IMG-LOGO

නැ‘හිර මහඇමතිත් විජයදාසට දෙහිකපයි

මෙරට මුස්ලිම් ජාතිකයික් තිස් දෙදෙනකු ඉස්ලාමීය අන්තවාදී අයිඑස් ත‍්‍රස්ත සංවිධානය හා එක්ව සිටින බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු යැයි නැගෙනහිර මහ ඇමති හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය

මොවුන් කවුරුන්ද යන්න අධිකරණ අමාත්‍යවරයා විසින් මුලින්ම ප‍්‍රකාශ කළ යුතු බවද මහ ඇමතිවරයා පැවසීය

අම්පාර සායින්දමරුදු ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කීය.

මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ ක‍්‍රියා  සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන මොහොතක බුද්ධි අංශ විසින්ද ප‍්‍රතික්ෂේප කරන ලද ප‍්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිරීම මුස්ලිම් ජනතාවට  එරෙහි ක‍්‍රියාවන්ට අනුබල දීමක් බවද හෙතෙම කීවේය

ලෝකයේ මුල්ම වරට ත‍්‍රස්තවාදයට එරෙහිව හඩක් නැගූ එකම ජාතිය මුස්ලිම් ජාතිය යන සත්‍ය සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත් ඔහු කීය.



අදහස් (0)

නැ‘හිර මහඇමතිත් විජයදාසට දෙහිකපයි

ජයරත්න Monday, 21 November 2016 10:47 AM

බයවෙන්න දෙයක් නැහැ අපට ඉන්නවා ප්‍රායෝගික අත්දැකීම් වලින් පිරිපුන් ත්‍රිවිද හමුදාවක් , (හේ)

:       0       0

නුවන් Monday, 21 November 2016 10:52 AM

මට නිකන් පිස්සු හැදෙන්න එනවා වගේ! (හේ)

:       0       0

ගවුස් Tuesday, 22 November 2016 02:18 AM

අයවැය විවාදයට ඇවිත් අයවැය ගැන කතා නොකරන එකම කෙනා. කරන හැමදේම ඇණගන්නවා. කිසිම දෙයක් පිළිවෙලකට කරන්න දන්නේ නැහැ. දේශපාලකයන් දන්නේ මිනිසුන්ට පරිභව කරන්න අපහාස කරන්න විතරයි. මොවුන් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? (නි)

:       0       0

ජගත් Monday, 21 November 2016 11:40 AM

පේනවා,පේනවා..හීනියට ලෝකයේ ත‍්‍රස්තවාදයට එරෙහිව හඩනඟන හැටි.(හේ)

:       0       0

කුමාර Monday, 21 November 2016 11:53 AM

මෙයා අයි එස් ද කොහෙද! අනේ අපි නොදන්නා ඔයාලගේ කරුණාව! මුළු ලෝකෙම දන්නවා ඔයාල කව්ද කියල. බලහල්ලකෝ මුගේ තිබෙන ගණන්! (බ)

:       0       0

ජගත් Monday, 21 November 2016 11:57 AM

පේනවා,පේනවා..හීනියට මුළුලෝකයේ ත‍්‍රස්තවාදයට එරෙහිව හඩනඟන හැටි. (බ)

:       0       0

බන්දුල Tuesday, 22 November 2016 03:58 AM

මහා ඇමති සුදු හුණු ගාන්න දගලන්න එපා . වැරද්දක් තිබෙන නම් හදාගන්න, ඔබත් නාඩගම නැටුවා අමතකද? (බ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 22 November 2016 04:12 AM

නිවටයෝ දුටු තැන එළුවොත් රැවුල පානවාලු. මොනවා වුණත් විජයදාස මහතා කොන්ද පණ තිබෙන ඇමැති කෙනෙක් (බ)

:       0       0

අනුෂ්ක Monday, 21 November 2016 01:04 PM

මොකක්ද මේ කතාව.(හේ)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 01:34 PM

ලෝකයේ තිබුන කුරිරුම ත්‍රස්තවාදය මේ ලක්බිමෙන් අතුගා දමන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ හිටපු හමුදාපති හෑල්ලු කළ මිනිසෙක් ඇත්ත කිව්වත් ගණන් ගන්නේ නැති තත්වයට ඇද වැටීම ශෝචනීයයි. (බ)

:       0       0

ලාල් Monday, 21 November 2016 01:35 PM

විජයදාස රාජපක්‍ෂ මහතාගේ චෝදනාව අප 100%ක් පිළිගන්නවා.එතුමා කළ ප්‍රකාශය සත්‍යය හා නිවැරදි නිසා සිදුකළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගත යුතුයි.සමහර විට මීට වඩා ප්‍රමාණයක් ලංකාවෙන් අයිඑස් එකට බැදිලා ඇති ලෝකය වනසන ක්‍රියාවලියට සම්මාදන් වෙන්න. (බ)

:       0       0

නාරද Monday, 21 November 2016 07:21 AM

‘ලෝකයේ මුල්ම වරට ත‍්‍රස්තවාදයට එරෙහිව හඩක් නැගූ එකම ජාතිය මුස්ලිම් ජාතිය යන සත්‍ය සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත් ඔහු කීය‘ කොහෙද තියෙන්නේ (බ)

:       0       0

අරවින්ද Monday, 21 November 2016 03:10 PM

සමහරුන්ට මේ ඇත්ත තිත්ත බව පෙනේ. (හේ)

:       0       0

මේනු Monday, 21 November 2016 07:25 AM

අයිඑස් එකෙන් නම් බේරෙන්න වෙනවා. කොහෙන් කොහෙන් මතුවෙයිද දන්නේ නැහැ. අායෙත් යුද්දයක් නම් එපා. (බ)

:       0       0

ලංකා පුත්‍ර Monday, 21 November 2016 07:48 AM

කරන්න හොදයි කියන්න නරකයි (ම)

:       0       0

සෑම් Monday, 21 November 2016 05:22 PM

විජයදාස රාජපක්‍ෂ මහතාගේ කතාව 100% හරි. සත්‍ය එළියට එනකොට මේගොල්ලෝ නලියනවා. (නි)

:       0       0

කැටවල Monday, 21 November 2016 06:54 PM

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්. නමුත් විජයදාස අමාත්‍යතුමාට මම ගරු කරනවා. හරි දේ හරි විදියට කියනවා (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 21 November 2016 07:36 PM

අයිඑස් සංවිධානය නිසා ලංකාවේ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නැති බවයි මගේ නම් අදහස (නි)

:       0       0

රුවන් Monday, 21 November 2016 11:11 PM

ඔහු කී දේ 200%ක් හරි. සමහර මහා ඇමතිලා හිතාගෙන ඉන්නේ ඔක්කොම එක වගේ කියලා. අපට ඕනෑ ප්‍රශ්නවලට හැංගෙන නායකයෝ නොවේ, කෙළින් මුහුණ දියහැකි නායකයෝ! (නි)

:       0       0

ලක්සිරි Monday, 21 November 2016 10:32 AM

අනේ මේ අයගේ බොරු කයිවාරු.(හේ)

:       0       0

නිමල් Tuesday, 22 November 2016 10:23 AM

ඇත්ත කියන්න බිය විය යුතුද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site