IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නීතීඥ සංගම් සභාපති ආරක්ෂාව පොලිසිය බාර ගනී

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත්, ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබා දීම පිළිබඳ ඉල්ලීම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ට යොමු කර ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ පැවසීය.

නිවසේදී, කාර්යාලයයේ දී හා මගතොටේ දී ඔහුගේ ආරක්ෂාව ගැන සොයා බැලීමට  පොලිස් බුද්ධි නිලධාරීන් 27ක් යොදා ඇතැයි ද සේනානායක මහතා කීවේය.

  ජයසූරිය මහතා පැවසුවේ තමා එම බුද්ධි නිලධාරීන් නොහදුනන නිසා තමන් ලුහු බඳින්නේ බුද්ධි නිලධාරීන් ද නැතහොත් නාඳුනන පුද්ගලයන්ද යන්න ගැන ගැටළු ඇති විය හැකි බවයි. එබැවින් එම බුද්ධි නිලධාරීන් කවුදැයි තමාට පෞද්ගලික හදුන්වා දෙන ලෙස නීතීඥවරයා ඉල්ලීමක් කළේය.

ඒ ගැන සාකච්ඡා කර පසුව දැනුම් දෙන බව  සේනානායක මහතා කීවේය.

  ජයසූරිය පසුපස ගිය නාඳුනන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ විමර්ශනයෝ තොරතුරු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ නීතීඥවරයා පසුපස හඹා යන පුද්ගලයන් පැහැදිලිව සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති බවයි.

පෞද්ගලික හේතුවක් නිසා එම විමර්ශනවලින් තමා ඉවත්වූ බව කී නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශන සිදු කැරෙන බව ද සඳහන් කළේය.

පැමිණිල්ල ලබන 25 වැනි දා නැවත කැඳවීමට නියමිතය.



අදහස් (0)

නීතීඥ සංගම් සභාපති ආරක්ෂාව පොලිසිය බාර ගනී

අමාලි Monday, 11 August 2014 11:22 AM

තර්ජන ඇතිවෙන්න මොන විදියේ හේතු බලපානවද දන්නේ නැහැනේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 02:38 AM

මෙයාට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ මෙයාගේ හෘද සක්ෂියෙන්ම තමයි.(නදී)

:       0       0

ජයසිංහ Monday, 11 August 2014 11:22 AM

පෞද්ගලික හේතුවකට තර්ජන තියෙනවද දන්නේ නෑ (නදී)

:       0       0

රාමා Monday, 11 August 2014 11:32 AM

සම්පත් ඔයා හරි. මටත් ආරක්ෂාව ඉල්ලන්න ඕනා දෙනවද දන්නේ නැහැ. මමත් ලංකාවේ පුරවැසියෙක් (නදී)

:       0       0

ලංකා Monday, 11 August 2014 12:15 PM

සම්පත්, අගක් මුලක් නොදැන කතා කරන්න එපා. (නදී)

:       0       0

අප්පුහාමි Monday, 11 August 2014 03:45 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

උපාලි Monday, 11 August 2014 11:07 PM

සම්පත් බයයිද සීසීටීවී වලට? (නි)

:       0       0

සම්පත් Monday, 11 August 2014 11:02 AM

රටේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය කියන ආරක්ෂාව ලබා දෙනවද? මේක නිකම් රටේ මහජන මුදල් නාස්ති කිරීමක්. එයාට ඕනනම් පෞද්ගලික ආරක්ෂකයන් තියා ගත්තනම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ. (දී)

:       0       0

අපොන්සු Monday, 11 August 2014 11:19 AM

ආයුධ පෙන්නන්න එක්ක යාවිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site