
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී ඇත.
අග්‍රාමාත්‍ය, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කරනු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂිම් මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය දී ඇතැයි වාර්තා වේ.
ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජන් මහතා ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
මේ අනුව කතානායකවරයා තීරක ඡන්දය පක්ෂව පාවිච්චි කිරීමෙන් යෝජනාව ස්ථිර කෙරුණු බව දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථීර කිරීමට අදාල යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(26) පෙරවරුවේ රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් නාට්‍යය නවත්තලා ඇත්තටම හොරු අල්ලයිද?
ඔබතුමාට සුබපැතුම්... කුඩු කාරයින්ටත් වඩා කැරලි කාරයෝ ටික අල්ලමු.
මිනිස්සුන්ට ගහන්න ආරක්ෂාව දුන්නු කෙනෙක්. වෙන රටක නම් පත්කරන්නේ නෑ
අහෝ ලාල් නොදුටු මොක් පුර
අනේ අපේ රටේ තත්වය පෙනව නේද නඩු බර ගානක් තියන ම්නිහ ලං කලාවේ පොලිස් පති පිටරට මිනිස්සු මේව දැනගත්තොත් අපිට පිටි පස්සෙන් හිනාවෙන්න. අයියෝ සාමී.
මේක නීති විරෝධියිනේ. උසාවියෙන් දඬුවම් ලබපු පුද්ගලයෙකුට පොලිස්පති වෙන්න තියා පොලිස් සේවයේ ඉන්නත් බැහැ.
රීලෝඩ් අහවරයි වාගෙ ...
යුක්තිය අඛණ්‌ඩව ඉදිරියට, දුප්පත් ජනතාවට ලොකුම උපකාරය ඒක දරුවෝ ටික විනාශයි,ගෑස් සිලින්ඩරක් වතුර මෝටර්යක් කිසිම දෙයක් තියන් නෑ,
එතුමාගේ ඇතැම් දේ ගැන අපටද ගැටළු තිබුණා.ඒත්, මේ ලෙස මත්ද්‍රව්‍ය ඇල්ලූ කාලයක් නම් තිබුණේ නැහැ. එතුමා විවේචනය කළ අප එතුමා කළ , අන් පොලිස්පති වරුන් නොකළ දේ ගැන අතිශයින්ම පුදුම සහගතයි. එම සේවය අගය නොකළහොත් , එය කුහක කමකි. ඕනෑම දෙයක් සියයට සියයක් සර්ව සම්පූර්ණ ලෙස කිරීමට කිසිවෙකුට නොහැකියි.එය සත්‍යයකි.එබැවින් , දේශබන්දු තෙන්නකෝන් මහතාටද සීයට සීයක්ම යමක් කළ නොහැකිය.ඒත් , එතුමා මේ සිදුකළ සේවය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අන්ද මන්ද වී ඇත.එය සත්‍යයකි.
එකම සුදුසුකම දේශපාලුවන්ට වන්දනාමාන කිරීමයි
යුක්තිය ඉවරයි... අයුක්තිය පටන් ගත්තා...
කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගේ වුණොත් හොඳයි..!
හොරෙක් හදපු රටක් කොහේද හලෝ..?
ජනාධිපතිවරණට පිනා ඇතුළු කළ කල්ලිය ලකලැහැස්ති වෙනවා...!
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දක්වා දිවෙන බොහෝ දුම්රිය තුළ හොර කල්ලි රජවීම නිසා දුම්රිය මගීන් විඳිනා පීඩාවල නිමක් නැත. මෙසේ බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීම නිසා විශාල සෙනඟක් කිටිකිටියේ තෙරපී ගමන් කිරීම හොරුන්ට ඉමහත් වාසියකි. දුම්රිය ආරක්ෂක හමුදාව නිළ ඇඳුමට පමණක් සීමාවීමත්, දුම්රිය බලධාරීන් තම ලාභය ගැන පමණක් ගැන සිතීමත් නිසා මේ තත්වය ඇතිවී තිබෙන බව පෙනේ. ගත වූ කෙටි කාලය තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වූ තරුණියන් සිව් දෙනෙකුගේ ජංගම දුරකථන සූක්ෂම අයුරින් සොරා ගැනීම සිදුවිය. මාතර පොලීසියේ මේ පිළිබඳව පැමිණිලි සටහන්ව ඇත. මේ අය අතර විශ්ව විද්‍යාල සිසුවියන්ද වෙයි. ඔවුන්ගේ දේශන අඩංගු තොරතුරු නොමැතිවීම නිසා විඳිනා දුෂ්කරතා බොහෝයි. සංචාරකයින්ගේ බෑග් සොරා ගැනීම දුම්රියේ සිදුවෙන සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. නොදන්නා දේ තවත් කොපමණ ඇතිද? මේ නැති වූ ජංගම දුරකථන මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒවා අමතර කොටස් ගැනීමට ජංගම දුරකථන අළුත්වැඩියා කරන ආයතනවලට විකිණීම නිසා යැයි සිතිය හැකියි. පොලිස්පතිතුමා මේ සම්බන්ධව ඉක්මන් සුදුසු පියවරක් ගන්නේ නම් එය මහඟු සේවයක් වනු ඇත. ස්තූතියි...!
තිරිවානා ගල් යට ගිහින් ගොමරිටි උඩට ඇවිත්...
මහජනයාගෙන් ගුටිකාපු එකම පොලිස්පති...!