IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නායකත්වය තිබුණත් නැතත් මා ඒ ගැන කරදර වෙන්නේ නෑ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය තමන්ට තිබුණත් නැතත් තමන් ඒ සම්බන්ධයෙන් හිත කරදර කරගන්නේ නැතැයි තිලකරත්න ඩිල්ෂාන් පසුගිය සිකුරාදා කිම්බර්ලි නුවරදී පැවසීය. ”මම තරුණ කී‍්‍රඩකයන් එක්ක අභියෝගයක් බාරගත්තා. මම තරුණයන්ට තැන දෙනවා” ”තව වසර තුන හතරකින්, තරුණ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දස්කම් පෙන්නවනවා මට වාඩිවෙලා බලා ඉන්න පුළුවන්. මගේ අරමුණ ඒකයි” යයිද ඩිල්ෂාන් කිම්බර්ලි නුවරදී පැවසීය. තමන් නායකත්වය බාරගත්තේ ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවකදී බවද ඩිල්ෂාන් පැවසීය. ”හැමෝම අයින් වුණා. නායකත්වය බාරගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවාම මම අභියෝගය බාරගත්තා. මගේ නායකත්වය මම සතුටින් කරගෙන යනවා” යයිද ඩිල්ෂාන් පැවසීය. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බොහෝ භූමිකා බාරගෙන ඇති කී‍්‍රඩකයන් කිහිප දෙනාගෙන් ඩිල්ෂාන්ද අයෙකි. ”මම හැම දෙයක්ම කළේ රට වෙනුවෙන්” ”ඔවුන්ට  ඕනෑ වුණාම මා කඩුලූ රැක්කා, ඔවුන්ට  ඕනෑ වුණාම මා ආරම්භක පිතිකරුවා ලෙස කී‍්‍රඩා කරලා ඊට පස්සේ අංක 6 පිතිකරුවා ලෙසත් කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය. පිතිකරුවකු සහ කඩුලූ රකින්නකු වශයෙන් කී‍්‍රඩා කිරීමට අමතරව ඩිල්ෂාන් අවස්ථානුකූලව පන්දු යැවීමටද ඉදිරිපත් වන අතර පිටියේ  ඕනෑම තැනක විශිෂ්ට පන්දු රකින්නකුද වෙයි. නායකත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන ප‍්‍රවෘත්ති නිසා අසහනයට පත්ව සිටීද යන්න කළ විමසුමකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ ඒ ගැන තමන් කරදර නොවන බවත් නව තේරීම් කමිටු සභාපතිවරයා සිකුරාදා තමන්ට කතා කළ අවස්තථාවේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළ බවත්ය.



අදහස් (0)

නායකත්වය තිබුණත් නැතත් මා ඒ ගැන කරදර වෙන්නේ නෑ

ශ්‍රීනාත් දයානන්ද Monday, 23 January 2012 10:47 AM

ඔව් දිල්ෂාන් ඔබ හරි. අපට දැන් තමයි වැටහෙන්නේ. අපි ක්‍රිකට් ලෝලීන් විදිහට බලන කොට තරගාවලි කිහිපයක් එක දිගට පරාජය වන කොට ඇත්තටම දුක හිතෙනවා. ඒ අපි සැබෑම දේශප්‍රේමීන් නිසා. ඉතින් ඒ අවස්ථාවේදී ඇතිවන ආවේගයට ක්‍රිකට් කණ්ඩායම විවේචනය කරනවා. ඒත් ඔබ නිවැරැදි බව අපට වැටහෙනවා.

:       0       0

මනෝජ් Monday, 23 January 2012 10:51 AM

දිල්ෂාන් ඔබ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ලංකාවට ඔබ සම්පතක්. පරාජය තමයි දිනීමේ මූලික අඩිතාලම. ඔබට සුබ පැතුම්

:       0       0

සුමිත් කුමාරසිරි Monday, 23 January 2012 10:57 AM

ඔබට කළ හැක. ඔබයි හොදම අවංක පුද්ගලයා

:       0       0

සසන්ක Monday, 23 January 2012 11:33 AM

ඔබට ජය

:       0       0

නිෂාන්ත Monday, 23 January 2012 01:12 PM

දිල්ෂාන් ඔබ හොද නායකයෙක්. ඒත් ඔබ නායකත්වයෙන් සමුගන්නව නම් ඔබට හොද ගමනක් යා හැකියි

:       0       0

නිශාන්ත Monday, 23 January 2012 01:03 PM

දිනුම පැරදුම කාටත් එකයි. අපටනම් දිල්ෂාන්ගේ වරදක් පේන්නේ නෑ.

:       0       0

සුමන මනන්දූව Monday, 23 January 2012 01:43 PM

හිතවත් දිල්ෂාන් ඔබට නායකත්වය තවම බරවැඩියි කියලා මම හිතනවා

:       0       0

කෝලිත Monday, 23 January 2012 01:44 PM

මෙන්න නියම කොල්ලෙක්

:       0       0

ඉන්දිකා Monday, 23 January 2012 03:48 PM

නායකත්වයේ වරදක් මා දකින්නේ නැහැ. නමුත් ක්‍රීඩකයෝ ටික තේරීම් කමිටුව නිසා අපහසු තත්ත්වයකට පත්වෙලා. එයාලා භයයි එක තරගාවලියකින් අසමත් වුණොත් අනෙක් තරගාවලියන්ටත් නොතේරේවි කියා. මෙහි මානසික වැටීමක් තිබෙනවා.

:       0       0

ලක්ෂිත අකලංක Thursday, 26 January 2012 08:59 AM

You are great dilshan.wish u all the best... ඔබ අති විශිෂ්ඨයි ඩිල්ෂාන්. සුබ පැතුම්

:       0       0

ක්‍රිෂාන් විතාන Monday, 23 January 2012 04:25 PM

දැන්වත් දිල්ෂාන්ට නිදහසේ ක්‍රීඩාව කරගෙන යන්න ඉඩ දිය යුතුයි

:       0       0

මොහමද් Monday, 23 January 2012 05:03 PM

නායකත්වය පිලි ගත්තාට පසුව දිල්ෂාන්ගේ පිතිහරබය සෑහෙන පසුබෑමකට ලක් වුනා, මගේ අදහස නම් නායකත්වයෙන් ඉවත් වී සුපුරුදු දස්කම් වෙන්වීම අපි කාටත් හොදයි. මහේල ආයෙත් නායකත්වයට ඒම සරල නැහැ, ඊලග ලෝක කුසලානය හිතෙහි තබාගෙන තරුණයෙක් නායකත්වයට ගෙන එන එක තමා ඉතාමත් හොද. අපේ කණ්ඩායමට සුභ අනාගතයක්.

:       0       0

ෆාරු Monday, 23 January 2012 05:47 PM

නිවැරැදි තීරණයක් ගන්න සුබ පැතුම්

:       0       0

නිමල් Monday, 23 January 2012 05:55 PM

ඔහුට තවදුරටත් නායකත්වය දිය යුතුයි. තරග පරාජයන්ට ඔහු පමණක් වගකිව යුතු නැත

:       0       0

අසේල Monday, 23 January 2012 06:08 PM

ඩිල්ෂාන් ඇත්තටම ඔබ විශිෂ්ඨයි. 2011 ලෝක කුසලානයේදී එය හොදින් ඔප්පු වුණා. ඇත්තටම ඔබ අවංකයි. ඔබට සුබ පැතුම්

:       0       0

ගුනේ Monday, 23 January 2012 08:14 PM

තරග පරාජයන්ට ඔබ පමණක් වගකිව යුතු නැහැ

:       0       0

නදීෂ් Monday, 23 January 2012 08:16 PM

ඩිල්ෂාන් ඔයා ‍දක්ෂයි. අපි ඉදිරියටම යමු.

:       0       0

නදීෂ් Monday, 23 January 2012 08:11 PM

ඔබ නිවැරැදියි ඩිල්ෂාන්. අපි එකගයි ඔබ සමග

:       0       0

සුසිල් Monday, 23 January 2012 09:11 PM

ඩිල්ෂාන් මම හිතන්නේ ඔයා නායකත්වයෙන් අයින් වෙන එක හොදයි. මම හිතනවා දැන් ඔබට කිසි බරක් නැතිව ක්‍රීඩා කරන්න පුලුවන්

:       0       0

රණවීර Tuesday, 24 January 2012 12:28 PM

තීරණය ගොඩාක් හොදයි

:       0       0

බෙනිත් Tuesday, 24 January 2012 12:58 PM

දැන්වත් හොද වෙනසක් බලමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site