වැල්ලවත්තේ පීටර්සන් පාරේ නිවසකින් ක්‍රෝනර ලක්ෂයක් (රුපියල් විස් එක් ලක්ෂයක් පමණ) සහ රන් ආබරණ පැහැරගෙන ගියැයි කියන පිරිසක් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
එම නිවස හිමිකරු නෝර්වේ පුරවැසිකම ලබා සිටින ශ්‍රී ලාංකිකයෙකි.
ඔහු පැවසුවේ වසර නවයකට පසු තම පවුලේ සාමාජිකයන් 13 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
අද අලුයම තුනට පමණ අවි පෙන්වා කොල්ල කෑ රන් බඩු ඇතුළු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහනක් පමණ බව ඔහු කියයි.
මෙම කොල්ලය හොඳට සැලසුම් කර ඇති බව පෙනේයැයි ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොර්වේ ජාතික නිවසක් කොල්ලකයි
බින්දු Monday, 11 August 2014 11:21 AM
මේ පවුල ගැන යමක් දන්නා අය සම්බන්දයි වාගේ. (නදී)
නීල් Monday, 11 August 2014 11:21 AM
තිරිසනෙකුට උනත් කරදරයක් සිදු උන විට ඒ ගැන සතුටු වන එකා මහම තිරිසෙනෙක්. (නදී)
නිෂේන් Monday, 11 August 2014 11:30 AM
අනේ මන්දා නිවාඩුවකට ලංකාවට එනකොට ඉන්න රටේ තොවිලයක් නටලා ආරක්ෂාවට නුල් බැඳගෙන එන්න වේවි වගේ.(නදී)
ජිලෝ Monday, 11 August 2014 11:39 AM
මමත් කියන්නේ මේ සම්බන්ධව නෑදෑයන් ගැන විශේෂ අවධානයක් යොමු කලොත් හොඳයි කියලා. ඒ මොකද අපි රට ඉඳලා නිවාඩුවට එනවා කිවොත් ඒගොල්ලන්ගේ නිවාස හදා ගැනීමේ ප්‍රශ්න, දරුවන්ගේ දෑවැදි ප්‍රශ්න , වාහනයක් නැති අඩුව ආදී ලක්ෂ ගණන් වැයවෙන අවශ්‍යතා රැසක් එක පාරටම මතු වෙනවා. ඒවා ඉෂ්ඨ කරන්න අපි ජීවිත කාලයම පිටරට කැඹුරුවත් මදි. (නදී)
භානු Monday, 11 August 2014 11:47 AM
අපේ ගමෙත් පිටරට ඉඳලා නිවාඩුවකට ආපු කෙනෙකුගේ ලැප්ටොප් එකේ සිට බැංකු කාඩ් පත් දක්වා සොරාගෙන ගොස් තිබුනා. අන්තිමට බලනකොට එයාගෙම නංගිගේ තරුණ පුත්‍රයා . මාමා පිටරට සිට එන බව දැනගෙන වැඩේ තව දෙන්නෙක් එක්ක සංවිධානය කරලා. හැබැයි ඉතින් නංගි කොහොම හරි කාරනාව ගොඩින් බේරා ගත්තා. උඩ බලාගෙන කෙල ගහන්න බැහැ යන තර්කය අයියාට කියලා. (නදී)
සුගුනවති Monday, 11 August 2014 12:39 PM
මම නම් එන්න බලාපොරොත්තුවක් නැහැ මේ වගේ අය ඉන්න රටකට. (නදී)
ගාමිණි Monday, 11 August 2014 12:52 PM
ස්ත්‍රී දුෂණ ,මංකොල්ල කෑම,සහ මිනි මැරුම් ,පිලිබඳ රජය තවමත් නිහඩ ඇයි ?(දිල්)
සුනිල් විමලසුරිය Monday, 11 August 2014 01:32 PM
අසේල මෝඩ කතාවක් තමයි කිව්වොත් කියන්නේ (නදී)
තරිදු Monday, 11 August 2014 02:50 PM
කුඩු භාවිතය වැඩි වෙන විට අපරාධ වැඩි වෙනවා.(දිල්)
සත්‍යයා Monday, 11 August 2014 04:37 PM
මේ තරම් විදේශ මුදලක් අවසර ඇතුවද රට ඇතුළට ගෙන ආවේ? රත්තරන් මේ තරම් ළඟ තියාගෙන ඉන්නකොට හා නෝර්වේහි පුරවැසිකම දී මෙහාට නිවාඩුවට එවනකොට අපිට යමක් හිතාගන්න පුළුවන් (නි)
ඉසුරන්දි Tuesday, 12 August 2014 08:24 AM
විදේශයකට ගිහින් දහදුක් විදලා යමක් උපයාගෙන ආවම එ්කටත් විදින්න කට්ටිය බලාන ඉන්නවා. ඉතින් කොහොමද ලංකාවේ ජිවත් වෙන්නේ බයෙන් සැකෙන් තොරව. (නදී)
චමින්ද Monday, 11 August 2014 10:23 AM
රට ඉදන් එන බව දන්නා, නෑදෑයන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. (දී)
පුෂ්පසිරි අල්විස් Monday, 11 August 2014 10:27 AM
ආසියාවේ ආයිශ්චාර්ය කියන්නේ මේවට . නිවාඩුව ගතකරන්න ආවත් . නිවාඩුවක් නොවීම . (දී)
චමින්ද Tuesday, 12 August 2014 08:37 AM
රුපියල් විසි එක් ලක්ෂය පවුලේ සාමාජිකයන් 13 දෙනාගෙන් බෙදුවහම, ගෙනාපු ගාන නීතියට පටහැනි නැහැ. එක්කෙනෙකුට ලක්ෂ දෙකකට කිට්ටු වෙන ගානක් වැටෙන්නේ. (නදී)
ඇසළ Monday, 11 August 2014 10:28 AM
නොර්වේ අපේ හිතවතෙක් නොවේ. අපේ හතුරෙක්. උපන් රට පාවාදීලා ගන්න ඇති එහෙ පුර වැසි භාවය. මංකොල්ලකෑම් අනුමත නොකලත් මේක අනුමත කරමි. (දී)