IMG-LOGO

ධීවරයින්ගේ දිළිඳු බව නැති කරන්න නව ව්‍යාපෘතියක්

(කවිඳු දිල්ෂාන්)

දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබලගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය ඇක්වා ලයිව්ලිහුඩ් ව්‍යාපෘතිය (AquaLivelihood) හරහා මෙරට ධීවර පවුල් 800ත් 900ත් අතර ප්‍රමාණයකට ඍජුවම දරිද්‍රතාවෙන් මිදීමට අවස්ථාව ලැබෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බව ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පැවසීය.

එමගින් 30,000කට අධික පිරිසකට වක්‍ර ප්‍රතිලාභද හිමි වනු ඇති බව ඔහු කීය.

ඇක්වා ලයිව්ලිහුඩ් ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම සඳහා සාක් සංවිධාන අරමුදල (SDF) සහ සාමාජික රටවල ජාතික ආයතන සමග එක්ව පසුගියදා(05) කොළඹදී පැවති උත්සවයකදී හෙතෙම එම අදහස් පළ කළේය.

මෙරට පවතින මත්ස්‍ය පැටවුන්ගේ හිඟයට පිළියමක් ලෙස ප්‍රජාව විසින් මෙහෙයවන විමධ්‍යගත අභිජනන ඒකක පිහිටු වීම එහි තවත් ප්‍රධාන අරමුණක් බවද ධර්මප්‍රිය මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙරට මිරිදිය කර්මාන්තයේ පවතින ප්‍රධානම ගැටලු දෙකක් වන ගුණාත්මක මත්ස්‍ය පැටවුන්ගේ හිඟය සහ මත්ස්‍ය ආහාර සඳහා පවතින අධික වියදම යන ගැටලුවලට විසඳුම් සෙවීමද මෙහි මූලික අරමුණක් බව ඔහු පැවසීය.

තවද එම ව්‍යාපෘතිය යටතේ දේශීයව පවතින අමුද්‍රව්‍ය මගින් අඩු වියදම් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය වැඩි කිරීමටත් හැකි වන බවද හෙමෙ කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේ එම ව්‍යාපෘතියේ ඇති සුන්දරතම කොටස නම් එහි ප්‍රතිලාභීන්ගෙන් අවම වශයෙන් සියයට 30ක් කාන්තාවන් වීම බවය.

එහිදී කාන්තාවන් සහායකයන් වශයෙන් පමණක් නොව තීරණ ගන්නන් නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීම තුළින් පවුල් සහ ප්‍රජාවන් නගා සිටුවිය හැකි වන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාද අදහස් දැක්වීය.



අදහස් (0)

ධීවරයින්ගේ දිළිඳු බව නැති කරන්න නව ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 790 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site