IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක  මුදලක්  රජයට  ඉදිරි කර  ඇති  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

එසේම වත්මන් ආණ්ඩුවේ සෙසු  මැති ඇමතිවරුන්ද නාස්ති අවම කරගෙන  ඇති බව  ඔහු ප්‍රකාශ කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය

" මම ඇමැති  වැටුප ගන්නේ නෑ. මන්ත්‍රී වැටුප ගන්නේත් නෑ.  වී8 ඇතුළුව මට එක තැනක  වාහන තුනක් තියෙනවා. තව තැනක තුනක් තියෙනවා. තවත් තැනක දෙකක්  තියෙනවා. ඒ ඔක්කොම වාහන පැත්තකට දාලා මම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරනවා. ඇමතිවරයෙකුට දෙන තෙල් කෝටා එකත්  බාගෙට භාගයක් අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි ඇමති  නිල නිවාස ගන්නෙ නෑ. මේ විදියට බැලුවම විශාල මුදලක් ඉතිරි කරල තියෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මීට පෙර සිටිය කෙනා පෞද්ගලික කාර්ය මණ්ඩලයට විතරක් වියදම් කරලා තියෙනවා මාසෙකට රුපියල් ලක්ෂ හැත්තෑ හයක්. මම අාවට පස්සේ ඒ මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කරගත්තා. එතකොට මාසෙකට ලක්ෂ 74 ක් ආණ්ඩු පක්ෂ පක්ෂකාර්යාලයට විතරක් මම ඉතුරු කරලා දීලා තියෙනවා.

ප්‍රාදේශීය සභාවට පත්වෙන කෙනා මුදල් නාස්ති කරනවානම් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අපි කරන කැප කිරීමටත්  ඒක බරපතළ  නිග්‍රහයක් අවමානයක්. හොරකම් කරන්න සල්ලි දෙන්නේ නෑ. ඒකට දෙතුන් සැරයක් නොවෙයි දහස් සැරයක් හිතන්න ඕනි.

ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.



අදහස් (16)

නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි

ගුණරත්න Tuesday, 29 April 2025 02:55 PM

ඒ මහත්තයා වැටුපක් ගන්නේ නැහැ ලු, දීමනාවක් ගන්නෙත් නැතිව ඇති මම හිතන්නේ, මට තේරුම් ගන්න බැරි ඒ මහත්තයා දරු පවුල නඩත්තු කරන්නේ කොහොමද කියල.

:       21       42

Rama Tuesday, 29 April 2025 04:51 PM

ඒකටනේ ගුණරත්න පක්ෂ අරමුදල තියෙන්නේ. ඒගොල්ලන් වැටුප ගන්නේ නැති නිසා බදු ගෙවන්නේ වත් නෑ...

:       2       30

PereraWednesday, 30 April 2025 08:33 AM

ගුණරත්න, මෙයා මන්ත්‍රී, ඇමති වෙන්නත් කලින් දරු පවුල නඩත්තු කරපු විදියටම තමා දැනුත් කරනවා ඇත්තේ

:       2       2

suwaris Tuesday, 29 April 2025 03:01 PM

කතා කලොත් මෙයාල හැමෝම ආයේ පොඩි ගණන් නෙවෙයි ඉතුරු කරන්නේ . මේක ඇත්තක් නම් තව අවුරුදු දෙක තුනක් යනකොට ලංකාවේ නය ඔක්කොම ගෙවල ඉන්දියාවටත් දෙන්න සල්ලි ඉතුරු වෙන්න ඕන . අර ගෝනි බඩත් කිව්වේ මිනිහත් මාසෙකට ලක්ෂ 50 ක් ඉතුරු කරනවයෝ කියල .වැටුප් ගන්නේ නැහැ කියල කිව්වට එය අන්ඩර දෙමළයක් නේ මහත්තයෝ . ඒ මුදල් ඉතිරිවෙන්න ඕන රජයේ ඒකාබද්ධ අරමුදලේ මිසක ජවිපෙ අරමුදලේ නෙවෙයි නේ . අනික මේ හිටපු අය ආචාර වියදම් කළා මෙච්චර වියදම් කළා කීවට ඒවායින් බොහොමයක් ගල්පැලෙන බොරු බව දැන් දැන් ඔප්පු වෙනවනේ . අර කට ලොකු නංගි අවුරුදු SMS ගැන කිව්වෙත් අලි බොරුවක් බව අතේ පත්තු උනානේ .

:       19       36

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 03:02 PM

මේ වගේ ආණ්ඩුවක් ලොවෙත් නැතුව ඇති. කජු සීයා හිටියා නම් මාසයකට කජු කන්නම ලක්ෂ දහයක් පහලොවක් විතර ඕනා වෙයි.පුතානෝ ආවා නම් ආර්ය්‍යාව නඩත්තු කරන්න මාසයකට කෝටියක් විතර ඕනා වෙයි.හැබැයි මිනිහා ෆ්ලයිට් වල යන්න බය නිසා ඒ ගාන ඉතුරු වෙයි.

:       23       27

Nelum Tuesday, 29 April 2025 04:59 PM

ඔව් නේද අරවින්ද? පඩිය තමන් ගන්නේ නැතුව පක්ෂ අරමුදල යටතේ තියලා ඒකෙන් සල්ලි ටික ගන්න ආණ්ඩුවක් ලෝකෙම නැතුව ඇති තමයි. ඒ වුණාට ඔය සමහරු BMW වල යනකොට ඒ කාලේ කිව්වේ නෝනාගේ තාත්තා අරන් දුන්නා කියලා.

:       4       23

Rasika Tuesday, 29 April 2025 07:24 PM

ලොවෙත් නෑ තමයි මෙහෙම පචෝරිස්ලා ටිකක්...

:       9       13

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 29 April 2025 03:15 PM

ඊළඟ චන්දෙන් මෙයාගේ පරම්පරා සාධකයවත් ඉතිරිවුනොත් හොඳයි !

:       15       23

pj Tuesday, 29 April 2025 04:08 PM

මමත් ඒහෙමයි. මම ප්‍රධාන සංවිධායකයෙක් නොවෙයි. ඇමති ධුරයක් තියා මන්ත්‍රිකමක්වත් දරන්නෙත් නැහැ. වී 8 පාවිච්චියකුත් නැහැ. නිල නිවාසත් නැහැ. සහනාධාරයක් ගන්නෙත් නැහැ. බලන්න මම රජයට ලක්ෂ කීයක් ඉතුරු කරලා දෙනවාද කියලා. පිස්සු නැත්නම් ෂෝක්...!

:       6       26

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 04:40 PM

මේවා දකින විට බයි සංසදය පිස්සු බල්ලෝ කුලප්පු වුණා වගෙයි...!

:       23       13

Rama Tuesday, 29 April 2025 04:56 PM

මම බටහිර රටක රස්සාවක් කරන්නේ. හැම මාසෙම ඩොලර් 3000ක්වත් ලංකාවට එවනවා ගෙවල්වල වියදමට. අපි දුප්පත් නෑයින්ට වටපිට දුප්පත් අයටත් ඔය සල්ලිවලින් උදව් කරනවා. දැන් අවුරුදු 20ක් විතර. අපිට නිල නිවසත් නෑ... v8 තියා ආණ්ඩුවෙන් බයිසිකලයක දෙයක් දීලා නෑ. ඉතින් අපිත් කොච්චර අපේ රටට ඉතුරු කරලා දෙනවාද? ඕවා කයිය ගහන්න දේවල් නෙවෙයි...

:       8       23

Kamal Koyrala Tuesday, 29 April 2025 05:05 PM

බොහොම හොඳයි... මේ ඉතිරි කිරීම්වලින් ණය ටික ටික ගෙවන්න බැරිද? එවිට සියල්ලන්ගේම එකතුව අනුව රටේ ණය මුදල් තම වැටුපෙන් ගෙවන ලෝක වාර්තාවක් මෙන්ම පිල්ලෙයාන්ට වඩා ජාතික වීරයෝ වෙනවා.

:       2       16

NPP Tuesday, 29 April 2025 05:37 PM

කුහකකම ප්‍රදර්ශනය කරන සෙට් එක එකම දේ මතුරනවා. ගුණේ අයියගේ කාමරේ...! 

:       5       12

fairoos Tuesday, 29 April 2025 07:17 PM

ඉතාම හොඳයි... NPP ආණ්ඩුවේ ආවේ නැතිනම් රට හොරාකාපු අයට තිබුණු සැප කොහොමද? මේවා දකිද්දි බයියන්ට නින්ද යන්නේ නෑ.

:       12       10

Samare Tuesday, 29 April 2025 07:18 PM

මේවා කියවනකොට හිතන්නේ එයා 50ක් කියනවා නම් මම 74ක් කියනවා කියලා. මොන්ටිසෝරියේ බබාලා ටික චූටියට හිටියාට එකාට එකා පොඩ්ඩක් ඉරිසියාව වගේ නේද? එයාගේ එකට වඩා මගේ එක ලොකුයි කියන්න පටන් අරන් තියෙන්නේ. දැන් ඊගාවට කවුද දන්නේ නෑ මගේ එක ඔක්කෝටම වඩා ලොකුයි... මගේ ගාන 100යි කියන්න හදන්නේ...

:       2       7

රසික Tuesday, 29 April 2025 07:30 PM

ඒ පැත්තක තියන v8 දිර දිර යනවාද? අපරාදේ රටේ සල්ලි. සාමාන්‍ය වාහනයක් කියන්නේ මොකද්ද? තමන්ගේ සල්ලි වලින් ගනිපු එකක්ද නැත්තන් ළඟදී තමන්ටම කියලා බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු එකක්ද? දන්නා කෙනෙක් කියන්න...

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site