IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නැගෙනහිර පහළු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරලා


(යොහාන් භාසුර)

කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්ග සැලැස්මේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වාරාය අමාත්‍ය බිමල් රත්නායක මහතාට ලිපියක් යොමුකර තිබේ.


නව සැලැස්ම සාධාරණ හේතුවකින් තොරව ක්‍රියාත්මක කිරීම තුළින් වෙනත් බාහිර පාර්ශවයකට අනාගතයේ වාසි සැළසීමේ අරමුණක් ඇතැයි සැකයක් ඇති බව කියන වෘත්තිය සමිති නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර නොකළහොත් ඊට විරුද්ධව නීතිය හමුවට යන බව ද එම ලිපියේ සඳහන් කරයි.  

මෙය ඉදිරියෛ්දී ක්‍රියාත්මක වුවහොත් ආයතනයේ කාර්මික සාමයට බාධායක් එල්ල වියහැකි බව කියන වෘත්තිය සමිති වරාය අධිකාරියේ මුදල් වියදම් කරමින් අත්තනෝමතිකව කටයුතු කරන පාර්ශවවලින් එම වියදම් අයකරගත යුතු බවත් අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.

ජාත්‍යන්තර සහ දේශීය ආයතන ගණනාවකගේ සහභාගිත්වයෙන් වරාය අධිකාරියේ කොට්ඨාස කීපයක මැදිහත්වීමෙන් එහි ඒකාබද්ධ සැලැස්මට අනුගත වෙමින් එම පර්යන්තයේ මාර්ග සැලැස්ම සකස් කළ බවත් ඒ අනුව ඉදිකිරීම් වෙමින් තිබියදී වූ දේශපාලන පෙරළියත් සමඟ පත්කළ නව කළමනාකාරිත්වය සැලැස්ම සංශෝධනය කර ක්‍රියාත්මක කරන බවත් එම වෘත්තීය සමිති අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

එම සංශෝධනය පිළිබඳව වාර්තා වූ වාහාම නව කළමණාකාරිත්වය සමඟ කළ සාකච්ඡාවේදී කළ ඉල්ලීම අනුව වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වාර්තාවක් දුන් බව කියන වෘත්තීය සමිති එම වාර්තාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකර එම මාර්ගයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ලිපියේ සඳහන් කර තිබේ.

නව සැලැස්ම නිර්මාණය කිරීමට දායක වූ සියලු පාර්ශව කැඳවා සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව වඩාත් සුසුසු ක්‍රමව්දය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාකරවන කොට්ඨාශයේ විධායක, සහ විධායක නොවන නිලධාරීන් සහ සැළසුම් හා සංවර්ධන කොට්ඨාසයේ ඉංජිනේරුවරු නැගෙනහිර පහළු පර්යන්තය වෙනුවෙන් දැවැන්ත සටනක් කළ වෘත්තීය සමිති ලෙස මෙම ක්‍රියාවට දැඩිව විරෝධය දක්වන බවත් වෘත්තීය සමිති එම ලිපියෙන් වැඩි දුරටත් පවසයි.

වරාය විධායක නිලධාරීන්ගේ සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමගි සේවක සංගමය සහ ජාතික සේවක සංගමය යන සංගම් පහ මෙම ලිපියට අස්සන් තබා තිබේ.  

 



අදහස් (2)

නැගෙනහිර පහළු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරලා

යෝගා Thursday, 13 February 2025 10:34 AM

අරයා ඉන්දියාවට ගිය වෙලේ හොඳ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඇති. එයා දවසක ගෙදර යන්නේ අන්ත දූෂිත කියන ලේබල් එකත් ගහගෙන.

:       11       20

Nimal Thursday, 13 February 2025 11:38 AM

ලංකාවේ සිස්ටම් චේන්ජ් කළ නොහැක... කරන්න හදන එකේ චේන්ජ් වීම පමණක් සිදු වේ

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site