IMG-LOGO

නිල් අහසේ පාවී ගිය 'සරුංගලේ' සයිමන්

2016-11-27-ent-88

දාහකින් එකෙක් (චන්දරේගෙ යාළුවා), අහස් ගව්ව (ගුණේ), දියමන්ති (ධර්මෙ), එයා දැන් ලොකු ළමයෙක් (සිරිපාල), මරුවා සමග වාසේ (ජස්ටින්), බඹරු ඇවිත් (වීරසේන), සැලී (ජස්ටින්), සරුංගලය (සයිමන්), චූඩා මාණික්‍ය (විකී), එක්ටැම්ගේ (මාටින්), විමල් කුමාර ද කොස්තා නම් වූ ශ්‍රී ලාංකීය සිනමාව ස්වකීය චරිතාංග රංගනයෙන් හැඩ කළ රංග ශිල්පියා ගැන හැඳින්වීමක් කිරීමට එකී චරිත ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්ය. තමන්ටම අනන්‍ය වූ ස්වකීය රංග ශෛලියකින් කලකට පෙරදී සිනමාව හැඩ කළ ඒ ප‍්‍රවීණයාද ස්වකීය ජීවන රංගනයෙන් සදහටම සමුගෙන යන්නට ගියේය. පසුගිය කාලයේදී තම අපූර්වතම රංග ප‍්‍රතිභාවයෙන් සක‍්‍රීය දායකත්වයකින් ලබා නොදුන්නද විමල් කුමාර ද කොස්තා යනු රංග ප‍්‍රතිභාවෙන් පේ‍්‍රක්ෂක මතක දනව්වේ නිරන්තරයෙන් රැුඳී සිටි ප‍්‍රවීණයෙකි.

2016-11-27-ent-89විමල් කුමාර ද කොස්තා උපත ලැබුවේ 1948 ජූලි 4 වැනිදා කැලණියේ දී ය. නිළි රැුජිණගේ සිට කලා ලෝකයට බොහෝ අපූරු චරිත බිහිකළ කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද කොස්තා හැටේ දශකයේ අග භාගයේ සිට ස්වකීය රංග චාරිකාව ඇරඹීය.

සිනමාවේ වෘත්තීය රංග චාරිකාව ඇරඹීමට පෙර පාසල් සමයේ සිට ඔහුගේ හැකියාව ප‍්‍රකාශ කළේ වේදිකාව වෙතිනි. ‘ගොඩෝ එන කං’ ඒ ඇරඹුමේ අපූරු සනිටුහන් කිරීමකි. ඉනික්බිතිව ‘දුන්න දුනුගමුවේ, හිත හොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරියෝ, කොරා සහ අන්ධයා’ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවකට ඔහු දායකත්වය ලබා දුන්නේ රංගනයකට එහා ගිය අභිරූපණ රංගනයේ ජීවමය ගුණයද, භාවමය ප‍්‍රකාශනයද අපූරුවට සනිටුහන් කරමිනි. මේ හැකියාව සිනමාවේ රිදී සලකුණක් බවට පත් කළේ ප‍්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන්ය. අතිශය ශූර රංගවේදියකු යන ඉව හඳුනාගත් පසු ධර්මසේන පතිරාජයන් ඔහුගේ කෙටි චිත‍්‍රපටයක් වූ සතුරෝ වෙතින් කොස්තාගේ රිදී චාරිකාවට අවකාශය සළසා දුන්නේය.

ඉනික්බිතිව පතිරාජයන්ගේ ස්වර්ණමය සිනමා ගෙත්තම් වූ අහස්ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් වැනි නිර්මාණවලට පසුකලෙක කොස්තා දායකත්වය ලබා දුන්නේය. නමුත් ස්වකීය සිනමා චාරිකාවේ මුලින්ම තිරගතවූ වසන්ත ඔබේසේකරයන්ගේ ‘වෙස්ගත්තෝ’ යනු ඔහුගේ රිදීමය සලකුණු සනිටුහන් කළ රිදී තිරයේ ඇරඹුම විය.

පතිරාජයන්ගෙන් පසුව විමල් කුමාර ද කොස්තා නමැති අපූරු රංගධරයාගේ කුසලතාවය මිරිකා පෙරා ගත් අනෙක් අධ්‍යක්ෂවරයා වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. කොස්තාගේ රංග චාරිකාවේ මතකයන් ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ආවර්ජනය කළේ මෙලෙසිනි.

”කොස්තා ගැන කතා කිරීමේදී ධර්මසේන පතිරාජයන්ගේ දායකත්වය ගැන ඉහළින්ම කතා කළ යුතු වෙනවා. කොස්තාගේ රංග කුසලතාවයෙන් පතිරාජයන් ලබාගත් දායකත්වය අපට අමතක කළ නොහැකියි. මගේ නිර්මාණ සමග කොස්තා මුල්වරට එක්වුණේ ‘සරුංගලය’ සමගයි. එදා ගාමිණී ෆොන්සේකා නඩරාජා ලෙස අපූර්ව රංගනයක නියැලෙද්දී කොස්තා සයිමන් ලෙස ප‍්‍රධාන චරිතයකට දායක වුණා. එදා නඩරාජා සහ සයිමන්ලාගෙ අතර වූ රූගත කිරීම් සඳහා අපි රත්මලාන ප‍්‍රදේශයේ පසුතලයක් නිර්මාණය කළා. ගාමිණී සමග කරට කර රංගනයක යෙදුණු කොස්තා මගේ අධ්‍යක්ෂණ කාර්යයට ඉතා සුහද සහයෝගයක් ලබාදුන්නා. මම හිතන්නෙ මට පමණක් නොවේ එවකට ඔහු දායක වූ නිර්මාණවල අධ්‍යක්ෂවරු සමග ඉතා සුහදව කටයුතු කළා. පසු කලෙක ‘සිරිබෝ අයියා’ වෙනුවෙන් චරිතයකට මට කොස්තා ගතයුතු වුවද ඔහු අතිශය කාර්ය

2016-11-27-ent-87බහුලව සිටි බැවින් මට ඔහුගේ දායකත්වය ලබා ගැනීමට බැරි වුණා. නමුත් පසු කලෙක රාජ් රණසිංහ නිෂ්පාදනය කළ මා අධ්‍යක්ෂණය කළ ‘ජීවිතයෙන් ජීවිතයක්’ චිත‍්‍රපටයේ චරිතයකට කොස්තා දායක වුණා. එය ජනප‍්‍රිය චිත‍්‍රපටයක් නොවුවත් ඔහුගේ රංගනය ඉතා විශිෂ්ට වුණා. එහි තිර කතාව ලිව්වේ සෝමවීර සේනානායකයන්. කොස්තා රඟපෑවේ සර්කස්කරුවෙකු ලෙසයි. ඒ චරිතයේ ස්වභාවය හැටියට මහජනයාට හාස්‍ය ලබා දුන්නද ඒ සිනහව සම්පාදනය කළ මිනිසාගෙ ජීවිතය පිටුපස කඳුළ තිබුණා. වතාවක මේ නිසා ඔහු සියදිවි හානිකර ගැනීමට මුහුද ළඟට ගොස් සිටියදී ඔහුට කාන්තාවක හමුවුණා. ඇය සිඟිති පුතු සමග මුහුද අද්දරට ඇවිත් හිටියෙ ජීවිතය නැති කර ගන්නයි. පසුව ඇයගේත් පුතුගේත් ජීවිතය බේරා ගෙන ඔහු ඔවුන් සමග ජීවත් වෙනවා. හැබැයි එහෙම කරන්නෙ ඒ මව සහ දරුවාගේ යහපත වෙනුවෙන්. ඒ හැර අයුතු ප‍්‍රයෝජන වෙනුවෙන් නෙවෙයි.

මේ අපූරු රංගනය වෙතින් පේ‍්‍රක්ෂකයින්ගේ නෙතට කඳුළක් ගෙනදීමට කොස්තා සමත් වුණා. ඇත්ත වශයෙන්ම බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, අහස් ගව්ව වැනි චරිත විශිෂ්ට රංගනයන් මෙන් වූ තවත් විශිෂ්ට රංගනයක් ලෙස එය නම් කළ හැකියි.

කෙසේ වෙතත් මේ විශිෂ්ටයාගෙන් පසුකලෙක සිනමාවට හෝ රූපවාහිනියට දායකත්වයක් නොලැබුණ තරම්. ටෙලිනාට්‍ය ප‍්‍රවණතාවයේදී ටෙලිනළුවකු ලෙස මතකයේ රැඳෙන චරිත කළ හැකිව තිබූ රංගධරයෙක් වුවද ඒ අංශයෙන් ඔහුගේ දායකත්වයක් මා දුටුවේ නැහැ. ලාංකීය සමාජයේ ආරම්භයේ පටන් වෘත්තීය නළුවකු වුවද ඒ නළුකම තෝරාගත් අය අතරින් ආර්ථිකව සාර්ථක වූවේ ඉතා අතළොස්සක් පමණයි. ඒ වෘත්තීය වෙතින් පමණක්ම ජීවිතය ගෙන යාමට එය ප‍්‍රමාණවත් වූයේ නැහැ. මේ අභාග්‍යයට විටෙක මේ රංග ශිල්පියාත් මුහුණ දෙන්නට ඇති”

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කළාක් මෙන් මේ රටේ වෘත්තීය කලාකරුවකු වීම යනු ආර්ථික අභියෝගයකට මුහුණදීමකි. ඒ අභියෝගය ජයගත හැකි වන්නේ වාසනාවද දෛවයද අනුව යැයි කිව නොහැකිය. නමුත් මුදලට ගත නොහැකි වූ හැකියාවන්ගෙන් කලාවට අපූරු දායකත්වයක් ලබාදුන් විශිෂ්ටයින් ජීවත්ව සිටියදී ඔවුන්ගේ ජීවිතය ගැන සොයා බලා කටයුතු කිරීමට තරම් පරිසරයක් ලාංකීය භූමියේ තවමත් නිර්මාණය වී නොමැත. ‘විමල් කුමාර ද කොස්තා’ නමැති අපූරු රංගධරයා රසික සිත් සතන් සනහා ජීවිත ගමනෙන් නික්ම ගියේද ඒ කරුමයට මුහුණ දී ය. විමල් ස්වකීය රංගනය වෙතින් වින්දනය සඳහා අප වෙත ලබාදුන් දායකත්වයට අපගේ ගෞරවය, ප‍්‍රණාමය පුදමු. කලාකරුවාණනි ඔබට ශාන්ත වූ ගමනාන්තයක්.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

 



අදහස් (0)

නිල් අහසේ පාවී ගිය 'සරුංගලේ' සයිමන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 791 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site