IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නොමනා හැසිරීම ගැන පරීක්‍ෂණ කි‍්‍රකට් ආයතනයෙන් විනය කමිටුවට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පරිශ‍්‍රයේදී පසුගියදා සිදුවූ නොමනා කි‍්‍රයාව සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් බාර දෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක සභාව පෙරේදා (18 වැනිදා) එහි විනය කමිටුවට උපදෙස් දුන්නේය. සිද්ධියේ බරපතළ තත්ත්වය විශේෂයෙන්ම සැලකිල්ලට ගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්‍ෂණයේ වාර්තාව මේ මස 27 වැනි සඳුදාට පෙර බාර දෙන ලෙසද විනය කමිටුවට උපදෙස් දී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව සැණෙකින් කි‍්‍රයාත්මක වී ඇති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීහු එහි විධායක සභාවේ හදිසි කැඳවීමක් පෙරේදා පෙරවරුවේදී පැවැත්වීය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය, එහි කීර්ති නාමයට හානිකර විය හැකි එවන් නොමනා කි‍්‍රයා කිසි සේත්ම සුළුකොට නොතකන බවත්, යම් හෙයකින් චෝදනාවන්ට අදාළ පුද්ගලයන් වරදකරුවන් බව සනාථ වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් තදබල කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවත් නිවේදනය කරයි. එලෙසම මෙම චෝදනාවට සම්බන්ධ පාර්ශ්වයන් නිර්දෝෂී බව හෙළිදරව් වුවහොත්, එවන් චෝදනා ඉදිරිපත් කළ අය විනය කමිටුව හමුවට පැමිණවීමට පියවර ගන්නා බවත් එම මාධ්‍ය නිවේදනයෙන් කියැවේ. මෙම චෝදනා සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය අද (20 වැනිදා), පැවැත්වීමට නියමිත බවත්, ඒ වෙනුවෙන් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට තවත් පාර්ශ්වයක් සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත. කෙසේ වෙතත් අදාළ සිදුවීම සියැසින් දුටු තැනැත්තා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අයතනයේ උසස්ම නිලධාරියකු හමුවේ සමස්ත සිදුවීමම මේ වන විටත් හෙළිදරව් කර ඇතැයිද කියැවේ. මෙම සිදුවීමට සමබන්ධයෙන් චෝදනා ලැබූවන් අතර විදේශිකයකුද වන එහෙයින් එම විදේශිකයා නියෝජනය කරන රටේ සහ සමාගමේ හොඳ හිත තබා ගැනීම පිණිස අදාළ සිදුවීම යට යාමට ඉඩ ඇති බවත් කියැවේ. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළම මට්ටමේ නිලධාරීන් අතර මෙතෙක් පැවැති සීතල යුද්ධය කරළියට ආ හැකි බවත් තතු දන්නෝ වැඩි දුරටත් පවසති. නියෝජ්‍ය පොලිස්පති කැමිලස් අබේගුණවර්ධන සහ ජනාධිපති නීතිඥවරුන් වන පාලිත කුමාරසිංහ සහ ඩිනාල් පිලිපිස් යන මහත්වරු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනය කමිටුවේ සාමාජිකයෝ වෙති



අදහස් (0)

නොමනා හැසිරීම ගැන පරීක්‍ෂණ කි‍්‍රකට් ආයතනයෙන් විනය කමිටුවට

සිසිර කුමාර Monday, 20 August 2012 10:03 AM

ඔකේ ඉන්න ගොඩාක් අය ඔය වගේ තමයි. (අ)

:       0       0

ප්‍රවීන් Monday, 20 August 2012 10:57 AM

දැන් කමිටුව කියයිද දන්නෙ නැහැ සීසීටිවී කැමරා සවි කරන්න කියලා (නි)

:       0       0

සේනානායක Monday, 20 August 2012 12:08 PM

කොහොමත් කට්ටිය ඉතිං සල්ලි උඩම කරණම් ගහන නිසා ඔවැනි නොමනා වැඩ කොතෙකුත් වෙනවා ඇති, ප්‍රසිද්ධ නොවුණට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site