IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නව කෘත‍්‍රිම ධාවන පථය තරගවලට වගේම පුහුණුවටත් හොඳයි

සුගතදාස කී‍්‍රඩාංගණයේ නව කෘතිි‍්‍රම ධාවන පථය තරගවලට පමණක් නොව පුහුණුවීම් සඳහාද යෝග්‍ය ධාවන පථයක් ලෙස සැලකිය හැකි බව ප‍්‍රවීණ මලල කී‍්‍රඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා පැවැසීය. සුගතදාස කී‍්‍රඩාංගණයේ නව ධාවන පථය විවෘත කිරීම නිමිත්තෙන් කී‍්‍රඩාංගණ මාධ්‍ය කුටියේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එසේ පැවැසීය. මාධ්‍යවේදියකුගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් සුනිල් ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය. සුගතදාස පිටියේ මීට පෙර පැවැතියේ ”මොන්ඩෝ” වර්ගයේ ධාවන පථයක්. එහි ස්වභාවය තදයි. නමුත් දැන් ඉදිකර තිබෙන ”සැන්විච්” වර්ගයේ ධාවන පථයේ එවැනිම තද ස්වභාවයක් දකින්න නෑ. මේ නිසා නව ධාවන පථය තරගවලට විතරක් නොව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුහුණුවීම්වලටත් යෝග්‍ය බවයි මා විශ්වාස කරන්නෙ. කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ගැනත් යමක් කිව යුතුයි. මේ තරගාවලියේදී අපට ප‍්‍රාතිහාර්යයක් පාන්න බෑ. මෙතෙක් පැවැති තරගාවලි 14 දීම ශ්‍රී ලංකාව දිනා ඇත්තේ රන් පදක්කම් දෙකක් පමණයි. මේ කාලය තුළදී දිනා ඇත්තේ මුළු පද්ක්කම් 12 ක් පමණයි. ඊට රිදී පදක්කම් හයක් ඇතුළත්. වසර 1998 දී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් ගණන වන පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්වුණා. රන් පදක්කම් දෙක දිනා ගත්තෙත් එතනදි. ඒ සුසන්තිකා හා දර්ශා විසිනුයි. එදා මෙදා තුර ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී ලබා තිබෙන තත්ත්වය ඒකයි. මේ තරගාවලියේදී ඇතැම් අය ශ්‍රී ලංකාවෙන් ලොකු දෙයක් බලාපොරොත්තුවන බවත් පෙනෙන නිසයි මා මේ ගැන මෙහෙම දෙයක් සඳහන් කළේ. මෙදා අපිට පොඩි වාසියක් තිබෙන්නෙ. සත්කාරක රට හැටියට වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් සහභාගි කරන්නත් සමහර රටවලින් ඇතැම් ඉසව් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි නොවීමත් කියන කාරණා තුළයි. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව කෘත‍්‍රිම ධාවන පථයේ ඉදිකිරීම් සම්බන්ධීකරණය කළ දේශීය නියෝජිත ආයතනය වන ගහකොළ ලෑන්ඞ්ස්කේපින් ආයතනයේ අධ්‍යක්ෂ ධර්මසිරි රාහුබද්ධ මහතා පැවැසුවේ නව පථය සඳහා වසර පහක වගකීමක් දරන බවයි. කෘත‍්‍රිම ධාවන පථ ඉදිකිරීමේදී ඉහළම ජාත්‍යන්තර ප‍්‍රමිතින් අනුව ඉදිවූ නව පථය ඇතුළත් සුගතදාස කී‍්‍රඩාංගණයට ආවරණය වන පරිදි කෘමින් පාලන කිරීමේ අභ්‍යන්තර නල පද්ධතියන් කි‍්‍රයාත්මක වන බවත් ඒ සඳහා යොදා ගත්නේ මිනිස් ශරීරයට අහිතකර නොවන රසායනික ද්‍රව්‍ය බවත් එහිදී රාහුබද්ධ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම මාධ්‍ය හමුවට කී‍්‍රඩා අමාතයංශයේ ඉහළ පෙළේ නිලධාරිහු රැසක් සහභාගිවී සිටියහ. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සුනිල් ගුණවර්ධන මහතා... ගහකොළ ලෑන්ඞ්ස්කේපින් ආයතනයේ අධ්‍යක්ෂ ධර්මසිරි රාහුබද්ධ මහතාද මෙහි වෙයි. (ඡායාරූපය: සුමින්ද සුදර්ශන පතිරණ)



අදහස් (0)

නව කෘත‍්‍රිම ධාවන පථය තරගවලට වගේම පුහුණුවටත් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site