IMG-LOGO

නිලූක - තිළිණි අනිද්දා තරග බිමේ

එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී අද (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලෙට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිට (29) තරග බිමට පිවිසීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න හා බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණි ජයසිංහ අනිද්දා ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියට තරග වදිති. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ  නායකත්වය දරන නිලූක කේවල පිරිමි තරගයේ මූලික වටයට සහභාගිවන්නේ ජපන් කී‍්‍රඩක කෙන්චි ටැගෝ එරෙහිවය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජපන් කී‍්‍රඩකයා අංක  අටේ පසුවන අතර  නිලූක පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීම් අනුව 48 වැනි ස්ථානයේය. ඒ අනුව ඔහුට මූලික වටය ජයගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ. ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව 118 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණ ජයසිංහට මූලික වටයේදී කී‍්‍රඩිකාවන් දෙදෙනකු මුණ ගැසේ. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ පසුවන තායිලන්ත කී‍්‍රඩිකා රැුමෆාක් ඉන්ටැෆෝ හා 73 වැනි ස්ථානයේ පසුවන පෘතුගාල කී‍්‍රඩිකා තෙල්මා සැන්ටෝස්ය. ලබන ඉරිදා (29) ශ්‍රී ලංකා පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුව මීටර් 100 පසුපස ආර පිරිමි ඉසව්වේ මූලික වටයට සහභාගි වේ. මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. ලන්ඩන් නුවරදී ඔලිම්පික් උළෙල පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙයයි. අවසන් වරට 1948 දී ලන්ඩන් නුවරදී පැවැති ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක ඩන්කන් වයිට් යාර 400-කඩුලූ මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව දිනාගත් පළමු ඔලිම්පික් පදක්කමද විය. ලන්ඩන් නුවරදී අද ආරම්භ වන 30 වැනි ඔලිම්පික් උළෙල ලබන  අගෝස්තු 12 වැනිදා දක්වා පැවැත්වේ. ලන්ඩන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන ප‍්‍රධාන ක‍්‍රීඩාංගනය



අදහස් (0)

නිලූක - තිළිණි අනිද්දා තරග බිමේ

වරුණ Friday, 27 July 2012 12:23 PM

තිළිණි කෙසේවෙත්ත නිලූක කොල්ලා ගැන සැකයි. (නි)

:       0       0

සහන් Friday, 27 July 2012 08:40 PM

කොහොමහරි පදක්කමක් ගන්න උත්සාහ කරන්න . ජය ශ්‍රී ඔබ සැමට (නි).

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 10:33 PM

හොද මානසිකත්වයෙන් මව් බිමට ජයක් ගෙන්න ඔබලාට භාග්‍ය උදාවේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 138 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 55 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 210 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site