IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නාලක ගොඩහේවාගෙන් ආණ්ඩුවට චෝදනාවක්

(ඩයනා උදයංගනී)

ආණ්ඩුවට සැලැස්මක් නොමැති අතර සැලස්මක් ගැන කතාකරන අයට ඉඩක් ද නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ කතාවේ  කිසිඳු සැලැස්මක් තමන් නොදුටු බවත්, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සහයදීමට පස්ස ගසමින් සිටින්නේ ආන්ඩුවට නිසි සැලැස්මක් නොමැති නිසා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන් අද (6) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රටේ වත්මන් ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සූදානමින් සිටි බවත්, තමන්ට ලබාදෙන්නේ විනාඩි 3ක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් දැනුම් දුන් බවත් විනාඩි 3 කින් කිව හැක්කේ කුමක්ද යන්න ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කතා කිරීමට වරු ගනන් ලැබෙන අය ඉදිරිපත් කරන රට හදන සැලැස්ම කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බව ද ඔහු දක්වා ඇත.



අදහස් (10)

නාලක ගොඩහේවාගෙන් ආණ්ඩුවට චෝදනාවක්

nalin Wednesday, 06 July 2022 03:54 PM

ඈ එතකොට මෙයා ආන්ඩුවෙ නෙමෙයිද? මුන් හිතන් ඉන්න බයියො වගේ අපිත් අන්දන්න පුලුවන් කියල. ඔය ඔක්කොම ආන්ඩුවේ තමයි.

:       0       33

Hafeel Wednesday, 06 July 2022 04:54 PM

මෙයා වියත් මග සාමාජිකයෙක්...!

:       0       18

ravin Wednesday, 06 July 2022 04:04 PM

පහුගිය කාලෙ ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියගෙන් චරිත සහතිකයක් හම්බවුනා වගෙ මතකයි කෙරුවාවල් ගැන.

:       0       22

Rohan Perera Wednesday, 06 July 2022 04:56 PM

අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා ආණ්ඩුවට ආපු මහතෙක් දැන් බංකොළොත් කරනවා.

:       0       22

sharm warn Wednesday, 06 July 2022 05:06 PM

මෙයාට මොනවා හරි වෙලාද? මෙහෙම ගියොත් ගෙදර, පවුල, දරුවොත් අඳුරන්නේ නැතිව යයිනේ..

:       0       23

tds Wednesday, 06 July 2022 09:04 PM

මෙයා තමයි ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක ලොස් කියලා නැවැත්තුවේ..!

:       0       0

Kumara Wednesday, 06 July 2022 11:41 PM

බුවා ඔය නාටක අපිට හුරුයි... සද්දෙ වහලා උන්නානම් තමයි ඇඟට ගුණ...!

:       0       0

Perera Thursday, 07 July 2022 09:30 AM

විනාඩි 3න් ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියන්න තිබුණනේ..!

:       0       0

APerera Friday, 08 July 2022 08:13 AM

අර නැව ගිනි ගත්තට පස්සෙ, කැස්බෑවො මැරුනෙ වාරකන් නිසා කියපු වියත් මග විද්වතා මෙයාද? එහෙමනම්, මෙයාගෙ විද්වත් භාවය මනින්න වෙන මිනුම් දන්ඩක් අවශ්‍ය නැහැ.

:       0       0

Kandy Whip Friday, 08 July 2022 08:49 AM

ජනතා අපේක්ෂාවන්ට අනුව ක්‍රියා කිරීමට ඇති නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරන තවත් උගත් මෝඩයෙක් දැන් ක්‍රියාශීලී වීමට දඟලන බවක් පෙනෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site