IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන කෙනෙක් පැවසී යැයි වෙළෙඳ වාණිජ, ආහාර සුරක්‍ෂතා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

අම්මට තාත්තට තම දරුවාට පොතක් පැන්සලක් අරගෙන දෙන්න බැරි තරමට ආර්ථිකය වට්ටලා තියෙනවා.දරුවන්ට ඉගෙන ගන්න පසුබිම ඇහිරූ අය අධ්‍යාපනය ගැන කතා කරන්නට පටන්ගෙන තිබෙනවා.නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම ඉල්ලන්නේ නැති දැයි සමහරු අහනවා.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා කොට ඔහුට කළ මරණ තර්ජන ගැන අපට පැවසුවා.නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබපු කෙනෙක් අප සමග කිව්වා.ඒ පරීක්ෂණය පටන් ගත්තාම ඕන වෙලාවක ලංකාවට එන්න ඔහු සූදානමින් ඉන්නවා.මොහු නීතිඥයෙක් වෙන්න රටේ සමස්ත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළා.තාත්තා ජනාධිපති වීම නිසා මේ දේශපාලන බලය පාවිච්චි කළා. ඊට පසුව අපරාධ විද්‍යාව ගැන පශ්චාත් උපාධිය කරන්නත් 2011 වසරේ ආවලු.ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය හදාරන්න දීලා නෑ. ඊට පසුව ඒ මහාචාර්යවරයෙක්ට එකල උප කුලපති තර්ජනය කර තිබෙනවා.මේ අය නම් ඉස්සරහට කෑලි දාගන්න හැදුවේ ඔහොමයි.



අදහස් (11)

නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි

යෝගා Tuesday, 17 December 2024 05:01 PM

ඉතින් කියව කියව ඉන්නේ නැතුව බලය තියෙන වෙලාවේ ඕක ඔප්පු කරලා නීතිඥකම ගලවලා දාන්නකෝ. ඇමති කෙනෙක් වශයෙන් ගමේ පුරුද්දට ඕපාදූප කියවන්නේ නැතුව. වැඩේ හරියට කලොත් නාමල්ගේ ඡන්ද ටිකත් තමුන්ට ලැබෙයි.

:       2       127

JanaTuesday, 31 December 2024 06:45 AM

මේ මිනිහා දවසක එන්පිපි විනාශ කරයි. අනුර ජනපතිතුමනි මේ ගැන අවධානය යොමු කළ යුතුයි

:       0       8

karolis Tuesday, 17 December 2024 05:27 PM

හරි ඉතින් සන්දර්ශන තියන්නේ නැතුව කයිවාරු ගහපු විදියට අදාළ නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න. අර ෆයිල් තියෙනවා මේ ෆයිල් තියෙනවා කියල තවදුරටත් බොරු කර කර රට්ටු හිනස්සන්නේ නැතුව.

:       1       81

අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:46 PM

නාමල් එංගලන්තයේදී බැරි - ස්ටාර් විභාගයට ලියලා ඉහලින් සමත් වෙලා මහ රැජින ඉස්සර දිවූරුම් දුන්නා කියලා වසන්ත දන්නේ නැතුව ඇති. ඒ නිසා නාමල් හාමුට විරුද්ධව ද්වේශ සහගත සිතින් බොරු කියන්නේ

:       66       15

විපරමා Tuesday, 17 December 2024 06:51 PM

හොර පෙරකදෝරුවා කියලා ඒ කාලේ ඉඳලම ප්‍රසිද්ධ වෙලා හිටියේ?

:       64       17

prasanna Tuesday, 17 December 2024 08:06 PM

ඔයාට වඩා නාමල්ට හොඳ ඉගෙනීමක් තියෙනවා.

:       13       59

Donal Tuesday, 17 December 2024 10:38 PM

තවම පච විදීම කරනවා.

:       8       62

රසික Tuesday, 17 December 2024 11:16 PM

අදාල නෑනේ සුදූ. ඕවා දැන් අවුරුදු ගාණක ඉදන් කිය කිය හිටියාට උසාවියක් නඩුවක්වත් ෆයිල් කරලා නෑනේ ඔයගොල්ලෝ. අනික මේ පාර මිනිස්සු ඡන්දෙන් ඔයගොල්ලන්ව පත් කලේ උන් හොරු කියලා ඔයාලා කියපුවා විශ්වාස කරලා. ඒ වගේම ඔයාලම කිව්වනේ ඔයාලා නම් හොර බොරු වංචා කරලත් නෑ. කරන්නෙත් නෑ කියලා. දැන් නිකම් බොරුවට කෑගහන්න එපා. අරූ එහෙමයි, මූ මෙහෙමයි කියලා. බලනකොට උබලාත් එහෙමම තමයි.

:       5       62

Lakmal - Katunayaka Wednesday, 18 December 2024 10:22 AM

අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .අවිධිමත් ලෙස විභාගය කලානම් උපාධිය අහෝසි කල යුතුයි

:       39       51

nilu Sunday, 22 December 2024 03:23 AM

මෙතුමා වැඩ කරන්නේ නැතිව බොරුවට කා කෝ ගහනවා. පළමුවෙන්ම තමන්ගෙන් රටට දෙයක් කරන්න.

:       2       43

Nishan Monday, 30 December 2024 03:26 AM

ඔයා ආවාට පස්සේ බඩුමිල හොඳටම වැඩියි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13299 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site