IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නත්තල් පාටිය අටක් රෝහලට යවයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ කමතවත්ත පාර ප්‍රදේශයේ පදිංචි (18 -36) වයසේ පසුවන අට දෙනකු බව පොලිසිය කියයි.

අම්බලන්ගොඩ හෙරලියාවල කමතවත්ත පාර ප්‍රදේශයේ නිවසක නත්තල වෙනුවෙන් (25) දා සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පැමිණි පිරිස සාදය පවත්වමින් සිටියදී ඊට යාබද නිවසක පිරිසක් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යකඩ පොලු , මුගුරු අතැතිව සාදය පැවති නිවසට පැමිණ පහර දීමක් සිදු කර තිබේ.

එම අවස්ථාවේදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර විසි කැත්තකින් හා යකඩ පොලු වලින් පහර කා ඉන් තුවාල ලැබූ දෙපාර්ශවයේම 8 දෙනකු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසේ.

 



අදහස් (1)

නත්තල් පාටිය අටක් රෝහලට යවයි

Bunny Preena Thursday, 26 December 2024 09:05 AM

සාදයක් අවසානයේ ගහ මාරා ගත්තේ නැත්නම් එය සදායක් නොවේ. වචනයේ පරිසමාප්තයෙන්ම , මෙය අංග සම්පූර්ණ සාදයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site