
(රොෂන් තුෂාර)
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව පැමිණිල්ල අගෝස්තු 07 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (13) නියම කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් අගෝස්තු මස හත්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළාය. එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළාය. සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශ බංඩාර ගනේගොඩ, යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
ඔය ගානට නඩු දාන එකත් පාඩුයි වගේ. ඩොලර් මිලියන ගානක් හොරා කාපු නාමල්ට ඔය ගාන හරියට අපිට රුපියල් 1-2ක් වගේ ඇත්තේ. මන් නම් හිතන්නේ ඔය ගාන වගේ 100ගුණයක් වෙන්න ඇති.
නඩුව දාපු කෙනාගේ චර්යාව අනුව නඩුවට සාක්කිකාරයෝ මවලාද දන්නේ නෑ. ඔප්පු කරගන්න බැරි නඩුවක් වුණත් ඔවුන්ට ලැජ්ජාවක් නෑ. ඔහෝම යං...
මරු නඩු ඇහිල්ල... පැමිණිල්ල 2015 දී අහන්නේ 2025 පෙබරවාරියේ කැඳවන්නේ අගෝස්තුවේදී. ඕක අහලා ඉවර වෙනකොට නාමල්ට වයස 75යි. එතකොට දඩය රු100000ක් ගහලා ඉවර කරනකොට ප්ලේන්ටියක් රු80000යි
නඩු සීයක් දැම්මත් අපි බය වෙයි…., මගේ නඩු මමම කතාකරනවා හලෝ….!
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා නීතීයෙන් බේරුණත් ජනතා සාපයෙන්වත්, ස්වභාව ධර්මයෙන්වත්.. ගැලවීමක් නැතිවෙයි.
මරු නඩු ඇහිල්ල පැමිණිල්ල 2015 දි අහන්නේ 2025 පෙබරවාරියේ කැඳවන්නේ අගෝස්තුවේදී. ඕක අහලා ඉවර වෙනකොට නාමල්ට වයස 75යි. එතකොට දඩය රු100000ක් ගහලා ඉවර කරන කොට ප්ලේන්ටියක් රුපියල් 80000 යි.