IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නිමල් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙයි

(ඩයනා උදයංගනී)

වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාල ලිපිය ජනාදිපතිවරයාට යොමු කර ඇතැයි ද වාර්තා වෙයි. 

වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස්වලට අනුව මෙම තීරණය ගෙන ඇත.

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති අතර, පරීක්ෂණ කටයුතු නිමවන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළ බවත් ඊට අදාල ලිපිය යොමුකර ඇතැයි ද වාර්තා වෙයි.

 



අදහස් (18)

නිමල් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙයි

sena Wednesday, 06 July 2022 01:18 PM

යනවානම් ලොක්කනේ, ඉස්සර වෙලා යන්න ඕනේ අයට විරුද්ධව කොච්චර චෝදනා තියෙනවද?

:       5       50

swene Wednesday, 06 July 2022 02:07 PM

මෙච්චරකල් කොතරම් චෝදනා හමුවේ වුවත් පරීක්ෂණවලට උදව් දෙමින් කවුරුවත් ඉල්ලා අස්වූයේ නැහැ. චෝදනාවලට ඉල්ලා අස්වෙනවා නම් කියක් අස්විය යුතුද? මේ කරන සෙප්පඩ විජ්ජාව අපට නම් තේරුම් ගන්න බැහැ..!

:       1       35

ranjith Wednesday, 06 July 2022 02:12 PM

SLFP එකට හොරෙන් ගිහින් ඇමැතිකම් ගත්තු අය .... දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදෙන හැටි...

:       4       26

කෝරළගේ Wednesday, 06 July 2022 03:04 PM

මේ නාකි පඩන්ගු දැනට අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ.....රටට කරපු කිසිම දෙයක් තියෙනවද??? එහාට මෙහාට පැන පැන හොරාකාල රට නැත්තට නැති කලා.මුන්ට හෙනම පත්තුවෙන්න ඕන.

:       0       0

කෝරළගේ Wednesday, 06 July 2022 03:04 PM

මේ නාකි පඩන්ගු දැනට අවුරුදු 25ක් විතර පාර්ලිමේන්තුවේ.....රටට කරපු කිසිම දෙයක් තියෙනවද??? එහාට මෙහාට පැන පැන හොරාකාල රට නැත්තට නැති කලා.මුන්ට හෙනම පත්තුවෙන්න ඕන.

:       0       0

thusha Wednesday, 06 July 2022 03:10 PM

මේ කරන සෙප්පඩ විජ්ජාව අපට නම් තේරුණා...

:       1       21

ravin Wednesday, 06 July 2022 03:11 PM

හැංගිලා හිටපු නඩය ටික ටික එළියට බහින්න වගේ... නැවතත් මාල හොරා, කසිප්පු කාරයා, කප්පම් කාරයා යන ආදී කට්ටිය අලු ගසලා නැගිටින්න වගේ හදන්නේ..!

:       1       22

sharm warn Wednesday, 06 July 2022 03:12 PM

බැසිල්ගේ තවත් තිර පිටපතක්... මේකත් ෆේල්... හැබැයි බයියන්ට මේවා හරි විහිළු...

:       3       23

susantha Wednesday, 06 July 2022 04:07 PM

ජපන පගාව නොදෙන නිසා තමයි සැහැල්ලු ඩුම්‍රිය ව්යපෘතියත් විසි කරල දැම්මෙ මොල හතෙ පල් හොරා සහ අනිත් හොර නඩය. චීන ඔන එකෙකුට ඉල්ලන තරමක් කොමිස් දෙන නිසා චීන පස්සෙ ගියා, තමන්ගෙ පුද්ගලික වාසියට, රටට කෙලවෙලාම යන්න. දැන් චීනගෙන් වැඩි පොලියට, අඩු කා‌ලෙකින් ගෙවන්න සහ රටට පලක් නැති ව්‍යපෘති කරන්න ගත්ත බිලියන ගැනත් නාස්ති කරන නය නිසා රටටම කෙලවිලාම ගිහිල්ල. හැබයි පල් හොර තක්ක්ඩින්ගෙ සාක්කු නම් පිරිල. මෙ පල් හොර තක්කඩි මෙච්චර රටට කෙලවිල තියන වෙලාවෙත් හිනා වෙවි තමන්ගෙ සාක්කු පුර්වගන්න දගලනව මිසක් රට මෙ අර්බුදයෙන් ගොඩගන්න කිසිම අදහසක් නෑ. මුන්ගෙ පවුල් පිටින් කුනුවෙලා යන්න ඔන.

:       1       25

Hafeel Wednesday, 06 July 2022 04:24 PM

මෙයා බය වෙන්න ඕන නැහැ. පරීක්ෂණ නේද. මේවා පරීක්ෂණයට පමණක් සීමා වනවා මිස දඬුවම් නැහැ. නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන්ගේ පැන්ඩෝරා වාර්තාව පිළිබඳවත් පරීක්ෂණ කළා. ඒ වගේම ලොහාන් රත්වත්ත එල්ලුම් ගහ පෙන්නන්න ගිය එකටත් පරීක්ෂණ කළා. මොකද්ද වුනේ?

:       1       28

BamunuarachchiThursday, 07 July 2022 06:36 AM

නීතිය හරියට කෙරෙන නිසයි හම්බ සෙට් එකත් බේරුනේ. ඒක හිතේ තියාගෙන කතා කරන්න....!

:       0       0

D.m.premaratna.n Wednesday, 06 July 2022 05:33 PM

බදුල්ලෙ වරායක්වත් හදමුද

:       0       0

අසෝක Wednesday, 06 July 2022 06:29 PM

ජපන් එම්බසියෙන් පැමිණිල්ලක් කරලා පගාව ඉල්ලුව කියලා. ඒකයි හුටපටේ. මූ කොහොමත් ජරාපප්පා. 226 ම ජරා බායිලා. රටක් හරියන්නේ කොහොමද ¿?????

:       0       0

Bamunuarachchi Wednesday, 06 July 2022 07:18 PM

චෝදනාව බොරුවක් නම් චෝදනා කල තැනැත්තා කකුල් දෙකෙන් එල්ලා තෙල් හිඳින්න.

:       0       0

මේනකා Wednesday, 06 July 2022 07:30 PM

මහින්ද, ප්‍රේමදාස පවුලට පොරොන්දු වූ පරිදි සජිත් හෝ දුලාංජලී හෝ කිසිවෙකුට හානියක් නොකළේ ය. ඒ දෙදෙනා පමණක් නොව හොර නොට්ටු ගෙදර ගොඩ ගසා තියාගෙන මාට්ටු වූ ක්‍රිෂාන්ත රෝලින්ටද හානියක් නොකෙළේ ය. හොර නෝට්‍ටු කේස් එක යට ගසන ලෙස සෑම මාධ්‍ය ආයතනයකටම නියෝග දුන්නේය. නමුත් අද වන විට සජිත්ගේ හොර නෝට්‍ටු කේස් එකේ ලිපි ගොණුව ඇත්තේ නාමල් බාරයේ ය.

:       0       0

pakeer Wednesday, 06 July 2022 10:09 PM

මෙයාව වදාපු අයටත් හෙණ ගහනවා...

:       0       0

Stanley Thursday, 07 July 2022 01:52 PM

මේ 225ම කරපු දේවල්වලට ඔවුන්ගේ දරුවන්ටත් සාප වෙන්න ඕනෑ. මොකද මුළු රටක්ම දරුවන්ගේ අනාගතය කාලා විනාශ කරලාම දැම්මා. ඇයි තවත් එල්ලිලා ඉන්නේ..? මොවුන්ට මග යන්න පණ නෑ. කතා කරගන්න බෑ. මේ රටට, ජාතියට, ආගමට, කරපු විනාශයට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අනුව පාරක් පාරක් ගානේ මේ සේරම මකබෑවිලා යන්න කියලා සාප කරනවා... !

:       0       0

Nihal Harischandra Thursday, 07 July 2022 07:58 PM

සිරිපාල හිටියත් වැඩක් නෑ. වැඩේම නිදාගන්න එකනේ. මෙයා ඉල්ලා අස්වුනේ, ගෝඨාභය කියපු නිසා. නැත්නම් ඕක ජීවිතේට යන්නේ නෑ. ජපානයේ කොම්පැනි එකකින් අල්ලස් ඉල්ලපු කතාව ඔප්පු වුණොත්, එල්ලා මැරිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site