IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නව සංචාරක කලාප 13ක්

(නිමල කොඩිතුවක්කු)

සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව එහි ප්‍රකාශකයෙක් පැවසිය.

මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර එයට අමතරව මෙම නව සංචාරක කලාප හදුන්වාදීමට නියමිතය.

වසරේ ගතවූ මුල් දින නමය තුළ සංචාරකයින් 70944 ක් මෙරටට පැමිණ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

2024 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂ පනස්තුන්දහස් හාරසීය හැටපහකි.

 



අදහස් (8)

නව සංචාරක කලාප 13ක්

චන්දිම Tuesday, 14 January 2025 05:52 PM

නොදන්න නිසා අහන්නේ. අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මහනුවර සම්චාරක කලාප නෙවෙයිද? ඒ කිව් තැන් ලන්කාවේ නොවෙයිද? මොකද මේ මිනිස්සු කියන බොහෝ දේවල් පැහැදිලි නෑ.

:       2       31

de silva Tuesday, 14 January 2025 06:12 PM

සංචාරක මණ්ඩලේ අද ඊයේ මේවා සංචාරක කලාප ලෙස හඳුනා ගත්තාට, අනුරාධපුරේ, පොලොන්නරුව බලන්න සංචාරකයෝ එන බව රටේ පාසල් දරුවෝත් දන්නවා..

:       1       24

sunak Tuesday, 14 January 2025 06:28 PM

අපේ අය කීදෙනෙක් වෙනත් රටවල්වල සංචාරය කරලා තියෙනවාද?

:       0       6

Buddika Tuesday, 14 January 2025 06:51 PM

තියන සන්චාරක කලාප තුළවත් යටිතල පහසුකම් හරියට නෑ. තිබ්බත් නඩත්තුව ඉතාම දුර්වලයි. සීගිරියේ දේශීය සන්චාරකයින්ට සලකලා තියෙන්නේ යාචකයින්ට වගේ. වැසිකිලි ඉතාම අපිරිසිදුයි. වාහන පාක් එකේ වැසිකිලි අපායක්. දඹුල්ලේ වැඩක්ම නෑ. මහනුවරත් ඒ වාගේ...!

:       0       21

Perera Tuesday, 14 January 2025 07:54 PM

මුළු රට පුරාම දේශීය, විදේශීය සංචාරකයින් ඉන්නවා. දැන් ඒ නිසා මුළු ලංකාවම සංචාරක රටක් බව සලකන්න.

:       0       3

Chamara Tuesday, 14 January 2025 11:20 PM

සංචාරක කලාප විදිහට අඳුනා ගත්තාට මදි. එවාගේ යටිතල පහසුකම් ටික හරියට හදන්න ඕනේ. 1. පාරවල් , රථ ගාල්, ඉහළ මට්ටමේ වැසිකිලි පහසුකම් සහ තරු මට්ටමේ ආපන ශාලා මේ පැතිවල හැදෙන්න ඕනේ 2. පුහුණු සංචාරක මග පෙන්වන්නෝ, ඉහළ මට්ටමේ සංචාරක ප්‍රවාහන පහසුකම් සහ පුහුණු සංචාරක රියැදුරෝ ඕනේ. 3. ඒ පළාත් වල නවතින්න තරු හෝටල් හැදෙන්න අවශ්‍ය පහසුකම් රජයෙන් දෙන්න ඕනේ (අඩු පොළී ව්‍යාපාර ණය) සරලවම කිව්වොත් එන සංචාරකයින්ට වියදම් කරලා සැපේ දවස් 4,5ක් මේ එක සංචාරක කලාපයේ ඉඳලා ඩොලර් 1000, 2000ක් වියදම් කරන්න දේවල් තියෙන්න ඕනේ...

:       0       2

kamal Koyrala Wednesday, 15 January 2025 03:14 PM

සවිස්තරාත්මක වාර්තාවක් ලීවා නම් හොඳයි. සංචාරක කලාපය හදන කන්නේ කෙසේද, එකි කලාප වල විශේෂත්වය, සංචාරකයින්ට බලන්න තියන දේ, සහ සංවර්ධනය කරන්නේ මොන නිර්නායකයන් යටතේද වනි කරුණු, නැතහොත් කැලෑ පාලුවන්ට හෝටල් හදන ඉඩම් බෙදනවද කියලා."

:       0       0

de silva Wednesday, 15 January 2025 04:57 PM

සංචාරක මණ්ඩලෙන් හඳුනා ගත්තා කියන්නේ එම පළාත්වල ටුවරිසම් කරලා ජීවත්වෙන පොඩි මනුස්සයාගේ හිසමත තවත් බරක් පැටවෙන එක මිසක් වෙන මොනවාද? ඔය මණ්ඩලේ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට කරපු මගුලක් නැහැ... ඕකෙන් කලේ කුඩාපරිමාණ ව්‍යාපාරිකයා සහ සංචාරකයා ගසා කන්න කුමක් හෝ උපක්‍රමයක් දමපු එක... ඔය සංචාරක මණ්ඩලේ හරියට ලංකාවේ සංචාරක ව්‍යාපාරේ යන සත්වයා මත වහල ඉන්න මැක්කෙක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11006 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site