ට අවශ්‍ය වී ඇත. මෙම අප රටේ තත්ත්වය අදාළ සංචාරක සන්චාරකයා ට වටහා දීමට අප කටයුතු කළ යුතුව තිබුණි.
මේකා සුද්දෙක් නෙමේ ලෝකය ගණන් මෙලෝ අවබෝධයක් තියන කෙනෙක් නෙමේ .ණය වෙලා හරි කොවිඩ් කාලේ දෙමවුපියන්ට සිදුවන හොඳ ස්මාර්ට් ෆෝන් අරන් දෙන හදිසි ඔන්ලයින් වැඩ නිසා.අනික්ස ස්මාට් ෆෝන් එකක් තියන එකද පොහොසත්කමේ මිනුම් දණ්ඩ .පල් මෝඩයෙක් .උන් කැමති ලංකාවේ ඉන්නේ හිඟන්නෝ නම් .සුද්දාටත් හොඳ ෆෝන් එකක් අරන දෙන්න දෙමවුපියන්ට තිබුනේ