IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නව නිපැයුම් ප්‍රදර්ශනය ආනන්දේ

2014 වසරේ දීප ව්‍යාප්ත විද්‍යා දින වැඩසටහන් මාලාවට සමගාමීව ආනන්ද විද්‍යාලයේ නව නිපැයුම් කරුවන්ගේ සංගමය සංවිධානය කළ ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිපත් බෙදා දීම අද (25) එම විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික විද්‍යා  පදනමේ සභාපති මහාචාර්ය ඩබ්ලිව් ඒ සුමතිපාල, ආචාර්ය ජයන්ත වත්තේවිතානගේ, ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් ඉන්ජිනේරු නලීන් ඩී කරුණාසිංහ සහ ඉන්ජිනේරු චිත්‍රා බොතේජු   මහත්ම මහත්මීහු ප්‍රධාන ආරාධිතයෝ වූහ.

අනාගතයේ දී ඇති විය හැකි බල ශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඇමැති රණවක මහතා දේශනයක් කළේය.  

ආදි ආනන්දියකු වන චම්පික රණවක මහතා අතින් නව නිර්මාණ ජයග්‍රාහකයනට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමූ අතර නව නිපැයුම්කරුවන්ගේ සංගමය මගින් ඇමැතිවරයාට ද සමරු තිලිණයක් පිළි ගැන්වීය.

මේ අවස්ථාවට පාසල් රැසක් නියෝජනය කරමින් සිසුහු සහ ගුරුවරු සහභාගී වූහ.

ජතික විද්‍යා පදනම, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නය නිපැයුම්කරුවන්ගේ කොමිසම අනුග්‍රහය දැක්වීය.



අදහස් (0)

නව නිපැයුම් ප්‍රදර්ශනය ආනන්දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site