IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නව කඩඉම් ලකුණු නිකුත් වෙයි

2011 අපොස උසස්පෙළ විභාගයේ Z ස්කෝර් නිවැරදි කඩඉම් ලකුණු මාස හතකට පසු අද අන්තාර්ජාලයට මුදා හැරියේය. මෙම ලකුණු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය හා සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන් පසුව අලුතින් එම ලකුණු ගණනය කර ප්‍රමාධයකින් තොරව ප්‍රතිඵල නිකුත් කරන ලෙස ඉකුත් ජූනි 25 දින ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නිර්දේශ කළේය. එම නියෝගය නොපිළිපැද උසාවියට අපහාස කළැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක කරුණු දැක්වීමට සදහා උසාවියට කැඳවා තිබේ. උසාවිය නියෝගය නිකුත් කළේ පැරණි සහ නව නිර්දේශ වෙන වෙනම ගණනය කරන ලෙසයි. ඇතැම් සිසුන්ගේ එම නිර්දේශ දෙක එකට ගෙන ගණනය කළ නව කඩඉම් ලකුණු සහ පැරණි කඩයිම් ලකුණු අතර වෙනසක් වී ඇත. කලින් දිස්ත්‍රික් මට්ටම 150 තුබූ ශිෂ්‍යා දැන් 50 වැනි තැනටත්, කලින් 25 තිබූ ශිෂ්‍යයා දැන් 94 වැනි තැනටත් පැමිණ ඇත. මුලින් ගණනයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් තිබූ සිසුන්ට දැන් එය අහිමී ඇත්නම් එසේ වී තිබෙන්නේ සිසුන්ගේ වරදින් නොවන නිසා එම සිසුන්ටද සාධාරණයක් ඉටු කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

නව කඩඉම් ලකුණු නිකුත් වෙයි

ගිහාන් Monday, 23 July 2012 10:48 AM

අධිකරණ තීන්දුවේ වරදක් නැත..එහි කියා ඇත්තේ විෂය නිර්දේශ දෙකට අදාළ Z අගයන් වෙන වෙනම ගණනය කරන ලෙස පමණි.ගැටලුව වී ඇත්තේ අගයන් වෙන වෙනම ගණනය කර ඒවායේ අනුපිලිවෙල ගත් ආකාරයේය. මෙම අනුපිලිවෙල ගන්නා ආකාරය පිළිබඳව කමිටුව විසින් කරන ලද නිර්දේශය නිවැරදි නොවේ.පැරණි විෂය නිර්දේශයේ ළමයින් ගේ දිස්ත්‍රික් කුසලතා අසාමාන්‍ය ලෙස පහත බැසීමට හේතුව මෙයයි. විෂය නිර්දේශ දෙකේම විභාගයට ඉදිරිපත් වූ ළමයින් ප්‍රමාණ සලකා,ඒ අනුව විෂය නිර්දේශ දෙකට වෙන වෙනම ප්‍රතිශත ක්‍රමයකට අනුව දිස්ත්‍රික් කුසලතා ගැන්වීම කළා නම් මෙපමණ අසාධාරණයක් සිසුන්ට සිදු නොවන්නට ඉඩ තිබිණි.වරද ඇත්තේ කමිටුව අතේය. විභාගයට සති දෙකකට කලින් ප්‍රතිඵලය වෙනස් කර ඕන නම් නැවත විභාගය ලිවීමට හැකියැයි කීම හාස්‍ය ජනකය. විභාගයට පෙර සුදානමක් නොතිබූ සිසුන්ට උසස් පෙළ වැනි විභාගයකට සති දෙකකින් සුදානම් වන්න කියන්නේ කිසිදා උසස් පෙළ නොකෙරූ අය විය යුතුය. කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ලෙස ප්‍රතිඵල නිකුත් කරන්න යැයි ජනාධිපතිවරයා කීවත් අද රටේ සියලු දරුවන්ට සාධාරණය ඉටුවී තිබේද? (නි)

:       4       0

ඉරාන් Monday, 23 July 2012 11:08 AM

අහෝ, අධ්‍යාපනයක ආශ්චර්යය...... (නි)

:       0       1

හර්ෂ Tuesday, 24 July 2012 11:29 AM

පරණ විෂය නිර්දේශයට සහ අළුත් විෂය නිර්දේශයට ඉසෙඩ් ස්කෝර් එක වෙන වෙනම හදලා පස්සේ ඒවා සියල්ලම එකට පෙළ ගැස්සවීම අසාධාරණ නොවේද? (නි)

:       2       0

ඉෂි Sunday, 22 July 2012 05:11 PM

අනේ ස්ටාලින් මහත්තයෝ, ඔයාම කියන්නකෝ හැමෝටම සාධාරණයක් වෙන ක්‍රමයක්.(ත)

:       0       0

අමිල කටුනායක Sunday, 22 July 2012 05:20 PM

මේ අයගෙ විකාර නිසා කොයි තරම් ළමයින්ට සිත් තැවුල් ඇතිවෙනවාද? (ත)

:       0       0

ජගත් චන්දන Sunday, 22 July 2012 05:25 PM

දිස්ත්‍රික් මට්ටම 25 තිබූ ශිෂ්‍යයා හිටියෙ ගොඩාක් සතුටින්. විශ්වවිද්‍යාල යන්න පුලුවන් නිසා Revision ගියෙත් නෑ. දැන් 98. සිහින මහ පොළවට සමතලා වෙනකොට හිතට දැනෙන ආතතියට වන්දි ගෙවන්නෙ කවුද ? (ත)

:       0       0

DAMINDA DUNASENA Sunday, 22 July 2012 07:14 PM

මේ දරුවන්ගෙ මේවාගේ වද දෙන්න එපා (අ)

:       0       0

නලීන් Sunday, 22 July 2012 07:45 PM

ළමයිට අසාධාරණයක් වුණේ. ආසියාවේ ආශ්චර්ය (ත)

:       0       1

ජනිත් Sunday, 22 July 2012 09:11 PM

වහා පැරණි නිර්දේශය යටතේ ලියපු ළමයින්ට සාධාරණය ඉටු කළ යුතුයි. (නි)

:       0       1

සනත් Monday, 23 July 2012 01:13 AM

කැකිල්ලේ තීන්දුවක් වගේනේ මේක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site