
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයට අද(18) පැමිණි බවත් එම කාන්තාව පැමිණිලිකාරිය නොවන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
එම කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ වත්මන් පෙම්වතිය යැයි විශ්වාස කළ හැකි බව නිව්ස්.කොම් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව අද (18) එම නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව ආරම්භ විය.
නඩු විභාගය දින 4 ක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නැමැති මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගය ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා හඳුනාගත් බවත් සිද්ධිය සිදු වූ දා රාත්‍රියේ තම ජීවිතය පිළිබඳ බියක් දැනුනු අවස්ථා කිහිපයක් තිබුණු බවත් නඩු විභාගයේදී පැමිණිලිකාර කාන්තව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.එසේම තමාගේ කැමැත්තකින් තොරව සිදුවීම් කිහිපයක් එම රාත්රියේදී සිදු වූ එම කාන්තාව පවසා තිබේ.
COMMENTS
මුගේ ඉතුරු ටිකට කෙලින්ම තව සක්කරවට්ටමක් හොයාගෙන වගෙයි
ඕස්ට්‍රේලියාවේ ගෑනු කට්ටියක් කලු වල් එවුන්ට කැමැත්ත ඇති.මූ ජොබ් එකට ඒක කරනවා ඇති. ආයිත් ක්‍රිකට් ගැහිලිත් බෑ නේ.
අලුත්ම රැල්ල තමයි පිටරටින් සහකරුවන් සොයාගෙන ගොඩයාම. ලංකාවේ පිරිමින්ට ලේසියෙන් නඩත්තු කරන්න බැරි නිලියන්, ලංකාවේ ගේම් ගහලා හිරේ විලංගුවේ වැටෙන්න තියෙන කවුරුත් පිටරට කාගේ හරි බෙල්ලේ එල්ලෙනවා. ලේසියෙන්ම පුරවැසිකමත් ලැබෙනවා. තව මොනවද ඕන.
මේක ඉතාමත් ප්‍රයිවට් දෙයක් නේ .අපිට මොකටද කතා එක්ක ආවම
මේක හැදෙන එකෙක් නෙමෙයි. හරිනම් ගෑනු ළඟින්වත් යන්නේ නෑ මොළේ තියෙන එකෙක්නම්.