IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 4 දෙනාට ඇප

(රෝෂන් තුෂාර)

ලංකා ධීවර සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක නියමිතය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මාළු වැකුම් කිරීමේ යන්ත්‍රයක් මිලදීගෙන රජයට රුපියල් ලක්ෂ 58 ක පාඩුවක්  කළේ යැයි  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  එම සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන් සිව් දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග  එස් බෝදරගම  මහතා අද (04) නියෝග කළේය.

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති කළුවඩන වලව්වේ ලලිත් දවුලගල,හිටපු කළමණාකාර අධ්‍යක්ෂ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත,සැපයුම් කළමණාකරු කුරුන්දුව හේවගේ විජිත් පුෂ්පකුමාර හා මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර සැකකරුවන්ට රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප අටක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.


2020 වර්ෂයේ දී ලංකා ධීවර සංස්ථාවට , පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව  වැකුම්  යන්ත්‍රයක් මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116.00 පාඩුවක් සිදු කර දුෂණයක් සිදුකිරීමේ චෝදනාව මත සැකකරුවන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙම මිලදී ගැනීම් ක්‍රියාවලියේදී  සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කර රුපියල් ලක්ෂයක මුදලක් සැපයුම්කාර ආයතනයෙන් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි කියන තෙවැනි සැකකරුවන  කුරුන්දුව හේවගේ විජිත් පුෂ්පකුමාර යන අයට එරෙහිව තවත් අල්ලස් පැමිණිල්ලක් අල්ලස් කොමිසම  ඉදිරිපත් කළේය.

වැකුම් යන්ත්‍රයේ මිලදී ගත් සැපයුම්කාර සමාගම වන යුරෝ මෙට් ෆුඩ්ටෙක් පුද්ගලික ආයතනය වෙත ගෙවිය යුතුව තිබූ රු. 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන්  රුපියල් ලක්ෂයක  මුදලක් තම පුද්ගලික ගිණුම් වෙත බැරකරවා ගැනීම තුළින් තුටු පඬුරක් ඉල්ලීම හා තුටු පඬුර භාර ගැනීම යන චෝදනාවට අදාළව ද එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 4 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site