(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නලීන් බණ්ඩාර මහතා ඉකුත් 17 දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සහරාන් හසීම් හා තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ වලට එරෙහිව සුරේෂ් සලේ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි .
මෙම ලිඛිත පැමිණිල්ල ඒ මහතා ඊයේ (18) වරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ අතර අද (19) ඒ සම්බන්ධයෙන් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණි
COMMENTS
දියවන්නාව පට්ටියේ සිටින්නේ 99.9% වාචාල විෂය පිලිබදව උපාධිය ලබපු අය. ඒ අතරින් වාචාල විෂය පිළිබදව මහාචාර්ය උපාධිය ලබාගත් ටික දෙනාගෙන් එක් අයෙක්මේ මේ. මොන රෙද්දක් කරගෙන හෝ බලය ලබාගමු.
කාලය නාස්ති කරමින් රටටම විගඩම් පෙන්වන වෙලාවේ, ඔයිට වඩා හොඳ නැද්ද විරුද්ධ වාදීන් ටික එක පාරටම අල්ලලා හිරේට දැම්ම නම්, බලයෙන් කුල්මත් වෙලා වගේ ඉන්නේ? අර කතාවක් තියනවනේ "රජකම් කලත්, කල කම් පළදෙනවා කියලා" අන්න එදාට තේරෙයි කාට කාටත් තම තමන්, තමුන්ටම ගරා ගත්, කෙරුවාවේ තරම??
කට නිසා නහින්න හදන තව කෙනෙක්
නලින් බණ්ඩාරගේ ප්‍රකාශය බොරුවක්ම කියමුකො.එතකොට සහරාන්ලට සීනි සේන ආණ්ඩුවෙන් වැටුප් ගෙවපු ඒවා
ඉතාම හොඳ දෙයක්. මේ වගේ වාචාලයින්ට හොඳ පාර්ලිමේන්තුව නොව සිරගෙදරයි.
සර් ෆේල් කියන්නේ නිකන්ද?
විරුද්ධවාදීන් හිර කිරීමෙන් මතවාද මැඩලිය හැකිද?
දෙවියනේ..!!! දැන් මේ රට යන්නේ අවරට වගෙයි පේන්නේ... හේතුව නම් අප දන්නේ නැහැ. සියලු විරුද්ධ මත දරන්නන් දඩයම් කිරීමක් වගෙයි පේන්නේ.. තමන්ගේ අය සියලු වරදින් නිදොස් කොට නිදහස්. විරුද්ධ පැත්තේ අය විතරයි වැරදි කොට තියෙන්නේ.. ඔවුන්ට විතරයි දඬුවම් දිය යුත්තේ ... වල් වැදුණු නීතිය .... සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් යැයි කියා නියමයක් මෙන්ම කියමනක් තියෙනවා. ඒ වගේම කාට හරී ඇඟිල්ල දික්කරනා විට තමන්ගේ පැත්තට ඇඟිලි 4ක් එල්ල වී තිබෙනවා. කාගේත් මොනවා හෝ වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් නැහැ. වෙන රටවල මෙන් නොව, හොර මැර වැඩ කොට නැති ඉතාමත් පිරිසිදු ජන කොටසක් තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ රජය ආවම මේ අයගේ වැරදි හොයනවා. මේ අය ඒ අයගේ වැරැදි හොයනවා. මේක තමයි සිරිත. තම තමන්ගේ කප්පරක් වැරදි සඟවාගෙන අනුන්ගේ පමණක් වැරදි හෙවීම තමයි අද සිදුවෙන්නේ. ප්‍රථමයෙන් තමන් නිදොස් වන්න. පසුව අන් අයගේ වැරදි හොයන්න. සිදුවිය යුත්තේ එයයි. කාගෙ කාගේත් පැටිකිරි ගැන රට දන්නවා. උඩ ඉන්න දෙවියෝ දන්නවා. අනේ..!!! රටකට ගිය කලක් ...
මිනිස්සු කට තියන පලියට දොඩවන්න හොඳ නෑ.. මේක පක්ෂ, විපක්ෂ ඕනෑ කෙනෙක්ට පොදු දෙයක්... ගැලරිය ෆෝම් කරන්න කියන කතා නිසා නිකං පල්වෙලා අැත්තක් කීවත් පිළිගන්නේ නැති තත්වයක් එනවා.. එ්කේ වාසිය ගන්නෙත් අනික් පැත්තේ උදවිය...
ටිකක් අමාරුවෙලා වගෙයි. යහපාලකයින්, ජෙප්පොත් එක්ක එකතුවෙලා ඔයටික කොරනකොට කොහෙද හිටියේ? අර කිව්ව කතාව කියන්න තිබුණේ ඒ කාලේ. ඒ කාලේ රජකම් කළ යහපාලකයින්ට පල දෙන්න පටන් අරන්. දැන් අපේ වාරේ. මෙයා එනවා අපිට උපදෙස් දෙන්න. පිස්සු කෙලින්නේ නැතුව බුදිය ගන්න.
තවටික දවසකින් පුතාණෝත් එ්වී වගේ.
මහින්ද රාජපක්ෂ කියන්නේ 1990 ජිනීවා ගිහින් පැමිණිලි කළ අයෙක්. ඒත් දැන් ලංකාව ඇතුළේ කතා කළාමත් අත්අඩංගුවට ගන්නවා. මෝඩ බයියන්ට නම් ජොලි.